මුහුණේ කළු වලාකුළු ඉවත් කරන ප්‍රතිකාර

පැහැපත් සමක් හිමිවුවත් බොහෝ යුවතියන්ට වගේම කාන්තාවන්ට මුහුණ දෙන්නට සිදුවන සමේ ගැටලූවක් විදියට පිග්මන්ටේෂන් හෙවත් ක`ඵ සහ දුඹුරු පැහැයට හුරු ලප කැළල් හැඳින්විය හැකිය. කෙතරම් ප‍්‍රියමනාප පෙනුමක් තිබුණත් මේ නිසා කෙනෙකුගේ රුවට අවලස්සනක් එකතු වෙන්න පුළුවන. ඒ සඳහා බලපාන හේතු සාධක බොහොමයක් තිබේ. සමේ එවැනි තත්ත්ව ඇතිවන්නේ ඇයි? ඒ සඳහා සුදුසු ස්වාභාවික ප‍්‍රතිකර්ම මොනවද?

ඒ ගැනයි මේ කතාබහ.

දැඩි හිරු රශ්මියට නිරාවරණය වීමෙන් මේ තත්ත්වය ඇතිවිය හැකිය. තවද අධික තෙල් සහිත සම සහ වියළි සම මේ තත්ත්වයට භාජනය වීමේ අවදානම වැඩි ය. වැරදි ආලේපන භාවිතය ද මේ පිග්මන්ටේෂන් ඇතිවීමට හේතුවක් විය හැකිය. පිග්මන්ටේෂන් සෑදීම වළක්වා ගැනීමට ඔබ කළ යුත්තේ කුමක්ද? ඒ සඳහා මුලින්ම ඔබ ඔබේ සම හඳුනාගත යුතුය. එමෙන්ම ඊට ගැළපෙන ෆේස් වොෂ්, ක්ලෙන්සර් වර්ගයක්, ස්ක‍්‍රබ්, ටෝනර්, පැක්, මොයිස්චරයිසර් භාවිතය අනිවාර්ය වේ. වයසට ගිය පසු නොව ඔබ තරුණ වියේ සිටම පෝෂ්‍යදායී ආහාර ගන්නා අතරතුර ඔබේ සමේ මතුපිටත් ආරක්ෂා කරගත යුතුය. දිනපතා හොඳින් මුහුණ පිරිසුදු කර ගත යුතු අතර සතියකට වරක් හෝ මුහුණ ස්ක‍්‍රබ් කර පෝෂ්‍යදායී පැක් එකක් ආලේප කරන්න. සම මතුපිට ඇති පිග්මන්ටේෂන් සඳහා රූපලාවන්‍යාගාරයකින් හෝ නිවෙසේදී පහසුවෙන් ප‍්‍රතිකාර කළ හැකිය. එහෙත් අභ්‍යන්තර සමෙහි ඇතිවන පිග්මන්ටේෂන් සඳහා  වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.

 

නිවෙසේදී කළ හැකි ප‍්‍රතිකාර 

ස්වාභාවික ප‍්‍රතිකාරයක් ලෙස පොත්ත ඉවත් කරගත් අර්තාපල් ගෙඩියක් බ්ලෙන්ඩර් කරගන්න. මෙයින් තේ හැඳි  එකකට ෆ්‍රෙෂ් මිල්ක් එක්කර පුලූන් කැබැල්ලකින් හොඳින් මුහුණ ක්ලෙන්සර් කරන්න. පසුව හාල් පිටි  රෝස වතුර සමග මිශ‍්‍රකර ස්ක‍්‍රබ් කරන්න. මෙය ඔබ අතින් මුහුණේ උඩු අතට වක‍්‍රවාකාරව සියුම්ව කළ යුතුය.

සුදු හඳුන් කුඩු සමග කෝමාරිකා යුෂ මිශ‍්‍රකර විනාඩි 4 - 5 ක් තබා මුහුණ හොඳින් සෝදන්න.

කොකුන් පොතු කුඩු, කස්තුරි කහ කුඩු මීපැණිවලින් මිශ‍්‍රකර මුහුණේ ආලේප කර විනාඩි 20 - 25 ක් තිබෙන්නට හැර සෝදා ඉවත් කරන්න. තවද මේ සඳහා ඔබට අර්තාපල් තලපය සමග ඇලෝ ජෙල් මිශ‍්‍රකර පැක් එකක් ද සාදා ගත හැකිය. මෙම සත්කාර නිවසේ සිට සතියට වරක් හෝ දෙවරක් කිරීමෙන් සම මතුපිට ඇති පිග්මන්ටේෂන් තත්ත්වය මඟ හරවාගත හැකිය. විශේෂයෙන්ම ඒ සඳහා බලපාන හිරු කිරණවලින් ආරක්ෂා වීමට හොඳ සන් ප්‍රොටෙක්ෂන් ආලේපනයක් භාවිත කිරීමට වගබලා ගත යුතුය. එවිට පිග්මන්ටේෂන් තත්ත්වයක් ඇති වීමට ප‍්‍රථම ඔබේ සම ආරක්ෂා කරගත හැකි වේ.

නයනා උදයංගනී

 

ජාත්‍යන්තර කාන්තා දියේදී The Best Nurse of The year Read Previous

ජාත්‍යන්තර කාන්තා දියේදී The Best Nurse of The year

ඔබත් PRP කරන්න ඉන්නවා නම් මුලින්ම මේක බලන්න Read Next

ඔබත් PRP කරන්න ඉන්නවා නම් මුලින්ම මේක බලන්න

Realted Post

Leave a comment