ඇඳුම් පැලඳුම් මේක්අප්

 

මේ කාලයේ අලුත්ම විලාසිතාව වන්නේ ළා වර්ණයි. ඉතාම චාම් වර්ණ වන සුදු, ක්‍රීම් පාට වැනි ළා වර්ණ තෝරාගන්න පුළුවනි. ඒ වගේම දැන් වැඩි වැඩ දැමූ බරෙන් වැඩි සාරි සහ ඇඳුම් විලාසිතා තෝරා ගැනෙන්නේ ද නැත.

 

 

වසරක් අලුතින් ආරම්භ කරන විට සිතුම් පැතුම්වලින් පමණක් නොව අපේ පෙනුමත් අලුත් වසරට ගැළපෙන විදියට හැඩ කරගන්න ඕනෑ. රූපලාවන්‍ය කියලා කියන්නේ වසරින් වසරට වෙනස්වෙන දෙයක් නොවුණත් එයට වෙනස් වෙන්න සුදුසු කාලයක් නැත, විවිධ කාලවලදී එයට අලුත් අලුත් දේවල් එකතුවෙමින් කාලයට පහසුවට ගැළපෙන ලෙස වෙනස්වීම් සිදු වේ. නව වසරේ මංගල උත්සව, උපන්දින සාද සහ විවිධ උත්සවවලට සහභාගී වෙන්න බලාපොරොත්තුවෙන් සිටින හුඟක් දෙනෙකුට මේ අලුත් වෙනස්කම් ගැන දැනගැනීම වැදගත් වේවි. ඒ විශේෂයෙන් තමන් කැපී පෙනෙන්න විතරක්ම නොව සමාජය අලුත් වෙන දේවල් පිළිබඳ ඔබට හොඳ අවබෝධයක් තිබෙන බවත් අන් අයටත් අවබෝධ වෙන්නයි. ඒ අනුව උත්සව අවස්ථාවලට සහභාගී වන විට ඇඳුම් පැලඳුම් සහ මේක්අප් විලාසිතා තෝරාගන්නේ කොහොමද කියලා දැනගැනීම ඔබට වැදගත් වේවි.

 

ගැළපෙන ඇඳුම් පැලඳුම් මොනවාද? 
මේ කාලයේ අලුත්ම විලාසිතාව වන්නේ ළා වර්ණයි. ඉතාම චාම් වර්ණ විදියට සුදු, ක්‍රීම් පාට වැනි ළා වර්ණ තෝරාගන්න පුළුවනි. ඒ වගේම දැන් වැඩි වැඩ දැමූ බරෙන් වැඩි සාරි සහ ඇඳුම් විලාසිතා තෝරා ගැනෙන්නේ නැත. ඒ වෙනුවට වැඩි වැඩ නොදැමූ සරල ළා වර්ණ සහිත ඇඳුම් තෝරාගන්න. මේ කාලයේ සාරි විලාසිතා තෝරාගන්නවා නම් ජනප්‍රියම විලාසිතාව වන්නේ මල් මෝස්තර ඇති ළා වර්ණ සහිත (floral design) සාරියි.

 

 

අලුත්ම මේක්අප් ත්‍රෙන්ඩ් එක
මීට වසර කිහිපයකට කලින් තිබූ මේක්අප් විලාසිතාවට වඩා මේ වන විට තිබෙන මේක්අප් විලාසිතාවල බොහෝ වෙනස්කම් සිදු වී තිබේ. මුහුණ වඩාත් කැපී පෙනෙන තද මේක්අප් විලාසිතා වෙනුවට දැන් ඇස් සහ තොල් පමණක් කැපී පෙනෙන ලෙස චාම් මේක්අප් එකක් යොදා ගැනීම අලුත්ම ක්‍රමයයි. ලිප්ස්ටික් වර්ණ භාවිතයේදී අලුත්ම විලාසිතාව වන්තේ තද රතු වර්ණයයි. ඊට අමතරව වර්ණ යොදාගන්නවා නම් තොලේ වර්ණයට සමාන පැහැයක් ඇති වර්ණ යොදා ගන්න පුළුවනි. සමේ පැහැයට සමීපව යොදා ගන්නා ෆවුන්ඩේෂන් එකට ඇස් සහ තොල් කැපී පෙනෙන සේ වර්ණ ගැන්වූ විට ආකර්ෂණීය පෙනුමක් එකතු කරගත හැකි ය.

 


පැලඳුම් විලාසිතා
පැලඳුම් විලාසිතාවක් ලෙස පාවහන් තෝරාගැනීමේදී වැඩි දෙනෙක් කළු පැහැති පාවහන් තෝරා ගනී. එහෙත් දැන් අලුත් විලාසිතාව වන්නේ ඇඳුමේ පැහැයෙන්ම පාවහන් පැලඳීමයි. ඒ වගේම විශාල අත් බෑගය වෙනුවට පාවහන්වල සහ ඇඳුමේ වර්ණයෙන්ම හීනී දම්වැලක් සහිත හෝ රහිත ඉතා කුඩා ප්‍රමාණයේ අත්බෑගයක් පාවිච්චි කිරීමෙන් ඔබේ පෙනුමට වඩාත් සුන්දරබවක් එකතු කරගත හැකි වේ.
ආභරණ පැලඳීමේදීත් වැඩි වැඩ දැමූ, ගල් ඇල්ලූ විශාල කරපටි අත් පලඳනා භාවිතා කිරීම වෙනුවට ඉතා සැහැල්ලු චාම් පලඳනා යොදා ගනී. උදාහරණයක් ලෙස ඔබ විශාල කරාබු යුගලක් පලඳිනවා නම් කරමාලයක් අවශ්‍ය නොවේ. එසේ කර මාලයක් පැලඳීමට අවශ්‍යම නම් පෙනෙන නොපෙනෙන ප්‍රමාණයේ සියුම් මාලයකට කුඩා මුතු ඇටයක් හෝ එවැනි කුඩා පෙනුමක් ඇති මාලයක් පැලඳිය හැකිය. වළලු විලාසිතාද මේ කාලයේ එතරම් ජනප්‍රිය නොවෙන අතර ඒ වෙනුවට කුඩා පටියක් සහිත ඇඳුමේ වර්ණයට සමාන අත් ඔරලෝසුවක් හෝ එක් වළල්ලක් පැලඳිය හැකිය. 

 


කරාබු විලාසිතා තෝරා ගැනීමේදී කනේ පහළ කොටසේ සිට ඉහළට යන තෙක් සවිකරගත හැකි කරාබු විලාසිතාව නැවතත් ජනප්‍රිය වී ඇත. එවැනි කරාබු යුගලක් පලඳිනවා නම් වෙනත් ආභරණ අවශ්‍ය වන්නේ නැත.
උස්සව අවස්ථාවකට යන ඔබ ඇඳුමට ගැළපෙන ආභරණ තෝරා ගැනීමේදී නාසයට යොදාගන්නා කුඩා කරාබුව (නෝස් රින්ග්) මේ කාලයේ ජනප්‍රිය විලාසිතාවකි. ඉතා කුඩා කරාබුවක් ඒ සඳහා තෝරාගත හැකිය. 
ඒ වගේම නිය වර්ණ ගැන්වීමේදී ජෙල් නේල් විලාසිතාව සහ මෝස්තර යෙදූ නිය ආලේපනවලට මුල්තැනක් හිමි වේ. මෙලෙස හැඩගැන්වෙන විට අනවශ්‍ය වැඩ දැමූ ඇඳුම් විලාසිතා සහ ආභරණ විලාසිතා අවශ්‍ය වන්නේ නැත. 

 

ඉතා කුඩා ටැටූ විලාසිතා
ටැටූ විලාසිතා මේ කාලයේ ඉහළම ජනප්‍රියත්වයක් සහ වටිනාකමක් හිමිවන විලාසිතාවක් බවට පත්වී ඇත. අතේ මැණික්කටුව සමීපයේ හෝ ගෙල දෙපස, කන පිටුපස, ගෙල පිටුපස හෝ කර ප්‍රදේශයේ ඉතා කුඩා මෝස්තරයක් සහිත ටැටූ විලාසිතාවක් යොදා ගැනීමෙන් ඔබේ පෙනුමට වෙනස්ම හැඩයක් එක්කර ගත හැකි වේ. එයද මේ කාලයේ ජනප්‍රිය විලාසිතාවක් බවට පත් වී තිබේ.

 

 

සරල කොණ්ඩා විලාසිතා
කොණ්ඩා විලාසිතා සඳහාත් දැන් අනවශ්‍ය ලෙස විශාල ප්‍රමාණයේ මෝස්තර යොදාගන්නේ නැත. දැන් නැවතත් පැරණි විලාසිතාවක් වූ කොණ්ඩය මැදින් බෙදා පීරන විලාසිතාව ජනප්‍රිය වී ඇත. හවරි යොදා වෙනම සකස් කරන විශාල කොණ්ඩ මෝස්තර වෙනුවට සරල කොණ්ඩ විලාසිතාවක් එකතුකර ගනී.  

නයනා උදයංගනී


 

එදා මෙසී නාවපු බබා අද මෙසී එක්කම ලෝක කුසලාන ෆයිනල් එකට Read Previous

එදා මෙසී නාවපු බබා අද මෙසී එක්කම ලෝක කුසලාන ෆයිනල් එකට

සටනින් ජය ලබන්න දෙවන රාජසිංහ රජු කතරගම දෙවියන්ගේ  ආශිර්වාදය ලැබූ අයුරු Read Next

සටනින් ජය ලබන්න දෙවන රාජසිංහ රජු කතරගම දෙවියන්ගේ ආශිර්වාදය ලැබූ අයුරු

Realted Post

Leave a comment