ඉන්ජෙක්ෂන් නොගහා ඔබව, පුදුම විදියට ලස්සන කරන පුදුම කෑම

ඉන්ජෙක්ෂන් නොගහා, ටැබ්ටල් නොබී ස්වාභාවිකව අපේ සම දීපතිමත් කරගන්න පුලුවන් විදියක් ගැනයි අද සිරිකත Online මේ කතාව.

බෙරි වුණ සම යතා තත්වයට ගෙනෙන බෙරීස්... 

මෙහිදී බ්ලූ බෙරි, බැලැක් බෙරී මෙන්ම ස්ටෝබෙරීස් අපට අහාරයට ගත හැකියි.
ඔබට බ්ලූ බෙරි සහ බ්ලැක් බෙරී සොයා ගැනීමට අපහසු නම් ස්ටෝබෙරි පහසුවෙන් සොයා ගැනීමට හැකි නිසා එය අහාරයට ගන්න.

සම පුදුම විදියට ලස්සන කරන පුදුම කෑමක්.. 

විටමින් සී සහ විටමින් ඊ ඇතුලු සංඝටක බොහොමයක් ඇති අලිපේර සමට ඉතාමත් ගුණ පලතුරක්.
හැමෝම ප්‍රිය කරන අලිපේර විවිධ අකාරයෙන් අහාරයට ගැනීමට හෝ පානයක් ලෙසින් අපට ගත හැකි ප්‍රණීත පලතුරක් වන අතර අලිපේර භාවිතයේදී සීනී යෙදීමෙන් වළකින්න. 

කොමඩු සාස්තරේ...

සමේ තෙතමනය රකින කොමඩු විටමින් ඒ සහ විටමින් සී අනූන පලතුරක්. සම ලස්සන කරන හොදම කෑමක් ලෙස කොමඩු හදුන්වා දෙන්න පුලුවන්  

ඔබෙ මුලු ශරීරයම ‍රන්වන් පැහැ කරන කැරට්...

ඔබ කැමති කුමන ආකාරයකට අනුව ගෙන කැරට් කන්න, බොන්න. ඔබේ සම බලන් ඉන්නකොට ලස්සන වේවි. මෙහිදී සීනී දැමීමෙන් වළකින්න. 

ඔමේගා 3  තියෙන මාලු...

ඔමේගා 3 තියෙන මාලු ගත්විට ලින්නො වඩාත් යෝග්‍ය මාලු වර්ගයක් වන අතට ලින්නෝ ආහාරයට හැනීමෙන් ඔබේ සම වඩාත් දීපතිමත් වේ... 

එවැනිම පොඩි බඩගින්නට නට් වර්ග ආහාරයට ගන්න පුරුදු වෙන්න.. එයින් ශරීරයට අවශ්‍ය පෝෂණ ගුණයන්  ලැබෙනවා. 

තවද සීනී භාවිතය අවම කරන්න වගබලා ගන්න.   හොදින් වතුර පානය කරමින් ඔබේ සමට අනුව සුදුසු සප්ලිමන්ට් එකක්ද භාවිතා කිරීමෙන් ද ඔබේ සම වඩාත් ආරක්ෂා කරගන්න පුලුවන්... 

  • උපදෙස් - ආචාර්ය චාමර කරුණානායක, ප්‍රධාන විධායක නිළධාරි - නෝවා ඊස්තටික් සෙන්ටර්
  • සටහන - මේඝා චින්තාමණී

හවුස් ඔෆ් ඩ්‍රැගන් මකරකුගේ නමින් කටුසු විශේෂයක් Read Previous

හවුස් ඔෆ් ඩ්‍රැගන් මකරකුගේ නමින් කටුසු විශේෂයක්

සෙලාන් බැංකුව John Keells CG Auto සමඟ අත්වැල් බැඳගනී Read Next

සෙලාන් බැංකුව John Keells CG Auto සමඟ අත්වැල් බැඳගනී

Realted Post

Leave a comment