නියපොතු ලස්සනට වගේම නිරෝගීව තියාගන්න

අන් අය වෙනුවෙන් සුහද ආකර්ශනීය පෙනුමක් ඇති කිරීමට නියපොතු වලට ඇත්තේ විශ්මිත වූ හැකියාවක්. මන්ද බොහෝ දෙනා ඒ පිළිබඳව ඇතැම් විට වැඩිපුර සැලකිලිමත් වන බැවිනි. තරුණ යුවතියක් වන ඔබ, ඔබට හිමි නියපොතු ලස්සනට වගේම  නිරෝගීව තබා ගැනීමට සැලකිල්ලක් දැක්වීම ඉතාම වැදගත්. 


නියපොත්ත මතුපිට රෝස පැහැති සුදු පැහැයක් ඇත්නම් සහ නියපොතු පාදයේ එනම් ලුනූලා ලෙස හැඳින්වෙන සඳ හැඩැති සුදු පාට කොටස අවපැහැයක් නොගන්නේ නම් ඒවා නීරෝගී බවෙන් යුතු යැයි සිතිය හැකියි. නියපොතු ගැලවී යාම, කැඩී යාම, වියළිබව යනාදිය විටමින් ඌණතාවයක ප්‍රතිඵලයක් විය හැකියි. 


1. ඔබේ දෑත් සහ පාද ඉතා පිරිසිදුව තබා ගන්න
පිරිසිදු දත් බුරුසුවකට සබන් යොදා නියපොතු සහ අවට සම මෘදු ලෙස ස්ක්‍රබ් කර, අපිරිසිදු මිය ගිය සම ඉවත් කරන්න. නියපොතු වියළිව සහ පිරිසිදුව තබා ගැනීම බැක්ටීරියා සහ දිලීර වර්ධනය වීම වළකයි. 

2. මොයිස්චරයිසින් කරන්න
වියළීයාම්, ඉරි තැලීම්, සිදුරු වැළැක්වීම සඳහා නිය සහ ඒ ආශ්‍රිතව නිතිපතා තෙතමනයෙන් තබන්න.

3. නියපොතු මෘදුව තබා ගන්න
ඔබේ නියපොතු සියුම් නිසා ඒ තුළට ඝණ ද්‍රව්‍ය ඇතුල් කිරීම, නියපොතු තුළ ඇති කුණු ඉවත් කිරීමට මෙවලම් භාවිතා කරමින් හෑරීම නොකළ යුතුයි. එසේ සිදු කලහොත් නියපොත්ත සමෙන් වෙන් වීමට එය හේතුවක් විය හැකියි. මෙම තත්ත්වය ඔනිකොලිසිස් ලෙස හඳුන්වයි.  වයස අවුරුදු පනහට වැඩි පුද්ගලයන්ට මෙම තත්ත්වය පොදු බව වෛද්‍ය ස්ටර්න් පවසයි. 

4. රසායනික ද්‍රව්‍ය යෙදීමෙන් වළකින්න
රසායනික ද්‍රව්‍ය යොදා පිරිසිදු කිරීම නියපොතු දුර්වල වීමට හේතුවකි. නිව්‍ යෝර්ක් හි චර්ම රෝග විශේෂඥ ජැනට් ප්‍රිස්ටෝව්ස්කි පවසන්නේ ඔබ නිවසේ එදිනෙදා රසායනික ද්‍රව්‍ය වර්ග යොදා කරනු ලබන පිරිසිදු කිරීම් කටයුතු වලදී රබර්, වයිනයිල්, නයිට්‍රයිල් හෝ ප්ලාස්ටික් අත්වැසුම් පැළඳීම වඩාත් යෝග්‍යය වන බවයි.

 

5. නියපොතු කැපීම ආදිය සඳහා යොදාගන්නා මෙවලම් ගැන සැළකිලිමත් වන්න
නියපොතු කැපීමට භාවිතා කරන මෙවලම් විෂබීජහරණය කිරීම, ඒ සඳහා යොදාගන්නා බුරුසු ආදිය නිතිපතා පිරිසිදු කිරීම අනිවාර්යයෙන් සිදු කළ යුතුයි. එය ඔබේ නියපොතු බැක්ටීරියා ආසාදන තොරව තබා ගැනීමට හේතු වෙයි. වෛද්‍ය ප්‍රයිස්ටොව්ස්කි උපදෙස් දෙන්නේ භාවිත කරනු ලබන මෙවලම් වර්ග සබන් යොදා සෝදා අනතුරුව ඇල්කොහොල් යොදා පිසදමන ලෙසයි.

සටහන: විශ්වනී හසලා

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආධාර රැගත් සිව්වන ගුවන් යානය මෙරටට ළගා වෙයි Read Previous

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආධාර රැගත් සිව්වන ගුවන් යානය මෙරටට ළගා වෙයි

හදිසි සහන ද්‍රව්‍ය රැගත් පාකිස්ථාන ගුවන් යානයක් මෙරටට ළගා වෙයි Read Next

හදිසි සහන ද්‍රව්‍ය රැගත් පාකිස්ථාන ගුවන් යානයක් මෙරටට ළගා වෙයි

Realted Post

Leave a comment