මනාලියට සුන්දර දෑතක්

බක්මහ අවසන් වනවාත් සමඟ එළඹෙන්නේ මංගල සීනු හැඬවෙන සශ්‍රීක කාලයයි. විශේෂයෙන් විවාහය බලාපොරොත්තුවෙන් සිටින තරුණියන්ට අප්‍රේල්, මැයි, ජුනි කියන්නේ ආදරණීය් බලාපොරොත්තු වලින් පිරුණු මාසයන් බව කිව යුතුය. විවාහයේදී සුන්දර මනාලියක්වීම ඕනෑම යුවතියකගේ සිහිනයයි. රුව ලස්සන කරගන්න එකතු කරගන්න ඇඳුම් ආයිත්තම් වගේම නිය අලංකරණය කියන්නෙත් අනිවාර්යයෙන්ම මනාලියගේ සුන්දරත්වය වැඩි කරන තවත් අංගයක්. හෙට දිනයේ වාසනාවන්ත මනාලියක් වීමට සිහින දකින ඔබගේ සුන්දර දෑත තවත් හැඩ කරන්න ජෙල් ෆ්‍රෙන්චි Nail එක්ස්ස්ටෙන්ෂන් විලාසිතාවකින් සැරසෙමු.

 

විශේෂයෙන් මනාලියකට ගැළපෙන නිය හැඩගැන්වීමේ විලාසිතාවක් ලෙස ජෙල් ෆ්‍රෙන්ච් Nail එක්ස්ටෙන්ෂන් විලාසිතාව හඳුන්වා දිය හැකිය. එයින් යුවතියකගේ පෞරුෂයට රැගෙන එන්නේ උසස් ආකර්ෂණයක් සහිත අපූරු පෙනුමකි.

නිය පෙළ සූදානම් කරගන්නේ කොහොමද?

ජෙල් ෆ්‍රෙන්ච් නේයිල් එක්ස්ටෙන්ෂන් විලාසිතාව කර ගැනීමට පෙර මුලින්ම දෑත් වල නියපෙළ සම්පූර්ණයෙන්ම පිරිසුදු කර සූදානම් කරගන්න. 

ඉන්පසු නිය පෙළේ කියුටිකල් ඒරියා එකේ ඒ සඳහා නිෂ්පාදනය කර තිබෙන කියුටිකල් ක්‍රීම් එකක් ආලේප කරන්න. ක්‍රීම් එක හොඳින් ආලේප කිරීමෙන් පසුව පුෂර් එක ආධාරයෙන් කියුටිකල් එක පරෙස්සමින් තල්ලු කරගන්න.

පසුව සම්පූර්ණයෙන් කියුටිකල් ඒරියා එක තල්ලු කරගැනීමෙන් පසුව Nail කියුටිකල් නිපර් කටරයක් භාවිත කර කියුටිකල් ඉවත් කරගන්න. දැන් මැරුණු සම ඉවත්කර පිරිසුදු කර සකස් කරගත් ස්වාභාවික නිය පෙළ මක ටිප් එක අලවා ගන්න

ටිප් එක නියට අලවාගෙන හොඳින් වේළුණු පසුව ටිපර් කටර් එකක් ආධාරයෙන් තමන්ගේ කැමැත්ත පරිදි අවශ්‍ය දිගින් සහ හැඩයෙන් නිය පෙළ කපාගන්න. ඔබට කැමති ප්‍රමාණයේ දිගින් සහ හැඩයෙන් කපාගත් නියපෙළමත යූවී ජෙල් එක ආලේප කරන්න.

නියපෙළ වේළා ගැනීම සඳහා යූවී ලෑම්ප් එකක් අවශ්‍ය වනු ඇත. ‍යූවී ජෙල් වියළා ගැනීමට හැකිවන්නේ යූවී ලැම්ප් එකක් ආධාරයෙන් පමණි. මීළඟට Nail ෆයිල් එකකින් නියපොත්ත හැඩ කරගන්න. එයින් නියපොත්තේ හැඩය එක සමානව සතස් කරගත හැකි වේ.

Nail ග්‍රිල් මැෂිමක් ආධාරයෙන් නියපොත්ත අවශ්‍ය ප්‍රමාණයට හැඩ කළ හැකිය. එම නිසා නිය දාරය මටසිළුටු ලෙස හැඩ කරගැනීම සඳහා Nail ග්‍රිල් මැෂිම ද පාවිච්චි කළ හැකිය.

අවසානයේ Nail පොලිෂ් ආලේප කිරීමෙන් පසුව ජෙල් ෆෙන්ච් Nail එක්ස්ටෙන්ෂන් විලාසිතාව අවසන් කරගන්න. කැමති ණම සාරියට හෝ සුදුසු ඇඳුමට ගැළපෙන ලෙස කැමති චාම් නිය අලංකරණයක් එකතු කරගන්න. 

සටහන: නයනා උදයංගනී
අදහස් දැක්වීම: ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී සමන්ත ගුණසේකර

ගී කිරිල්ලිගේ හැඩ බලන්නකෝ Read Previous

ගී කිරිල්ලිගේ හැඩ බලන්නකෝ

ලොව වටා අරුම පුදුම තැන් සොයා යන චාරිකාව Read Next

ලොව වටා අරුම පුදුම තැන් සොයා යන චාරිකාව

Realted Post

Leave a comment