පාට කරපු හිසකෙස් රැකගන්න හැටි

 

අද වැඩිදෙනෙක් විලාසිතාවක් ලෙස තම හිසකෙස් වර්ණ ගැන්වීම කෙරෙහි අවධානයක් දක්වයි. මීට වසර ගණනාවකට පෙර සිදුවුණේ හිසකෙස් සුදු වූ විට වර්ණ ගැන්වීමයි. එහෙත් අද වනවිට කළු වර්ණය ඉක්මවා යමින් බ්‍රවුන් ෂේඩ්, රෙඩ් ෂේඩ් වැනි විවිධ වර්ණයන්ට යොමු වී ඇති බවක් දක්නට ලැබෙයි.

 

උපදෙස්
ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී ධනුෂි වීරසිංහ
 සැලෝන් ඔරෙන්ජ්

මේ කෙසේ වෙතත් හිසකෙස් වර්ණ ගැන්වීම වැනි විලාසිතා කිරීමේදී අවධානයට යොමුවිය යුතු කරුණු කාරණා ඉතා වැදගත්. මුලින්ම හිසකෙස් වර්ණ ගැන්වීමේ ක්‍රම පිළිබඳව විමසා බලමු.


හිසකේ වර්ණ ගැන්වීම ක්‍රම කීපයකට අනුව සිදු කෙරෙයි. සමහරු කළු වර්ණය සම්පූර්ණයෙන්ම ඉවත් කර වර්ණ ගැන්වීමට පෙළඹෙති. තම හිසකෙස්වල ස්වභාවික වර්ණයත් සමග වර්ණයක් යෙදීමට එනම් කළු වර්ණය තිබියදී හයිලයිට් කිරීමට කැමැත්තක් දක්වන අයද සිටිති. සමහරු හිසකෙස්වල අග කොටස් පමණක් වර්ණ ගන්වා ගනිති. 

 

ෆැෂන් කලර් වඩාත් ජනප්‍රියයි
නවීන විලාසිතා ප්‍රිය කරන ලාබාල වියේ පසුවන යුවතියෝ බොහෝදෙනෙක් ෆැෂන් කලර් කෙරෙහි වැඩි කැමැත්තක්, වැඩි නැඹුරුතාවක් දක්වති. විශේෂයෙන්ම ඈෂ් කලර්, බ්ලූ, ග්‍රීන්, රෙඩ්, ඔරේන්ජ්, පර්පල් වැනි වර්ණ දැක්විය හැකි ය.


සුදු කොණ්ඩයක් වර්ණ ගැන්වීමේදී ඒ සඳහා යොදා ගැනෙන වෙනම ක්‍රමවේදයක් තිබේ. එසේ නොවේ නම් හයිලයිට් කර වර්ණ ගැන්වීමේ හැකියාව තිබේ. එය තීරණය කළ යුතු වන්නේ ඔවුන්ගේ අවශ්‍යතාව අනුවය. සුදු කොණ්ඩයක් වර්ණ ගැන්වීමෙන් පසු හයිලයිට් එකක් කිරීමට පෙළඹෙන අයද සිටිති. ඒ අනුව විවිධත්වයට කැමැති අයට මේ සඳහා තමන් කැමති ක්‍රමයකට යා හැකිය. මෙහි දැක්වෙන්නේ හිසකෙස් වර්ණ ගන්වා ඇති යුවතියකි. ඇය තරමක් දිගු කොණ්ඩයක් ඇති යුවතියක් වන අතර වර්ණ දෙකක් එක් කරගනිමින් ඇයගේ කොණ්ඩය හයිලයිට් කර ඇත. මෙහිදී මුලින්ම වඩාත් කැපී පෙනෙන්නේ නැති ඛදඅ ඛසටයඑ එකක් කර ළා පැහැයක් ඉස්මතු කෙරෙන ස්වභාවයක් ගැනීමට ඕලොන්ඩ් වර්ණයෙන් හයිලයිට් කර ඇත. ඉන් වැඩි ලස්සනක් මතු වී පෙනෙයි. මෙලෙස වර්ණ දෙකක් ගැල්වීමේ ඇති වාසිය නම් තුනී කොණ්ඩයක් තිබෙන අයෙකුට එම වර්ණ දෙක එක් කිරීමෙන් කොණ්ඩයට පිරුණු ස්වභාවයක් ලැබීමයි.

 

සැලකිලිමත් වෙන්න ඕනෑ කරුණු 
මෙහිදී හිසකෙස්වල ස්වභාවය, තමන්ගේ සමේ පැහැය තමන් නියැලී සිටින වෘත්තිය ආදිය පිළිබඳව අවධානය යොමුකිරීම වැදගත්. ඔබ ගුරුවරියක් නම් වඩාත් කැපී පෙනෙන වර්ණ යෙදීම උචිත නොවේ. එවැන්නක් කිරීම කොතෙක්දුරට තමන්ට ගැළපෙනවාද යන්න ගැන සිතිය යුතුයි. එවන් අයට මුළු කොණ්ඩයම වර්ණ ගැන්වීම සිදු නොකර අනුගමනය කළ හැකි ක්‍රම තිබේ. මෙහිදී වඩාත් කැපී නොපෙනෙන. අව්වට හිසකෙස් නිරාවරණය වන විට පමණක් මතු වී පෙනෙන වර්ණවලට යා හැකිය. කලින් හිසකෙස් පර්ම් කර, ස්ටේ්‍රට් කර, කලර් කර, රීබොන්ඩින් කර විවිධ රසායනික ද්‍රව්‍යයන්ට භාජනය වී ඩැමේජ් වී ඇති කොණ්ඩයක් නැවත වර්ණ ගැන්වීමට යන්නේ නම් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුය. හේතුව ඉන් නැවත වරක් හිසකෙස් පළුදු විය හැකි බැවිනි. එමෙන්ම ඉන්පසු ගල්වනු ලබන වර්ණය පිටතට මතුවී නොපෙනීමට ඉඩ ඇත. එවන් විටෙකදී කළ යුත්තේ එයට විසඳුමක් ලෙස කෙරටින් සත්කාරයක් කර ගැනීමයි.


යම් හෙයකින් හිස් කබලේ තුවාල, පැපොල සෑදුණු කැළැල් වෙත්නම් එම තුවාල සුවවන තෙක් වර්ණ ගැන්වීම නොකළ යුතුයි.

 

 

සත්කාර අත්‍යවශ්‍යයි 
හිසකෙස් වර්ණ ගැන්වූ පසු කලර් කෙයා ෂැම්පූ  සහ කන්ඩිෂනර්  වර්ගයක් භාවිත කිරීම අත්‍යවශ්‍ය ය. කලර් කෙයා ෂැම්පූ භාවිතයෙන් වර්ණ ගැන්වූ කොණ්ඩයේ ස්වභාවය ඒ ආකාරයෙන්ම දිගුකලක් පවත්වා ගැනීමේ හැකියාව ලැබේ.


හිසකෙස් වර්ණ ගැන්වීමෙන් පසුව මුහුදේ නෑම සුදුසු නොවේ. මුහුදු වතුරෙහි ලුණු අධික බැවින් ගැල්වූ වර්ණය ඉතා ඉක්මනින් දුර්වර්ණ වී වර්ණය වෙනස් විය හැකිය. එමෙන්ම පිහිනීම් කරන විටද හිසකෙස් හොඳින් ආවරණය  කර ගැනීම වැදගත් ය. හිසකෙස් දිලිසෙන ස්වභාවයෙන් පවත්වාගන්නට නම් ඩීප් කන්ඩිෂනර් ටී්‍රට්මන්ට් එකක් කිරීමෙන්ද වර්ණය නිසියාකාරව පවත්වාගත හැකිය. 

සටහන: මංජුලා මල්කාන්ති


 

ඉන්දියාවේ ආදරය දිනාගත් ලංකාවේ කෙල්ල Read Previous

ඉන්දියාවේ ආදරය දිනාගත් ලංකාවේ කෙල්ල

ඉන්දියාවේ ආදරය දිනාගත් ලංකාවේ කෙල්ල Read Next

ඉන්දියාවේ ආදරය දිනාගත් ලංකාවේ කෙල්ල

Realted Post

Leave a comment