Glass Skin එකකට කෝමාරිකා

සහල් සේදූ වතුර තේ හැඳි දෙකක් , කෝමාරිකා යුෂ තේ හැන්දක් මිශ්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි දහයක් පමණ කාලයක් තබා මද උණුසුම් වතුරෙන් ඉවත් කර තෙත මාත්තු කර මොයිසරයිසර් ආලේප කරන්න. 

කෝමාරිකා යුෂ තේ හැන්දක්, කහ කුඩු ස්වල්පයක් ,මුල්තානි මිටිටි තේ හැඳි භාගයක් මිශ්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි දහයක් තබා මද උණුසුම් වතුරෙන් සෝදා තෙත මාත්තු කර මෝයිසරයිසර් ආලේප කරන්න. 

කෝමාරිකා යුෂ තේ හැඳි දෙකක්, මී පැණි තේ හැන්දක්, සිහින්ව අඹරා ගත් ඕඩ්ස් පිටි තේ හැඳි භාගයක් මේ සියල්ල හොඳින් මිශ්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි දහයක් පමණ තබා මද උණුසුම් වතුරෙන් සෝදා තෙත මාත්තු මොයිසරයිසර් ආලේප  කරන්න. 

කෝමාරිකා යුෂ තේ හැඳි දෙකක් , මී පැණි තේ හැන්දක්, සහල් සේදූ වතුර තේ හැඳි භාගයක් මිශ්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි දහයක පමණ කාලයක් තබා මද උණුසුම් වතුරෙන් සෝදා ඉවත් කර තෙත මාත්තු කර මොයිසරයිසර් ආලේප කරන්න. 

සතියකට දින දෙකක් මෙවැනි ආලේපන භාවිත කිරීම ප්‍රමාණවත් වන අතර ඇස් /තොල්වල ආලේප නොකරන්න.  මෙම ආලේපනයෙන් පස්සේ තද අව්වට නිරාවරණය වීමෙන් වළකින්න. 

මෙම සත්කාර වලින් ලැබෙන අතුරු වාසි. 

මැරුණු සම ඉවත් වීම සම සුමුදු කර දීප්තිමත් බව ලබාදීම ,සම ඒකාකාරී පැහැපත් බවක් ලබා දීම, තෙතමනය, අඳුරු ලප කැළැල් හොඳින් ඉවත් කරවයි.

භාවිතයේදී සැලකිලිමත් වන්න
මෙවැනි ආලේපන සතියකට දින දෙකක් පමණ භාවිත කිරීම ප්‍රමාණවත්ය. ඇස් සහ තොල් අවට ආලේප නොකරන්න. ආලේපනය භාවිත කිරීමෙන් පසු තද අව්වට සෘජුව නිරාවරණය වීමෙන් වළකින්න.

මෙම සත්කාර මඟින් මැරුණු සම ඉවත් කිරීමට, සම මෘදු කිරීමට, දීප්තිමත් පෙනුමක් ලබාදීමට සහ සමේ තෙතමනය පවත්වා ගැනීමට උපකාරී විය හැකිය. කෙසේ වෙතත්, ලප කැළැල් දිගින් දිගටම පවතින්නේ නම් හෝ වැඩිවන්නේ නම්, සුදුසු චර්ම රෝග විශේෂඥ උපදෙස් ලබාගැනීම වඩාත් සුදුසුය.

සටහන - මහේෂානි මීගහපොල.
උපදෙස් - රූපලාවණ්‍ය ශිල්පිනි වසන්තා සුදර්ශනී හේරත්. 

වවුනියාවේ ලැව් ගින්න ගුවන් හමුදාව මැඩගත් අයුරු Read Previous

වවුනියාවේ ලැව් ගින්න ගුවන් හමුදාව මැඩගත් අයුරු

අඳුරු ලප ඉවත් කරන ගස්ලබු Read Next

අඳුරු ලප ඉවත් කරන ගස්ලබු

Realted Post

Leave a comment