රූපලාවන්‍ය සත්කාර මාස තුනකට කලින්වත් පටන් ගන්න

 සුන්දර මනාලියක් වෙන්න සිහින මවන යුවතියන්ට 

 

ජීවිතයේ සුන්දරම දිනය වඩාත් සුන්දර කර ගැනීමට නම්, ගැහැනු ළමයෙකු තමන්ගේ විවාහ මංගල්‍යය දිනයට පෙර සිටම සූදානම් විය යුතුයි. ඒ අතර සිරුරේ පැහැය, සමේ නිරෝගි භාවය, හිසකෙස්, මේ සියල්ල කෙරෙහි විශේෂ උනන්දුවක් දැක්විය යුතුයි. ඇතැම්හු විවාහයට සීමිත දින කිහිපයක් තිබියදී විවිධ සත්කාරක කිරීමට පෙලඹෙති. එහෙත් එයින් බලාපොරොත්තු වන සුන්දරත්වය ඉක්මනින්ම උදාකරගත නොහැක. සමහර අවස්ථාවලදී නොහිතූ ගැටලුවලටත් මුහුණ පෑමට සිදු වේ. එසේ නම් විවාහයට පෙර තමන්ගේ සුන්දරත්වය වැඩි කරගැනීමට කටයුතු සූදානම් කරගන්නේ කෙසේද? ඒ සඳහා කොපමණ කාලයක් අවශ්‍ය වෙනවාද?

 

කාලය කළමනාකරණය කරගන්න
ඕනෑම යුවතියක් අවුරුද්දකට පමණ කලින් සිට විවාහ කටයුතු සඳහා සූදානම් විය යුතුයි. ඇඳුම් පැලඳුම් තෝරා ගැනීමට, සැලසුම් කිරීමට, විවාහයේ අනෙකුත් අංග හා දෙවන මනාලියන් සහ මනාලිය තෝරා ගැනීම පිළිබඳ සැලසුම් කිරීම වැනි කටයුතු ගණනාවක් තිබෙන නිසා අවුරුද්දක පමණ කාලයක් තිබියදී මේ ගැන තම රූපලාවන්‍ය ශිල්පියා හෝ ශිල්පිනිය සමග සාකච්ඡා කළ යුතු වේ.

සත්කාරක සඳහා යොදවන කාලය තීරණය කරන්නේ පුද්ගලයා අනුවය. කිසිම වෙලාවක විවාහයට සති දෙක තුනක් තිබියදී සත්කාර ආරම්භ කරන්නේ නැත. එයට හේතුව වන්නේ, සත්කාරක අතරතුර දී යම් ආසදනයක් හෝ ගැටලුවක් මතුවුවහොත් ඒ සඳහා ප්‍රතිකර්ම කිරීමට කාලයක් නොමැති වීමයි. එසේ නම් විවාහයට සූදානම් වන යුවතියක් රූපලාවන්‍ය සත්කාරක සඳහා අවම වශයෙන් මාස තුනකට කලින් යොමු විය යුතු අතර එම කාලය තවත් දීර්ඝ වන්නේ එක් එක් පුද්ගලයාට පවතින ගැටලු අනුවය.

 

 

 

වැඩි කාලයක් අවශ්‍ය ඇයි?
සාමාන්‍යයෙන් විවාහවීමට සිටින යුවතියකට රූපලාවන්‍ය සත්කාරක වැදගත් වන්නේ එයින් තමන්ගේ සමේ සහ රුවේ ඇති ගැටලු අවම කරගත හැකිවීම නිසයි. උදාහරණයක් ලෙස ඇස් වටා ක`ඵ වී ඇත්නම්, මුහුණේ අඳුරු ස්වභාවයක් ඇත්නම්, ඒවා අවම කරගැනීමට කාලයක් ගත වන නිසා මෙම සත්කාරවලට මාස තුනකට කලින් යොමුවිය යුතු වේ. ඒ වගේම මනාලියකට තමන්ගේ මුහුණට ඉතා පියකරු පෙනුමක් ලබාදීම සඳහා ෆේෂල් සත්කාර අනිවාර්යයෙන්ම සිදුකරන අතර එය ආරම්භ කරන්නේද මාස තුනක පමණ කාලයක සිටයි. ඒ වගේම කෙනකුට සාමාන්‍යයෙන් සිදුකරන ෆේෂල්වලට අමතරව මනාලියන් සඳහා සිදුකරනු ලබන විශේෂ ෆේෂල් සත්කාර ද ඇත.

යම් අවස්ථාවක ලප කැළැල්, කුරුලෑ සහ සමේ සිදුරු ආදී බොහෝ ආසාදන පවතින අයෙකු නම් මෙවැනි කෙනකු තමන්ගේ විවාහයට අවුරුද්දකට කලින් සම පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයෙකු හමු වී සම සඳහා ප්‍රතිකාර ලබාගත යුතු වේ.

 

නොකළ යුතුම දේවල්
මනාලියක් වෙන්න සූදානම් වන යුවතියට වැඩ කටයුතු රැසක් පවතින නිසා බොහෝ වෙලාවට නිතර නිතර පිටතට යෑමට සිදු වේ. එහෙත් විශේෂයෙන් ෆේෂල් සත්කාරක සිදු කිරීමෙන් අනතුරුව සම හිරු එළියට නිරාවරණය වීම සුදුසු නැත. එයින් ඔබේ සම ඉක්මනින්ම ආසදනවලට යොමුවීමටත් තවත් දුර්වර්ණ වීමටත් අවස්ථාව ඇත.

 

විශේෂ අවධානයක් දෙන රූපලාවන්‍ය සත්කාරක

මනාලියගේ සිරුර, මුහුණ, සම පමණක් නොව හිසකෙස් සහ නිය, දෑත් සහ පාදවලට මනා පෙනුමක් ලබාගැනීමෙන් රුවෙහි පෙනුම වඩාත් ආකර්ෂණීය කරගැනීමට උදව් වේ. මනාලියක් වීමට සිහින දකින යුවතියක් තමන්ගේ පෙනුම වඩාත් ආර්ෂණීය කරගැනීමට මාස හතරකට කලින් ඇක්නි ෆේෂල් (Acni treatment) එකකට යොමුවීම ඉතා වැදගත් වේ. එයින් සමේ ඇති ආසාදන, ලප කැළැල්, සුවකරගත හැකි වේ.

විශේෂයෙන් සමේ ස්වභාවය අනුව ෆේෂල් සිදුකරන අතර, වඩාත් තෙල් සහිත සමක් තිබේ නම්, එය පාලනය කරගැනීමට අවශ්‍ය උපදෙස් සහ සත්කාරක ලබාදීම ද සිදු කෙරේ. එමෙන්ම නිරෝගී සමක් පිළිබඳ සිතන යුවතියන්ට සම සඳහා ෆිෂ් ඔයිල් එකක් භාවිතා කිරීමද වැදගත් වේ. අවසානයට සමේ අනවශ්‍ය රෝම ඉවත් කිරීම සිදුකරනු ලබන්නේ විවාහ දිනයකට හෝ දින දෙකකට පෙරය. එයින් දීප්තිමත් බවක් සමට එක්කර ගත හැකි අතර ඔබට විදිමත් පෙනුමක් එක්කරනු ඇත. මේ ආකාරයට මනාලියක් කල් තියා සූදානම් වීමෙන් තමන්ගේ විවාහ දිනයට තමන් බලාපොරොත්තු වෙන ආකාරට සැරසෙන්නට අවස්ථාව උදාකරගත හැකි වේ.

නයනා උදයංගනී


 

MY STYLE  with  ශාලිකා Read Previous

MY STYLE with ශාලිකා

අම්මයි  බබයි දෙන්න ම අවදානමේ  වැදෑමහේ ගැටලු Read Next

අම්මයි බබයි දෙන්න ම අවදානමේ වැදෑමහේ ගැටලු

Realted Post

Leave a comment