කෙසෙල් හෙයා මාස්ක්

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඉදුණු කෙසෙල් ගෙඩි 1ක්
  • බිත්තර 1ක්
  • එඬරු තෙල් මේස හැඳි 1ක්

සාදන අයුරු

මේ ද්‍රව්‍ය සියල්ල හොඳින් බ්ලෙන්ඩ් කර හිස් කබලේ සහ හිසකෙස්වල ආලේප කරන්න. පසුව උණු වතුරේ පොඟවා ගත් උණුසුම් ටවල් එකකින් හිස ආවරණය කර විනාඩි 45 ක් තබා හොඳින් සෝදා හරින්න මෙම සත්කාරය සිදුකිරීමෙන් හිසකෙස් වර්ධනය වීම සිදුවන අතර අකලට හිසකෙස් පැසීම, අකලට හිස කෙස් වැටීම. හිසකෙස් තුනී වීම නවත්වා ගත හැකිය.

මෙම සියලු සත්කාර කිරීමේදී මිනිත්තු දහයක් හිස් කබල සම්බාහනය කිරීම හිසකෙස් වර්ධනයට ද තුඩු දෙන්නකි. හිස් කබල සම්බාහනය හිසකෙස් දෙසට රුධිර සංසරණය වැඩි කරන අතර හිසකෙස්වල ඝනකම ද වැඩි දියුණු කරනු ඇත.

සටහන - නදීෂා අතුකෝරල
උපදෙස් - ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී සරණි විතානගේ

හක්ගල උද්භිද උද්‍යානය සංචාරකයන් සඳහා යළි විවෘත කෙරේ Read Previous

හක්ගල උද්භිද උද්‍යානය සංචාරකයන් සඳහා යළි විවෘත කෙරේ

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව Read Next

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව

Realted Post

Leave a comment