පලූදු හිසකෙස්වලට පණ දෙන කෙරටීන් සත්කාරය

වර්තමානයේ හිසකෙස් සැකසීම සම්බන්ධයෙන් කරළියට ආ විවිධ ක‍්‍රම අතර රීබොන්ඩින්, රිලැක්සින්, ස්ටේ‍්‍රටින් වැනි ක‍්‍රම මඟින් හිසකෙස්වලට කඩා හැලෙන පෙනුමක් ලබා ගැනීමට තරුණ තරුණියන් දක්වන්නේ දැඩි කැමැත්තක්. ලස්සනට හැඩට ඉන්න එවැනි ක‍්‍රම මඟින්  හිසකෙස් සකස් කරගත්තත් ඉන්පසු හිසකෙස්වලට එන ගැටලූවලට විසඳුම් සෙවීමත් හිතන තරම් පහසු නෑ. 


ඔබත් හිසකෙස්වලට විවිධ විලාසිතා කරලා හිසකෙස් පිදුරු වගේ වෙලාද?

කෙළවරක් නැති ස්ට්රේමටින්, රිලැක්සින් කරලා වර්ණ ගන්වලා කොණ්ඬේ නැති නාස්ති වෙලා ප‍්‍රාණවත්බව නැති වෙලාද? 
කෙමිකල් දාලා පිදුරු වගේ වුණු හිසකෙස්වලට පණ ගන්න නිවැරදිම ක‍්‍රමය කෙරටීන් සත්කාරය යි.
කෙරටීන් සත්කාරය යනු සිනිඳු දිදුලන කෙස් කලඹේ රහස කිවහොත් නිවැරදියි. කෙරටීන් ඉතාම ජනප‍්‍රිය හිසකෙස් සත්කාරයක්. 

 

මොකද්ද මේ කෙරටීන් සත්කාරය
කෙරටීන් කියන්නේ අපේ ශරීරයේ මෙන්ම විශේෂයෙන් හිසකෙස්වල ස්වාභාවිකවම පවතින ප‍්‍රධාන ප්‍රෝටීන් වර්ගවලින් එකක් ලෙස හඳුන්වන්න පුළුවන්. හිසකෙස්වල ස්වාභාවික සුන්දරත්වය රැුඳි පවතින්නත් කෙරටීන් ප්‍රෝටීනය ප‍්‍රධාන වෙනවා. අපේ ශරීරයේ නියපොතු, ඇහිබැම, හිසකෙස් යන කොටස් සෑදී තිබෙන්නේ කෙරටීන් මූලාශ‍්‍රවලින්. විවිධ කෙමිකල් යොදා කරන විවිධ විලසිතාවලින්  හිසකෙස්වල ඇති ස්වාභාවික කෙරටීන් ප්‍රෝටීනයට හානි සිදුවෙනවා. ඇත්තටම කෙරටීන් සත්කාරයකින් වෙන්නේ ඒ පලූදු වූ හිසකෙස්වලට බාහිරින් කෙරටීන් තැන්පත් කිරීමක්. මෙම සත්කාරයේදී කැරලි ගැසුණු බොකුටු  හිසකෙස් කඩා හැලෙන වරලසක් ලෙස සකසා ගන්න පුළුවන් වගේම හිසකෙස් වියළීම බොහෝ සෙයින් අඩුවෙනවා. ඒ වගේම හිරු එළියෙන් සහ අනෙකුත් පාරිසරික තත්ත්වයන්ගෙන් කෙස් කලඹට ඇතිවිය හැකි හානිවලින් වැළකීමේ හැකියාවකුත් ලැබෙනවා. ඒ වගේම හිසකෙස්වල නිරෝගීබව වැඩි වී වර්ධනයවීමද ආරම්භ වෙනවා. හිසකෙස් ගැට ගැසීම් අග පැළීම් පාලනය වෙනවා.

 

සිදුවෙන්නේ මොකක්ද? 
පලූදු වී විනාශ වී ගිය හිසකෙස් යථා තත්ත්වයට පත්කිරීම වගේම පෙර තිබුණාට වඩා කෙස් ගස ප‍්‍රාණවත් කිරීමක් සහ ලස්සනට කඩා හැලෙන පිරිපුන් කෙස් කලඹක් හදාගන්නත් මෙම කෙරටින් සත්කාරයෙන් හැකියාව ලැබෙනවා. කෙස් ගසක් පළුදු වුණාම නැවත යථා තත්ත්වයට ගැනීම පහසු නැහැ. කන්ඩිෂනර් සත්කාර මඟින් කොණ්ඬේ පරිස්සම් කරගන්න එක එක දේවල් කළත් එය තාවකාලිකයි. එහෙත් කෙරටීන් සත්කාරයේදී කෙස් ගසට කිසිඳු පලූදුවීමක් නැතිව කෙස්ගහ හොඳින් ආරක්ෂා කරනවා. කැඞීගිය, විනාශ වී ගිය, අගිස් පැලූණු, දුර්වල වී ඇති හිසකෙස් සඳහා තිබෙන එකම විසඳුමත් කෙරටීන් සත්කාරය යි.

 

ඕනෑම කොණ්ඩයකට ගැළපෙනවද?

කෙරටීන් සත්කාරය සෑම කෙස් කළඹකට කරන්න බැහැ. රැුලිි අධික, ගනකම වැඩි තෙල් සහිත හිසකෙස්වලට කෙරටීන් සත්කාරය වැඩි කලක් පවත්වාගෙන යාම අපහසුයි. කෙරටීන් සත්කාරයක් කිරීමට ප‍්‍රථම කොණ්ඩා සැකසුම් ශිල්පියාට හෝ ශිල්පිනියගේ උපදෙස් මත හිසකෙස් පරීක්ෂාවකින් පසුව තමන්ගේ හිසකෙස් කෙරටීන් සත්කාරය කිරීමට සුදුසු තත්ත්වයේ තිබෙනවාද යන්න දැනගැනීම අනිවාර්ය වෙනවා. ඒ වගේම කෙරටීන් සත්කාරයක් කරන්න හොඳ පළපුරුදු කොණ්ඩා සැකසුම් ශිල්පියෙක් තෝරා ගැනීමත් අවශ්‍යයි. නිෂ්පානදනයේ කෙරටීන් චවනය තිබූ පමණින් එය කෙරටීන් එකක් වෙන්නේ නැහැ. ඒ නිසා නිෂ්්පාදනයේ අන්තර්ගතය අනිවාර්යෙන්ම බැලිය යුතු වෙනවා.

 

කොහොමද කරන්නේ? 
සත්කාරය සඳහාම වෙන් වූ ෂැම්පු, කන්ඩිෂනර් එකක් යොදා කුණු දුවිලි ඉවත් කරගත යුතු යි.
ඉන්පසු හිසකෙස් හොඳින් වියළා කොටස් කරගෙන කෙරටීන් ආලේපනය කෙස් ගසේ් අග සිට මුලටම හොඳින් තවරා ආලේපනය උරා ගැනීමට විනාඩි 30 ක් පමණ තැබිය යුතුයි.  හිසකෙස් අධික ලෙස පලූදු වී හානි වී ඇත්නම් හෝ වර්ණ ගන්වා ඇත්නම් කැඞී යන ස්වභාවයක් ඇත්නම්, ඒ සඳහා  නිෂ්පාදිත ආලේපනයක් හිසකෙස් මත ආලේප කර තවත් විනාඩි 10 ක් පමණ තබා හොඳින් හිසකෙස් හෙයාර් ඩ‍්‍රයර් එකක් භාවිතයෙන් වියළාගන්න. ඉන්පසු සම්පූර්ණ හිසකෙස් වියළුණු පසු කුඩා කොටස් ගෙන ෆ්ලැට් අයන්  එකක් ආධාරයෙන් ඉතා හොඳින් අග සිට මුලටම අයන් කරගන්න. අයන් කරන උෂ්ණත්වය සහ වාර ගණන තීරණය කළ යුත්තේ ද කොණ්ඩයේ ගනත්වය සහ ප‍්‍රමාණය පිළිබඳ සැලකිල්ලට ගෙනයි. විශාල ලෙස පලූදු වූ හිසකෙස් උෂ්ණත්වය අඩුවෙන් අයන් කළ යුතුයි. අයන් කර අවසන් වූ පසු හිසකෙස් ෂැම්පු නොදා හොඳින් සෝදා කෙරටීන් සත්කාර   සඳහා නිෂ්පාදිත ඍැයහාර්එසබට ප්ින එකක් හිසකෙස් මත ගල්වා විනාඩි 10-15 ක් තබා 60%-70% පමණ සෝදා පසුව හොඳින් වියළා ගැනීමෙන් සුසිනිඳු කඩා හැලෙන අලංකාරවත් කෙස්කලඹක් සකස් කර ගත හැකිය.

 

කෙතරම් කාලයක් තියෙනවාද? 
කෙරටින් සත්කාරය කිරීමෙන් පසු සැර ෂැම්පු යොදා හිසකෙස් සේදීම සුදුසු නැහැ. ඒ උපදෙස් ඒ විදිහටම ක‍්‍රියාත්මක කරන්න පුළුවන් නම් වැඩි කාලයක් කෙරටීන් සත්කාරය පවත්වාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කෙරටීන් සත්කාරයක් මාස 6 ක් වැනි කාලයක් හිසකෙස්වල රඳා පවතිනවා. ඒ කාල සීමාව තුළ වැඩිදුරටත් හොඳ තත්ත්වයෙන් පවත්වාගෙන යාමට නම් කෙරටීන් සත්කාරය කිරීමෙන් පසු ඒ සඳහාම සකස් කළ ෂැම්පු, කන්ඩිෂනර් භාවිත කළ යුතුමයි. විශේෂයෙන් මුහුදු ජලයෙන් දිය නෑම වැනි දේවල් නොකළ යුතුයි.

 

වියදම කොහොමද?
මෙම සත්කාරයට මිල ගණන් තීරණය වෙන්නේ හිසකෙස්වල දිග සහ හිසකෙස්වල අවශ්‍යතාව අනුවයි. කෙසේ වෙතත් මෙය මිල අධික සත්කාරයක්.  සත්කාරය කළාට පසුව ඒ සඳහාම සකස් වූ ෂැම්පු කන්ඩිෂනර් භාවිතය අනිවාර්යයි.ඒ වගේම හිසකෙස් පරිස්සම් කිරීමද කළ යුතු වෙනවා. 

 

ස්ට්‍රේටින්​ වලට වඩා වෙනස් 
කෙරටින් සහ ස්ට්‍රේටින් ක‍්‍රම දෙකක්.  ඒ සඳහා භාවිත කරන ද්‍රව්‍ය වගේම ප‍්‍රතිඵලත් එකිනෙකට වෙනස්. ස්්ටේ‍්‍රටින්, රීබෝන්ඩින්  කිරීමේදී එහි  ඇති රසායනික සංයුති හරහා හිසකෙස්වල රසායනික සංයුතින්ට  හානි  ගෙනදෙනවා. එහෙත් කෙරටීන් සත්කාර මගින් හිසකෙස්වල රසායනික සංයුතිය වෙනසක් වෙන්නේ නැහැ. 

සිරිකත Fashion Read Previous

සිරිකත Fashion

යුක්රේනයට AI ප්‍රකාශිකාවක් Read Next

යුක්රේනයට AI ප්‍රකාශිකාවක්

Realted Post

Leave a comment