කොරළ සම සඟවන නවීන රූපලාවන්‍ය ප්‍රතිකාර


වයස අවුරුදු 12 න් පසුව ඕනෑම අයකුට වියළි සම, කොරපොතු නිට්ටාවට සුව කර ගැනීමේ ප්‍රතිකාරවලට යොමුවිය හැකියි 

උපදෙස් - රූපලාවන්‍ය විශේෂඥ වෛද්‍ය දිලීප වික්‍රමසේකර
කාන්තා පිරිමි දෙපාර්ශවය අතරම බහුලවම දක්නට ලැබෙන පොදු ගැටලුවක් ලෙස සම වියළීම දක්වන්න පුළුවන්. ඔබ මොනතරම් ලස්සනට ඇන්දත් මේක්අප් කළත් සම නිරෝගී නැතිනම් ඔබේ සුන්දරත්වය කැපී පෙනීම අඩු වෙන්න පුළුවන්. 


විශේෂයෙන් තරුණ පෙනුම  දිගු කාලයක් රැකෙන්න නිරෝගීි සමක් ඉතාම වැදගත්. සම වියළීම හේතුවෙන් බොහෝ කාන්තාවන් පීඩා විඳින අතර සමට නිසි තෙතමනයක් නොලැබීම සහ උණුසුම්  ජල ස්නානය, ලුණු අධික ලෙස පරිභෝජනය, කොක්ටේල් වැනි පාන වර්ග බහුලව පානය කිරීම, අධික උණුසුම් පරිසරයක ජීවත්වීම, විවිධ රසායනික අඩංගු ආලේපන භාවිතය, බාල වර්ගයේ මේක්අප් භාවිතය වැනි හේතු සම වියළීමට සෘජුවම බලපෑම් එල්ල කරන සාධකයන්ය.


කෙසේ වෙතත් සම මතුපිට කොරළ මතු වී සම වියළීමේ ගැටලුව නිසා පීඩා විඳින අය අතර ඔබත් සිටිනවාද? කෙතරම් ක්‍රීම් ආලේප කළත් ප්‍රතිඵලයක් නැද්ද? තවමත්  සම වියළීමේ ගැටලුවෙන් ඔබ සිටින්නේ මානසික පීඩනයෙන් නම් වියළි සමට සහ සම මතුපිට ඇතිවෙන කොරළ සහිතබව නිට්ටාවටම සුව කිරීමේ සාර්ථක රූපලාවන්‍ය වෛද්‍ය ක්‍රම දැන් අපේ රටේ තිබෙනවා. 

 


වියළි සම ඇතිවෙන්න ප්‍රධාන හේතු

සම වියළීම
සිරුර අභ්‍යන්තරයේ ඇතිවෙන හේතුවලට අමතරව බාහිර දේශගුණික හෝ කාලගුණික තත්ත්ව බලපානවා. ඒ වගේම අවට ස්වාභාවික හෝ කෘත්‍රිම උෂ්ණත්වයත්, සම මතුපිට ඇති තෙතමනය උරාගෙන වියළි සමක් ඇතිවෙනවා.

02. අඩුවෙන් ජලය පානය කිරීම
වායුසමීකරණවලට ශරීරය වැඩිපුර නිරාවරණය වීම, උණු දිය ස්නානය, ඒවාගේම නිතර ක්ලෝරීන් සහිත පිහිනුම් තටාකවල පිහිනීම, සැර සේදුම්කාරක සබන්, ෂැම්පු වර්ග භාවිතය සම වියළීමේ ප්‍රවණතාව වැඩි කරයි. එමගින් සමේ තෙතමනය ආරක්ෂා කරන තුනී තෙල් පටලය ඉවත් වී යයි.


කැෆේන් අඩංගු පාන වර්ග අධිකව පානයද සම වියළීමට ප්‍රධානම හේතුවකි.


මීට පෙර වියළි සමට, කොරපොතුවලට ඔයිල් සහිත ක්‍රීම් වර්ග ආලේප කළත් දැන් නිට්ටාවට සුව කළ හැකි ප්‍රතිකර්ම තිබෙනවා. 

උපදෙස් රූපලාවන්‍ය විශේෂඥ වෛද්‍ය
දිලීප වික්‍රමසේකර


වියළි සම තත්ත්වයේදී උපතින්ම ජානමය හේතු සමග එන සමේ තත්ත්වයන් වගේම තාවකාලික ජීවන රටාව තුළ ඇතිවෙන විවිධ තත්ත්ව කොරළ ඇතිවීමට මූලිකවම බලපානවා. 


කොරළ ඇතිවීම ලංකාවේ බහුලව බොහෝ දෙනෙකුට බලපාන රෝගී තත්ත්වයක්. සමේ කොලජන් තත්ත්වයට හානි වීමත් සමඟ සමේ ඝනකම වෙනස් වීම, සම රැළි වැටීම දිලීර ආසාධනවලට නැඹුරු වීමේ ප්‍රවණතාවය වැඩි වෙනවා. සමේ තෙල් ග්‍රන්ථිවල ක්‍රියාකාරිත්වය ටිකෙන් ටික අඩුවීමත් සමඟ කොරස්තරයේ වියළි ගතිය වැඩි වී සම මතුපිට ඉරි තැලීම් දක්නට ලැබේ.


උපතින්ම මෙම සමේ වියළි ස්වභාවය ඇතිවීමේදී ළදරු අවධියේම දක්නට ලැබෙනවා. ඒවාගේම පසුකාලීනව කොරළ ඇතිවෙන අයත් බහුලයි.


බොහෝ දෙනෙක් වුවමනාවට වඩා ස්නානය සහ ඇඟ සේදීමේදි රෙදි හෝ ගල්වලින් තදින් ඇතිල්ලීමෙන් සමේ ආරක්ෂාකාරී පටලයට තුවාල සිදුවෙනවා.  එමගින් සම වියළි වී ඉරි තැලීම් සිදු වූවාට පසු කාලයක් ගතවූ පසු ප්‍රතිකාර කිරීම ඉතාම අපහසුයි. ඒ නිසා කොරළ සමෙහි සෑදීගෙන එන මුල් අවස්ථාවේම ඔබ වෛද්‍ය උපදෙස්වලට යොමුවීම වැදගත් වෙයි. දිගින් දිගටම සම වියළීමේ තත්ත්වය තිබේ නම් සහ ඒ අයට නිදන්ගත රෝග තිබේ නම් අනිවාර්යයෙන් වෛද්‍යවරයෙකු හමුවට යා යුතුයි. 

 


කොරළ ඉවත් කරන්න පුළුවන්
කොරපොතු තත්ත්වයකදී පළුදු වූ සම ඉවත් කිරීමේ ප්‍රතිකර්ම රූපලාවන්‍ය වෛද්‍ය විද්‍යාවේ දැන් තිබෙනවා. මෙම පළුදු වූ සම අවස්ථා කීපයකදී ලේසර් ප්‍රතිකර්ම හරහා ඉවත් කර සම සාමාන්‍ය තත්ත්වයට සකසා ගැනීමේ හැකියාව තිබෙනවා. ජානමය හේතු නිසා ඇතිවෙන කොරළ තත්ත්වය නිට්ටාවටම සුව කළ නොහැකියි. එනමුත් වියළි සමඉරි තැලීම් යටපත් කරලා ලස්සන සමක් ලබා ගත හැකි ලේසර් ප්‍රතිකර්ම එන්නත් මගින් තෙල් ග්‍රන්ථි උත්තේජනය කළ හැකි ප්‍රතිකර්ම අප සතුව තිබෙනවා. එම ප්‍රතිකාර මගින් ඉක්මනින් වියළුණු සම නැවත සාමාන්‍ය අතට පත්කිරීමේ හැකියාව ද තිබෙනවා.


 

ඒවාගේම විජලනය, පරිසර උෂ්ණත්වය, නිදන්ගත රෝග සහ අපේ වැරැදි ක්‍රියාකාරකම් නිසා ඇතිවෙන සම වියළීම් කොරළ තත්ත්වයන් තාවකාලිකයි. ජානමය ඇතිවන සම වියළීම්වලට වඩා ඉක්මනින් තාවකාලිකව ඇතිවෙන තත්ත්වයන් සුව කරන්න පුළුවන්. 


රෝගාබාධයක් නිසා සම වියළීමට ලක්වෙනවා නම් ගොඩ බෙහෙත් නොකර මූලිකව වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි.


විශේෂයෙන් බ්ලීචින්, නයිට් ක්‍රීම් වර්ග භාවිතා කරනවා නම් ඒ ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතු යි. සුදු වෙන්න භාවිතා කරන ක්‍රීම් නිසා සමේ කොලජන් මට්ටමට අනිසි බලපෑම් එල්ල වී මුහුණේ සමට ඉතාම අහිතකර ආකාරයට සම වියළීම බලපායි.


අතීතයේ අපි සමේ තෙතමනය රැඳෙන්න විවිධ වැස්ලීන් වර්ග භාවිතා කළා. මේ ආලේපන නිකම්ම සමේ ආලේප කිරීමෙන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. සම වියළි ස්ථාන හෝඳට සෝදා තෙත රැඳෙන පරිදි තෙත මාත්තු කර වැස්ලීන් ආලේප කළ යුතුයි. ඒවාගේම කෝමාරිකා මී පැණි අලේප කිරීමද සම වියළීමට සහ කොරළවලට සැලකියයුතු ප්‍රතිකාරයක් නොවෙයි. 
වයස අවුරුදු 12 න් පසුව ඕනෑම අයකුට වියළි සම, කොරපොතු නිට්ටාවට සුව කර ගැනීමේ ප්‍රතිකාරවලට යොමුවෙන්න පුළුවන්. 


 


නදීෂා අතුකෝරාළ



 

 

ගැහැනිය වෙනුවෙන් සටන් වැදි ලේඛිකාව තස්ලිමා  නස්රීන් Read Previous

ගැහැනිය වෙනුවෙන් සටන් වැදි ලේඛිකාව තස්ලිමා නස්රීන්

සුන්දර බක්මහේ ඇඩ්ලේඩ් අවුරුදු උදානය Read Next

සුන්දර බක්මහේ ඇඩ්ලේඩ් අවුරුදු උදානය

Realted Post

Leave a comment