නත්තල් පාටියට මේ විදියට ලෑස්ති වෙන්න

 

නත්තල කියන්නේ විනෝදාත්මක සහ සැරසිලි වැඩි උත්සවයක් නිසා දීප්තිමත් ඇඳුම් විලාසිතා සමග හොඳ පෙනුමක් තිබෙන තද මේකප් එකක් භාවිතා කළාට ගැටලුවක් නැහැ.

චාන්දනී බණ්ඩාර
 


නත්තල් කාලේ කියන්නේ ලෝකයේ වැඩි දෙනෙක් ඉතාම ප්‍රීතියෙන් සමරන සතුටින් සිටින උත්සව කාලයක්. මේ විනෝද සමයේ හැඩ වැඩ වෙන්න උත්සව අවස්ථාවලට ලස්සනට අඳින්න පලඳින්න අකමැති කෙනෙක් නෑ. නත්තල සමරන වැඩි දෙනෙක් නත්තල් සාද පවත්වන්න වැඩිපුර කැමත්තක් දක්වන්නේ රාත්‍රී කාලයේදී. රාත්‍රී කාලයේදී නත්තල් සාදයකට හැඩවැඩ වෙන ඔබට අනෙක් අය අතරේ කැපී පෙනෙන පෙනුමක් එකතු කරගන්නේ කොහොමද කියලා බලමු.

 


සුදුසු වර්ණ මොනවාද? 
නත්තල් සැරසිලි, හැඩවැඩ කියූ සැනින් ඉක්මනින්ම හිතට එන්නේ රතු පාට. එහෙත් රතු සමග සුදු, කොළ සහ කහ කියන්නේ නත්තල සරසන අනෙක් දීප්තිමත් වර්ණ. මේ අතරින් රතු පැහැයට විශේෂ තැනක් හිමිවෙනවා. විශේෂයෙන් රාත්‍රී සාදයකට සැරසෙන ඔබට වැඩි ආකර්ෂණයක් ගන්න රතු වර්ණය වැඩිපුර එකතු කරගන්න පු`ඵවන්. නත්තල් සාදයක් නිසා ලිනන්, කොට්න් මාදිලියේ රෙදිවලට වඩා සැටින් සහ ඊට ගැළපෙන තරමක් දිලිසෙන ස්වභාවයේ ඇඳුම් විලාසිතාවක් වඩාත් හොඳින් ගළපාගන්න පු`ඵවනි. ඒ වගේම තනි වර්ණ තෝරාගැනීමත් අනෙක් අය අතර කැපී පෙනෙන්න හේතුවක් වෙනවා.

 


තද මේක්අප් එකක් 
බොහෝ අවස්ථාවල ඇඳුම් විලාසිතාවට වැඩි පෙනුමක් එකතු කරනවා නම් එයට සරල මේක්අප් එකක් කරගන්න වැඩි දෙනෙක් පුරුදුවෙලා සිටිනවා. එහෙත් නත්තල් සාදයට නම් එය ගැළපෙන්නේ නැහැ. නත්තල කියන්නේ විනෝදාත්මක සහ සැරසිලි වැඩි උත්සවයක් නිසා දීප්තිමත් ඇඳුම් විලාසිතා සමග මෙහිදී හොඳ පෙනුමක් තිබෙන තද මේකප් එකක් භාවිතා කළාට ගැටලුවක් නැහැ.


මෙහිදී තද මේක්අප් එකක් ලෙස හඳුන්වන්නේ වඩාත් සුදු පැහැයට මේකප් කිරීම නොවෙයි. තද මේක්අප් එකක් යනුවෙන් අදහස් වන්නේ තමන්ගේ මුහුණේ පැහැයට ගැළපෙන ෆවුන්ඩේෂන් එක යොදා ගැනීමෙන් පසු, ලිප්ස්ටික් සහ අයි මේක්අප් එක තමන්ගේ ඇඳුමට ගැළපෙන විදියට තදට දීප්තිමත් ලෙස යොදාගැනීමයි. විශේෂයෙන් ඇඳුම තෝරා ගන්නේ රතු පැහැයෙන් නම් ඇදුමේ පැහැයට ගැළපෙන රතු ලිප්ස්ටික් එකක් ආලේප කරන්න. ඒ වගේම ඇස්වල පෙනුම වැඩිකර ගන්න අයි ලෑෂස් සමග තද අයි මේක්අප් එකක් එකතු කරගන්න පු`ඵවන්.


පාවහන් විලාසිතා
පාවහන් විලාසිතා ගැන කතා කරන විට උත්සව අවස්ථාවක් නිසා අපහසුතාවක් නොවෙන්න තරමක් උස අඩියක් තිබෙන පාවහන් යුගලක් තෝරාගන්න පු`ඵවනි. නත්තල් උත්සවයට රතු පැහැයෙන් සැරසෙන වැඩි දෙනෙක් ඊට ගැළපෙන්න ක`ඵ පැහැති පාවහන් තෝරාගන්න අවස්ථා දකින්න පු`ඵවනි. එහෙත් එය ඔබේ පෙනුමට එතරම් ගැළපෙන්නේ නැහැ. වැඩි ආකර්ෂණයක් එකතු කරගන්න නම් රතු ඇඳුමට වඩාත් ගැළපෙන්නේ රතු පැහැයේම පාවහන් යුගලක්.

 


විලාසිතාව පහසු වෙන්න ඕනෑ
නත්තල් සාදය ඉතා ක්‍රියාශීලී ලෙස හැසිරෙන්න, ලැබෙන ප්‍රීතිමත් මොහොතක්. එම නිසා තමන් තෝරාගන්නා ඇඳුම් විලාසිතා කොපමණ ලස්සන වුනත්, වටිනාකමින් වැඩි වුනත් තමන්ට එම අවස්ථාවේ අනෙක් අයත් සමග පහසුවෙන් හැසිරෙන්න, විනෝද වෙන්න අපහසු නම් එවැනි ඇඳුම් විලාසිතා තෝරාගැනීම සුදුසු නැහැ. එම නිසා විලාසිතා තෝරාගැනීමේදී තමන්ගේ පහසුව ගැනත් හිතන්න සිදුවෙනවා.


පවුලක් ලෙස නත්තල් සාදයකට සහභාගී වෙනවා නම් දරුවන් සහ අම්මා තාත්තාගේ ඇඳුම් එකිනෙකාට ගැළපෙන විදියට තෝරාගන්න පු`ඵවනි. එහෙම වුනොත් අනෙක් අයගේ ආකර්ෂණය දිනා ගන්නත් එය හේතුවක් වෙනවා. උදාහරණයක් විදියට බොහෝ විට මවට තෝරා ගන්නා ඇඳුමේ වර්ණම දියණියටත් පියාගේ ඇඳුමේ වර්ණය පුතාගේ ඇඳුම් සඳහාත් තෝරාගැනීමෙන් නත්තල් සාදයට හොඳ පෙනුමක් සහ වෙනසක් එකතු කරගන්න පු`ඵවනි.

නයනා උදයංගනී 



 

ඉන්දියාවේ ආදරය දිනාගත් ලංකාවේ කෙල්ල Read Previous

ඉන්දියාවේ ආදරය දිනාගත් ලංකාවේ කෙල්ල

ඇසේ ලෙඩ පෙන්වන රතු පාට කඳුළු Read Next

ඇසේ ලෙඩ පෙන්වන රතු පාට කඳුළු

Realted Post

Leave a comment