ඇස්වලට අලු‍ත් පිහාටු - ඉගිළෙන්න නෙවෙයි ලස්සනට

හැඩගැන්වීම ගැන කතාකරන විට මඟ හරින්න බැරිම දෙයක් ගැනයි මේ කියන්න සූදානම. ඒ ඇස් පිහාටු. දිගු ඇස් පිහාටු වැඩිපුර ගනව පිහිටා තිබෙනවා නම් එයින් නෙත් සඟලකට ලැබෙන්නේ මනා ආකර්ෂණයක්. වාසනාවකට මෙන් ඇතැම් යුවතියන්ගේ ඇස් පිහාටු ස්වාභාවිකවම දිගු ලෙස වැඩී තිබුණත් වැඩි පිරිසකගේ ඇස් පිහාටු එතරම් දිගු නැති අතර තිබෙන්නෙත් ඉතා සුළු ප්‍රමාණයක්. ඉතින් එහෙම ගැටළු තිබෙන අයට කදිම විසඳුමක් විදියට කෙටිකාලිනව ඇස් පිහාටු බද්ධ කිරීම හඳුන්වා දෙන්න පුළුවන්.

ඇස වටා දිගින් යුතු අලංකාර ඇස් පිහාටු වැඩි ප්‍රමාණයක් තිබීම ඇසට අලංකාරය එක්කරනවා මෙන්ම ආරක්ෂාවද සලසයි. ලංකාව තුළත් මේ වන විට බහුලව සිදුකෙරෙන මෙම ඇස් පිහාටු සිටුවීම (Eyelash extenion) මෙරට වගේම විදේශරටවලද ඉතාමත් ජනප්‍රිය ලෙස සිදුකෙරෙන විලාසිතාවක්.  එයින් ලැබෙන ප්‍රධානතම වාසියක් වන්නේ හදිසි වෙලාවක උත්සවයකට, ප්‍රිය සාදයකට, යන්නට සූදානම්වන විට කෘත්‍රිම ඇස් පිහාටු ඇලවීමට යන කාලය ඉතිරිකර ගනිමින් ඉක්මනින්ම සරල මේක්අප් එකක් තමන්ටම කරගැනීමට අවස්ථාවක් ලැබීමයි. මේ පිළිබඳ නිවැරදිව දන්නා යුවතියන්ට වගේම මේ ගැන දැනුවත් නොවුණු ඔබට ඒ ගැන නිවැරදිව දැනගන්නත් මේ කදිම අවස්ථාවක්. එනම් ඇස් පිහාටු බද්ධ කිරීමේදී ඇසේ තිබෙන ස්වාභාවික ඇස් පිහාටුවලට හානියක් සිදුවෙනවාද?  ඒ සඳහා භාවිතයට ගන්නා ගම්වර්ග නිසා  ඇසට හානිවෙනවාද? යන ගැටලු ගැන නිවැරදිව දැනගෙන සිටීමෙන් මෙවැනි විලාසිතාවක් විශ්වසනීයත්වයෙන් යුුතුව කරගැනීමට අවස්ථාව ලැබෙනවා.

බද්ධ කරන්නෙ කොහොමද? 

ඇස් පිහාටු  බද්ධ කිරීමට ප්‍රථමයෙන් ඔබ මූලිකවම දැනුවත් විය යුත්තේ එය වෘත්තීමය නිපුනත්වයකින් පරිපූර්ණ ශිල්පියෙකුගෙන් කරගැනීමටය. ඉන්පසුව ශිල්පියා විසින් ඔබේ අවශ්‍යතාවට අනුව ඇස් පිහාටු බද්ධ කිරීම ඉතාමත් ආරක්ෂිතව සිදුකරනු ලැබේ. එහිදී සිදුවන්නේ ඇස් පිහාටු සහ ඇස අවට ප්‍රදේශය හොඳින් පිරිසුදු කරගෙන උඩ කොටසේ ඇස් පිහාටු අතරට සෙමෙන් කෘත්‍රිම ඇස් පිහාටු එකින්  එක සියුම් ලෙස ඇලවීමයි.  එය තමන්ගේ ස්වාභාවික ඇස් පිහාටු ආකාරයටම බද්ධ කිරීමක් සිදුවේ.

මෙමඟින් ඇසට හානියක් සිදු නොවේ. එය වඩාත් හොඳින් ආරක්ෂා කර ගැනීමට බද්ධ කිරීම සිදු කළ වේලාවේ සිට පැය විසි හතරක් දක්වා වතුරෙන් සේදීමක් නොකළ යුතු අතර ඉන්පසු සේදීම වරදක් නැත.
ඔබේ ශිල්පියා නිර්දේශ කරන කුඩා කෙඳි සහිත බුරුසුවකින් දෛනිකව ඇස් පිහාටු සෙමෙන් පීරා ආරක්ෂා කර ගැනීමෙන් මාස දෙකක පමණ කාලයක් බද්ධ කිරීම කිසිම ගැටලුවකින් තොරව ආරක්ෂා කරගත  හැකිය. ඒ වගේම සති දෙකෙන් දෙකට ඔබේ රූපලාවන්‍ය ශිල්පියා මුණගැසී නැවත ඇස්පිහාටු පිරවීමක්  කරගැනීමද අවශ්‍ය වේ.   

 

රොෂාන්ගෙන් ලබන අවුරුද්දේ වැලන්ටයින් එකට Chocolate එකක් Read Previous

රොෂාන්ගෙන් ලබන අවුරුද්දේ වැලන්ටයින් එකට Chocolate එකක්

එදිනෙදා ගමනට ඔබ ආස කරන විලාසිතා Read Next

එදිනෙදා ගමනට ඔබ ආස කරන විලාසිතා

Realted Post

Leave a comment