ඇඳුමට කාලයට වෙනස්වෙන ජුවලරි විලාසිතා

     සාරි සඳහා පහසුම ක්‍රමය එහි බෝඩරයට ගැළපෙන්න ආභරණ තේරීමයි.    

 

ඇඳුම් සමග සමීප තවත් අංගයක් තමයි පැලඳුම්. අපි අඳින ඇඳුම්වලට අමතරව අපේ පෙනුම තව තවත් වැඩි දියුණු කරගන්න ඒ ඒ ඇඳුම් විලාසිතාවලට ගැළපෙන්න පැලඳුම් එහෙමත් නැතිනම් ආභරණ එකතු කරගන්නවා. එහෙත් ආභරණ පැලඳීමත් විලාසිතාවක් නිසා ඒ තුළත් කාලෙන් කාලෙට වෙනස්කම් සිදුවෙනවා. විශේෂයෙන්ම ඇඳුමට ගැළපෙන ආභරණ හරියටම තෝරා ගැනීමට ඇති අපහසුව නිසා ඇඳුමේ ලස්සන පවා නැතිවෙන්න පුළුවන්. මීට වසර කිහිපයකට පෙර ආභරණ භාවිතා කළ විදියට වඩා එයට හුඟක් වෙනස්කම් මේ වනවිට එක් වී තිබෙනවා. ඒ නිසාම කාලයට සහ තමන්ගේ විලාසිතාවට ගැළපෙන විදියට ආභරණ තෝරාගන්නේ කොහොමද කියලයි මේ කතාබහ.

 

තනි වර්ණයේ ඇඳුමට විශාල මාලයක් 
තනි වර්ණවල ඇඳුම් වගේම මඳක් චාම් ඇඳුමක් අඳින අයෙකුට එහි පෙනුම වැඩි කරගැනීමට පෙනුම තිබෙන ලොකු මාලයක් තෝරාගන්න පුළුවන්. උස් වූ කරක් තිබෙන හෝ කොලර් සහිත ඇඳුම්වලට නම් ලේයර්ස් සහිත මාල භාවිතා කරන්නත් පුළුවන්. ඒ වගේම උස් වූ කරක් එහෙම නැතිනම් ඔමරඑකැ බැජන එකකට වඩාත් සුදුසුම තෝරාගැනීම කරාබු දෙකක් පමණයි. කාර්යාලයට වගේම වෙනත් ගමනකට වුණත් මේ ආකාරයට ආභරණ භාවිතා කරන්න පුළුවන්. ලේයර්ස් ප්‍රමාණය සහ මාලයේ නිමැවුම් පෙනුම අපිට අපේ අවශ්‍යතාව අනුව තීරණය කරන්න පුළුවන්. හැඩ රහිත බොක්ස් හැඩයේ ඇඳුම් සඳහා වඩාත් සුදුසු පහලටම තිබෙන දිගින් යුතු මාල වර්ගයි.

 

 

ඕනෑම ඇඳුමකට ගැළපෙන ස්ටඩ්ස් 
ස්ටඩ්ස් එහෙමත් නැත්නම් එදිනෙදා පලඳින කනට තදවන සේ පලඳින සාමාන්‍ය කරාබු ඕනෑම ඇඳුමකට ගළපන්න පුළුවන්. මේ කරාබුවල නිමැවුම අනුව අපට මේවා විවිධ අවස්ථාවලට විවිධ ආකාරයට ගළපා ගැනීමටත් හැකියි. උදාහරණයක් විදිහට අපි අඳින ඇඳුම හුඟක් මෝස්තර සහිත හෝ විශාල වශයෙන් කැපී පෙනෙන ඇඳුමක් නම්  මෙවැනි කුඩා කරාබුවකින් අපිට අපේ පෙනුම සම්පූර්ණ කරගන්න පුළුවන්. එල්ලෙන හෝ විශාල කරාබු පලඳින්නේ සාමාන්‍ය ගමනකට හෝ විශේෂ අවස්ථාවකට නම් විවිධ වර්ණවලින් හා විවිධ දිග ප්‍රමාණවලින් අපිට අවස්ථාවට ගැළපෙන ලෙස භාවිතා කරන්න පුළුවන්. ෆෝමල් පෙනුමක් අවශ්‍ය නම් රවුම් විශාල කරාබු හෝ සරල එල්ලෙන කරාබු වගේම ටිකක් වැඩිපුර වැඩ දැමූ පෙනුමත් සහිත කරාබු වුණත් පාවිච්චි කරන්න පුළුවන්. මේවා වැඩිපුර ගැළපෙන්නේ තනි වර්ණ හෝ සරල ඇඳුම් විලාසිතා සඳහායි.

 

අත් පලඳනාවට සුදුසු ඇඳුම් 
බ්‍රේස්ලට් හෝ අත් පලඳනා පැලඳීමේදී එවැනි ආභරණ වඩාත්ම ගැළපෙන්නේ අත් රහිත ඇඳුම්වලටයි. ඒ වගේම බ්‍රේස්ලට් වර්ගය සහ එහි ලේයර්ස් ප්‍රමාණය තීරණය වන්නේ ඇඳුමේ අත්වල දිග ප්‍රමාණයත් සමගයි. අත් දිග වැඩි වෙන ප්‍රමාණය අනුව අත් පලඳනාවේ ලේයර්ස් ප්‍රමාණය අඩු වෙන්න ඕනෑ. එමඟින් අත්වල පෙනුම වඩාත් කැපී පෙනෙන ලෙස පෙන්වන්න පුළුවන්. 

 

 

විසිතුරු ඇඳුමට ආභරණ අඩුවෙන් 
මෝස්තර සහිත ඇඳුම්වලට ආභරණ ගැළපීමේදී ඇඳුමේ ඇති මෝස්තරයේ හැඩයේම ආභරණ තෝරා ගැනීම වැදගත්. එයින් ඔබේ පෙනුමට වඩාත් හොඳ ආකර්ෂණයක් එක්කර ගැනීමට පහසු වෙනවා. උත්සව අවස්ථාව කුමක් වුවත් ඔබ අඳින්නේ විසිතුරු ඇඳුමක් නම් ආභරණවල මෝස්තර අවමවීම වඩාත් සුදුසුයි.
ඔබ සතුව විශාල මෝස්තර සහිත ආභරණ තිබේ නම් එම ආභරණ තනිව පැලඳීම අනිවාර්ය යි. විශාල කරාබු හෝ විශාල මාල වඩාත් ගැළපෙන්නේ මෝස්තර හා වැඩ අවම ඇඳුම් සඳහා පමණයි. මඳක් කැපී පෙනෙන විලාසිතාවලට සුදුසු තරමක් සරල ආභරණ වුවත් සමහර අවස්ථාවල (ඉන්දියන් විලාසිතා වැනි) කැපී පෙනෙන ආභරණ එවැනි විලාසිතාවලටත් අවස්ථාව අනුව ගළපාගන්න පුළුවනි. 

 

 

සාරියට ගැළපෙන ආභරණ 
සාරිවලට ගැළපෙන  ආභරණ  තෝරා ගැනීමට අපහසු නම් සාරි සඳහා ආභරණ තේරීමට පහසුම ක්‍රමය වන්නේ එහි බෝඩරයට ගැළපෙන්න ආභරණ තේරීමයි. අඳින අවස්ථාව අනුව වගේම සාරියේ වර්ගය අනුවත් මෙය වෙනස් වෙන්න පුළුවන්. හුඟක් වැඩ දැමූ පෙනුම ඇති සාරියකට වඩාත් සුදුසු කුඩා මුතු ඇටයක පෙනුම හෝ ගල් ඇල්ලූ කුඩා කරාබු වර්ගයි. සරල සාරි එකක් හෝ තනි පාට සාරියකට විශාල මාලයක් හෝ විශාල කරාබු යුගලක් පැලඳීම මගින් සාරියේ පෙනුම වඩාත් වැඩි කරගත හැකියි.

නයනා උදයංගනී


 

 

CHUTNEY Read Previous

CHUTNEY

තන්තිරිමලයට යන පාරේ  මල් විකුණන ළියන්ගේ  ආයාචනය ... Read Next

තන්තිරිමලයට යන පාරේ මල් විකුණන ළියන්ගේ ආයාචනය ...

Realted Post

Leave a comment