මුහුණේ පැහැය මතුකර පෙන්වන ෆවුන්ඩේෂන්

 

මුහුණේ පෙනුම වැඩි කර ගැනීමට සහ හැඩතල හොඳින් ඉස්මතු කරගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා වඩාත්ම ගැළපෙන්නේ පෑන් ස්ටික් ෆවුන්ඩේෂන් පෑන් කේක් ෆවුන්ඩේෂන් එදිනෙදා ගමන් බිමන්වලදී පහසුවෙන් ම නිතර පාවිච්චි කළ හැකි ය.

 

හැඩ වැඩ වෙද්දි සම්පූර්ණයෙන් තමන්ගේ පෙනුමට හොඳ නිමාවක් ආකර්ෂණයක් එකතු කරගන්න නම්, ඇඳුමට ගැළපෙන පැලඳුමත් සහ ඒ දෙකටම ගැළපෙන විදියට මේක්අප් එකත් එකතුවෙන්න ඕනෑ. මොනතරම් වටිනා ඇඳුම් පැලඳුම් මිලදී ගත්තත් අවස්ථාවට ගැළපෙන විදියට මේක්අප් එක හරියටම ගැළපුනේ නැතිනම් එයින් තමන් බලාපොරොත්තුවන ලස්සන එකතු කරගන්න බැහැ. කාලයට ගැළපෙන්න ස්වාභාවික පෙනුම ආරක්ෂා වෙන විදියට මේක්අප් කිරීමේදී ලික්විඩ් ෆවුන්ඩේෂන් එකක් මොනතරම් වැදගත්ද යන වග පිළිබඳ මීට පෙර ලිපියෙන් අපි කතා කළා. මේ කතා කරන්න යන්නෙත් ලික්විඩ් ෆවුන්ඩේෂන් වගේම මේක්අප් එකකදී හුඟක් දෙනෙක් භාවිතා කරන ස්ටික් ෆවුන්ඩේෂන් සහ පෑන් කේක් ෆවුන්ඩේෂන් ගැනයි.

 


පෑන් ස්ටික් භාවිතා කරන්නේ ඇයි?
මේක්අප් දැමීමේදී කෙනෙකුට තමන්ගේ මුහුණේ පෙනුම වැඩි කර ගැනීමට සහ හැඩතල හොඳින් ඉස්මතු කරගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා වඩාත්ම ගැළපෙන්නේ පෑන් ස්ටික් ෆවුන්ඩේෂන් ආලේපනයයි. ඊට අමතරව සමේ තිබෙන සියලු දුර්වර්ණ ස්ථාන සම්පූර්ණයෙන් වසා ගැනීමට සහ සමේ ඇතිවී  තිබෙන කුරුලෑ ලප කැළැල් සම්පූර්ණයෙන් වසා ගැනීමට අවශ්‍ය වන්නේ පෑන් ස්ටික් ෆවුන්ඩේෂන්.  එය ඔබේ පෞරුෂත්වය ඉහළ නැංවීමටද උපකාරී වෙනවා. 


එහෙත් මෙවැනි කාර්යයන් රැසක් පෑන් ස්ටික් එකෙන් සිදු කරගත හැකි වුවත් එය ආලේප කළ යුතු පිළිවෙළ පිළිබඳව දැනගැනීමට පළපුරුදු රූපලාවන්‍ය ශිල්පියෙකුගේ සහාය වැදගත් වෙනවා. විශේෂයෙන් මෙම ආලේපනය ඔයිල් බේස්, ඇල්කොහොල් බේස්, පවුඩර් බේස්, වෝටර් බේස්, වෝටර් බේස් ඔයිල් ෆ්‍රී, සිලිකන් බේස් සහ වැක්ස් බේස් ලෙස වර්ග බොහෝමයක් තිබෙන නිසා එය තෝරා ගැනීමේදී සමේ වර්ණය, පැහැය, මුහුණේ හැඩය සහ සමේ රෝග අනුව තෝරා ගැනීමේ දැනුම ඇත්තේ රූපලාවන්‍ය ශිල්පියාට නිසා ඔහුගේ සහාය ලබා ගැනීමෙන් සාර්ථකව තමන්ගේ අවශ්‍යතාව ඉටුකර ගැනීමට පුළුවන්. 
එපමණක් නොවෙයි නිතර මේක්අප් නොකරන කෙනකු නම් පෑන් ස්ටික් එකක් තනිව පාවිච්චි කිරීම සඳහා මිලදී ගැනීම එතරම්ම සුදුසු නැහැ. එයට හේතුව වෙළෙඳපොළේ ඒවා ඉතා අධික මිලක් වන නිසාත්, එය තනි භාවිතයේදී නිතර භාවිතා නොවන නිසාත් කල් ඉකුත්වීම සහ ඒවායේ ගුණාත්මකභාවය අඩු විය හැකිය.  

 


පෑන් කේක් ෆවුන්ඩේෂන් 

උපදෙස් -ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී 
නීෂා රත්නායක 

 


එදිනෙදා ගමන් බිමන්වලදී පහසුවෙන් ම නිතර පාවිච්චි කරන්න පු`ඵවන් ෆවුන්ඩේෂන් එකක් විදියට බොහෝ යුවතියන් අතර පෑන් කේක් ෆවුන්ඩේෂන් වඩාත් ජනප්‍රිය වී තිබේ. මෙම ආලේපනයෙන්ද මුහුණට හොඳ පැහැපත් පෙනුමක් එක්කරගත හැකි වේ. මේවා බොහෝවිට ජලය සමග මිශ්‍ර කිරීමෙන් මුහුණට භාවිතා කරනු ලබයි. ස්පොන්ජ් එකක් ගෙන එය තෙත්කර එහි පෑන් කේක් තවරාගෙන මුහුණේ ආලේප කරගත හැකිය. 


මෙම ආලේපනයද තෝරා ගැනීමේදී සමේ වර්ණය, හැඩතල අනුව තෝරාගත යුතුය. එමෙන්ම භාවිතයේදී අනෙක් ෆවුන්ඩේෂන් වර්ගවලදී මෙන් නොව සැලකිල්ලෙන් ආලේප කළ යුතුය. එනම් පෑන් කේක් එකක් පහසුවෙන්ම මුහුණට ආලේප කරගත හැකි වුවත් භාවිතයේදී තෙත ස්පොන්ජ් එක තෙත පිටින් දිනපතා පෑන් කේක් එක මත තවරා මුහුණේ ආලේප කර ගැනීමෙන් පෑන් කේක් ඉක්මනින්ම නරක්වන තත්ත්වයට පත් වේ. විශේෂයෙන් මතුපිට පුස් බැඳීම සිදුවිය හැකිය. එයට විසඳුමක් ලෙස තෙත ස්පොන්ජ් එක ඒ මත තැවරීම නොකර, පෑන් කේක් එකෙන් අවශ්‍ය ප්‍රමාණය සූරාගෙන එය වෙනත් බඳුනකට දමා දියකර ස්පොන්ජ් එක ආධාරයෙන් මුහුණේ තවරාගත හැකිය.


කෙසේ නමුත් මේ තුළින් මුහුණට හොඳ පෙනුමක් එකතු කරගන්න හැකි වුණත් පෑන් ස්ටික් එකකින් ලැබෙන නිමාව ලබා ගත නොහැකි බවද දැනගත යුතුය.

සටහන - නයනා උදයංගනී


                  

ලග්න පලාඵල Read Previous

ලග්න පලාඵල

MY STYLE  with  ශාලිකා Read Next

MY STYLE with ශාලිකා

Realted Post

Leave a comment