මනාලියක් වෙන්න ඉන්න ඔබට ස්වභාවික ගොල්ඩ් පේෂල් සත්කාරය

මංගල දිනයට ඇඟිලි ගනිමින් පෙර සූදානමකට ලෑස්ති වෙන්න යුවතියන් බොහොම කැමතියි අද වෙද්දි මේකප් ලොරියක් නොවී තම ස්වභාවික රූප සම්පත්තියම එලෙසම තබා ගනිමින් චාම් සුන්දර මේකප් අඩු මනමාලියක් ලෙස එදිනට පෙනී ඉන්න. එතනදි තම රුවට දක්වන බාහිර වගේම අභ්‍යන්තර සත්කාර පිළිබඳවත් බොහෝ සැලකිලිමත් වීම වැදගත් වෙනවා. මනමාලියක් වෙන්න ඇගිලි ගනින ඔබට බාහිර සත්කාර අතර ගෝල්ඩ් පේෂල් සත්කාරය කියන්නේ මනමාලියක් අතර හිතාම ජනප්‍රිය සුවිශේෂී සත්කාරයක් වෙනවා.  මේ කියන්න හදන්නේ සෞඛ්‍ය ආරක්ෂිතව නිරෝගීව ස්වභාවිකව ගෝල්ඩ් පේෂල් සත්කාරය ආර්ථික   ඉතුරු කරමින්  ස්වභාවික අමුද්‍රව්‍ය උපයෝගී කරගෙන  මේ සත්කාරය සිදු කරන අයුරු පිළිබඳව කතා කරන්නයි.


රන් යනු ආයුර්වේදයේදී. 

ස්වර්ණ ලේපය හෙවත් ගෝල්ඩ් පේෂල් කියන්නේ අතීතයේ රජ කුමාරියන් පවා භාවිත කර හිතා ප්‍රත්‍යක්ෂ සත්කාරයක්. මෙමඟින් සමයේ පැහැය පාලනය කර ශක්තිය උත්තේජනය කර සමහි විෂ නසා සෛල පුනර් ජීවනය කරවන මහඟු ඖෂධයක් වෙනවා. 

 

මෙම සත්කාරයට පෙර සැලකිය යුතු දේවල්. 

බාහිර සත්කාරයක් වුවද සිරුර අභ්‍යන්තර  ත්‍රිදෝෂ තත්ත්වයන් සම තත්වයේ පවත්වාගැනීම කළ යුතුයි. 
ඔබේ සම වර්ගය ස්කින් ටයිප් එක හඳුනා ගැනීම කළ යුතුයි.


සම රතු පැහැවෙන ලප කැළැල් සහිත බිබිළි ඇතිවන පිත් දෝෂ සහිත සමක් ඇති කෙනෙකුට මෙම සත්කාරය සිදුකිරීමේදී තරමක් ප්‍රවේසම් විය යුතුය. 

කුරුලෑ තෙල් සහිත සමක් ඇති මුහුණකට මුලින් ඒවා සුවපත් කරගෙන මෙම පේෂල් එකකට යෑම සුදුසුයි. 

පේෂල් කිරීමට දින හතරකට පහකට පෙර සිට රසායනික ද්‍රව්‍ය අඩංගු බිලිචින් වර්ග රෝම ඉවත් කරන රසායනික ආලේපන  භාවිතය නොකළ යුතුයි. 

මෙම සත්කාරය සිදුකිරීම උදෑසන  හෝ සවස් කාලයේ යොදා ගැනීම සුදුසු අතර විවාහයට දින තුන හතරකට පෙර මෙය සිදු කර අවසන් කළ යුතුය. 

 

සත්කාරය කරන අයුරු

මුලින්ම ස්වභාවික ඔසු සාරය සහ රන් කුඩු ගෝල්ඩ් බස්ම ඩස්ටි අඩංගු විශ්වාසවන්ත ආයුර්වේද නිෂ්පාදනයක් මේ සඳහා තෝරාගත යුතුයි. 

 

මෘදු ශෝධනය

ගෝල්ඩ් ක්ලෙන්සර් එකක් හෝ එළකිරි ස්වල්පයක් කහ කුඩු ස්වල්පයක්  මිශ්‍ර කර මුහුණේ ආලේප කර මුදෘව කවාකාරව මුහුණ පිරිමදින්න.
මෙමගින් සම මතුපිට ඇති කුණු දූවිලි ඉවත් වී සම ප්‍රබෝධමත් කරවයි. 


මැරුණු සම ඉවත් කරන අයුරු

රන් සාර අඩංගු ස්ක්‍රබ් එකකින් මුහුණ පහළට සිට ඉහල රවුම් ආකාරයට හිතා මුදෘව විනාඩි තුනක් සම්බාහනය කර සිසිල් ජලයෙන් සෝදන්න. 


හුමාල ප්‍රතිකාරය 

කොත්තමල්ලි කොළ ,දෙහිකොළ, දැමූ උණුවතුරෙන් එන හුමාලය විනාඩි දෙක තුනක් මුහුණට අල්ලන්න. 
මෙම සත්කාරයෙන් මුහුණේ සම සිදුරු විවෘත වී කුණු දූවිලි බ්ලැක්කේට්ස්  ඉවත් කරවීම පහසුකරයි. 

සම්බාහනය 

ගෝල්ඩ් මසාජ්  ක්‍රීම් හෝ ජෙල් නැත්නම් කුංකුම තෙල් ගෙන මුහුණේ ආලේප කර විනාඩි දහයක් පහළොවක් මෘදුව සම්බාහනය කරන්න. 

මෙමගින් මූණේ රැලි ඇතිවීම වළක්වා තාරුණ්‍යය රැකදී පැහැපත් කරවයි. 


ගෝල්ඩ් පැක් එක

මෙම පැක් එක මුහුණේ ගෙලේ ඒකාකාරී ආලේපනය කර විනාඩි විස්සක් වේලෙන්න තබා මනස සැහැල්ලු කරගන්න. දෑස්මත පිපිඤ්ඤා පෙති හෝ තෙත පුළුන් තබා විවේකීව ඉන්න. මෙම සත්කාරයෙන් ස්වභාවිකවම රන් පැහැයක් මුහුණට ලබා දෙයි. 


සමේ තෙතමනය රැකගන්න 

පැක් එක සිසිල් ජලයෙන් සෝදා ගෝල්ඩ් සීරම් හෝ පිරිසිදු කෝමාරිකා යුෂ ආලේප කරන්න.


සත්කාරයෙන් පසු සැලකිය යුතු දේවල්

සත්කාරයෙන් පසු සිරුරෙහි විෂ ඉවත් කර ගැනීමට අභ්‍යන්තරව තැඹිලි වතුර ,සාරණ, රණවරා වැනි ඖෂධීය පාන වර්ග ලබාගන්න.


හිරු රශ්මියෙන්, ලිපේ ගින්දරවලින් සම රැකගන්න 

මුහුණ සේදීමට පිරිසුදු සිසිල් වතුර හෝ වෙනිවල් ගැට , කොහොඹ තැම්බු වතුර  භාවිත කර මුහුණ සෝදන්න.

සුව නින්දක් ලබා ගැනීම සිත සතුටින් තබා ගැනීම

සමබල ආහාර වේලක් ලබා ගැනීම

මෙවැනි බාහිර සත්කාර හා අභ්‍යන්තර සත්කාර මගින් ඔබ එදින ස්වභාවික රූමත් සුවතියක් වනු නියතයි.

සටහන
මහේෂානි මීගහපොල.

උපදෙස් 
ආයුර්වේද වෛද්‍ය 
ඉමාෂා උඩවත්ත

බඩගින්නේ ඉදලා කෙට්ටු වෙන්න පුලුවන්ද? අලුත් පර්යේෂණය හෙළි වූ වැදගත් කරුණු Read Previous

බඩගින්නේ ඉදලා කෙට්ටු වෙන්න පුලුවන්ද? අලුත් පර්යේෂණය හෙළි වූ වැදගත් කරුණු

පළවෙනි පාරට කරපු වැඩක්. අපට රඟපාන්න නිදහස හම්බ වුණා. Read Next

පළවෙනි පාරට කරපු වැඩක්. අපට රඟපාන්න නිදහස හම්බ වුණා.

Realted Post

Leave a comment