MY WEDDDING - වෙනස් පාටක් හැඩයක්

විවාහ මංගල්‍යය සඳහා ඇඳුම් තෝරා ගැනීමේදී සිතිය යුතු කාරණා කිහිපයක්  තිබෙනවා. ඔබේ පුද්ගලික රුචිය, සංස්කෘතික සම්ප්‍රදාය,මංගල උත්සවයේ තේමාව වගේම තෝරාගන්නා වර්ණය ඔබට කොයි තරම් ගැළපෙනවද  යන්න ඒ අතර තිබෙනවා. වර්තමානයේදී සාම්ප්‍රදායිකව රන්, අයිවරි, සුදු වගේ පාටවලින් හැඩවෙනවාටත් වඩා බොහෝ මනමාලියන් වෙනත් සහ වෙනස් පාට ගැන උනන්දු වෙනවා.

මේ ලෙස  තෝරාගත හැකි  වර්ණ මොනවාද?

  • සාරවත් රන් පැහැය

සුන්දරත්වය, සාරවත්බව, වාසනාව නියෝජනය කරන වර්ණයක් තමයි රන් පැහැය. සාම්ප්‍රදායික උඩරට මංගල උත්සවවලදී බොහෝවිට අයිවරි හෝ තද රතු වර්ණය සමග රන් පැහැය යොදා ගන්නවා. ඒ වගේම ආසියානු කාන්තාවන්ගේ සමේ වර්ණයට බොහොම හොඳින්ම ගැළපෙන වර්ණයක් විදියටත් රත්තරන් පාට සැලකෙනවා.

  • සුන්දර සුදු සහ අයිවරි

මනමාලියන් අතර ප්‍රසිද්ධම වර්ණය විදියට මේ වර්ණ හඳුන්වන්න පුළුවන්. මනාමාලියකගේ සුන්දරත්වය පෙන්වන  සුදු පැහැය බටහිර සහ ශ්‍රී ලාංකික විවාහවලදී සාම්ප්‍රදායික වර්ණයක් ලෙස යොදා ගන්නවා. ඒ වගේම ඕනෑම සමකට ගැළපෙන පාටක් විදියටත් මේ වර්ණ හඳුන්වන්න පුළුවන්.

  • අනුරාගී රතු

ආදරය, ආශාව, අනුරාගය සහ උණුසුම්භාවය පෙන්වන වර්ණක් විදියට රතු පාට සැලකෙනවා. ලංකාව ඇතුළු බොහෝ ආසියානු රටවල මංගල්‍යයෙන් පසු උත්සවය උදෙසා රතු පාට යොදා ගන්නවා. ඒ වගේම බොහෝ ආසියාතික සංස්කෘතින්වලදී මංගල ඇඳුම් සඳහා රතු ජනප්‍රිය වර්ණයක්. ඒ වගේම රන් ආභරණ රතු පැහැ මංගල ඇඳුමට හොඳින්ම ගැළපෙනවා. මීට අමතරව මේ දිනවල යුවතියන් අතර මංගල ඇඳුම් සඳහා ප්‍රසිද්ධ වර්ණ කිහිපයක්.

  • විලාසිතා මවන නිල්

සාප්ෆයර් සිට ළා නිල් වර්ණය දක්වා නිල් පැහැය විවිධ මංගල ඇඳුම් සඳහා  ජනප්‍රිය වර්ණයක. Calm                   (නිදහස්බව) සහ උසස්භාවය නියෝජනයන වන මෙම වර්ණය සාම්ප්‍රදායික නොවන විලාසිතා සඳහා හොදින් ගැළපෙයි. ඒ වගේම යුරෝපීය විවාහ උත්සව සඳහා නිල් පැහැයෙන් කුඩා හෝ යමක් මනමාලියගේ ඇඳුමට එක් කිරීමෙන් ඇයට වාසනාව ලැබෙන බව විශ්වාස කරනවා.  නිල් පැහැයෙන් සැරසෙන බටහිර මනාලියකට සරල මුතු ආභරණ සෑමවිටකම උසස් පෙනුමක් ලබා දෙනවා.

  • විසිතුරු කොළ

ස්වාභාවිකත්වය සහ නව ආරම්භ නියෝජනය කෙරෙන වර්ණයක් වන කොළ පැහැය මංගල උත්සව සැරසිලි සහ මනාලියන්ගේ ඇඳුම් සඳහා භාවිත කෙරෙනවා. විශේෂයෙන්ම සෞභාග්‍යය නිරූපණය වෙන වර්ණයක් ලෙසට කොළ පැහැය මංගල ඇඳුමට යොදාගත  හැකිය. ඔබ ගෘහස්ථ මංගල උත්සවයක්  ගැනීමට අදහස් කරනවා නම්  කොළ පැහැය හොඳ තේරීමක්. කොළ පැහැයේ මංගල ඇඳුමකට රන් රිදී ඕනෑම ආභරණයක් ගැෙපනවා.  ඒ  වගේම විසිතුරු ආභරණවලින්ද  ලස්සන පෙනුමක් ලබාදෙනවා.

  • ආදරණීය රෝස සහ මැ​ෙජන්ටා

ආදරය සහ ශක්තිය නියෝජනය කරන වර්ණයක් ලෙස වගේම මනමාලියගේ සුකුමාලත්වය, සුන්දරත්වය පෙන්වන වර්ණයක් ලෙසත් රෝස පැහැය මනාලියන්ගේ ඇඳුම් සහ මංගල සැරසිලි සඳහා ජනප්‍රිය වේ. මනමාලිය වගේම ඇයගේ යෙහෙළියන් සඳහාත් රෝස පැහැය ඉතාම සුදුසු වර්ණයකි.ඒ වගේම ඔබ රෝස පැහැයෙන් සැරසෙන මනාලියක්නම් රන් වෙනුවට රිදී ආභරණ සහ ගල් සහිත රෝස පැහැ ආභරණ  පැලඳීමෙන් ඔබේ සුන්දරත්වය  වඩාත් ඉස්මතු කර පෙන්වයි.

  • රාජකීය දම්

රාජකීයත්වය සහ වාසනාව නියෝජනය කරන වර්ණයක් ලෙස දම් පැහැය භාවිත කෙරේ. විශේෂයෙන් ඉන්දියාවේ සහ චීනයේ මංගල ඇඳුම් සඳහා ජනප්‍රිය ජනප්‍රියයි.  ලංකාවේ වුවත් රිදී පැහැය සමග හොඳින් ගැළපෙන දම් පැහැති මංගල ඇඳුමක් මනමාලියක්, කුමාරිකාවක්  ලෙස අලංකාර කෙරෙනවා. මෙහිදී උදෑසන සඳහා ලැවැන්ඩර් දම් පැහැය වගේම රාත්‍රී  සාදයක් නම් තද දම් පැහැය හොඳින් ගැළපෙනවා.

  • සන්සුන් කහ

සන්සුන්භාවය, නව බලාපොරොත්තු සහ ආලෝකය නි්යෝජනය කරන කහ පාට බොහෝ ආසියාතික සහ දකුණු ඇමරිකානු සංස්කෘතිකවලදී මංගල ඇඳුම් සඳහා භාවිත කෙරෙනවා.  ඒ වගේම ලංකාවේ මනාලියන්ගේ සමේ පැහැය වැඩි කර පෙන්වීම   කහ වර්ණයට හැකියාව තිබෙනවා.

  • ස්වභාවික සුන්දර ළා දුඹුරු

දුඹුරු පැහැයේ ප්‍රභේද වෙතත් මේ කාලයේදී වැඩි අවධානයක් යොමු වෙනබව පෙනේ. Earth colour ලෙස හඳුන්වන මෙම වර්ණාවලියේ වර්ණ මනමාලියගේ ස්වාභාවික සුන්දරත්වය පෙන්වන වර්ණයක් විදියට ගත  හැකිය. රන්, රිදී  පබළු  ආභරණ සහ ගල් වර්ගවලින් නිර්මාණය වුණු ආභරණද  මෙම වර්ණ මංගල ඇඳුමක් සඳහා හොඳින් ගැළපෙනවා.

 

නැවේ ගින්න නිවන්න අමාරුයි Read Previous

නැවේ ගින්න නිවන්න අමාරුයි

දැවී තැවුන සිත් - නිවී පහන් වන පින්බර පොසොන් මංගල්‍යයක් වේවා ! Read Next

දැවී තැවුන සිත් - නිවී පහන් වන පින්බර පොසොන් මංගල්‍යයක් වේවා !

Realted Post

Leave a comment