සහල් වලින් ලස්සන වෙමු

 සහල් ස්ක්‍රබ් 

මේ සඳහා ඔබේ ගෙලට, මුහුණට, සිරුරට අවශ්‍ය ප්‍රමාණයට සහල් ගෙන ජලයේ පැයක් පමණ පෙඟෙන්න තබන්න. 

සහල් ජලයේ පොඟවා ගැනීමෙන් පසු තෙතමනය ඉවත්වන තුරු තබන්න. ඉන්පසු එය තරමක් කැට සිටින ලෙසකුඩු කරගන්න.

ඉන්පසු එයට කෝමාරිකා ඉස්ම, මී පැණි, යෝගට් හෝ මී කිරි එකතු කර ස්ක්‍රබ් එක සාදා ගන්න. ස්ක්‍රබ් කිරීමට පෙර සම හොඳින් පිරිසිදු කරගන්න. 

සහල් ජලයේ පොඟවා ගැනීමට හේතුව එහි ඇති තද ස්වභාවය අඩුවී මෘදු ස්වභාවයක් ලබා ගැනීමටයි. 

මෙම සත්කාරය ඕනෑම සමකට භාවිතා කළ හැකියි. මී පැණි වලින් සම පිරිසිදු කරයි, ප්‍රතිශක්ති ගුණය වඩවයි ,සමයෙහි ඇසට නොපෙනෙන තුවාල සුව කරයි, සමය තෙතමනය රැක දෙයි, අසාත්මිකතාවලක්වයි, දීප්තිමත් භවය වඩවයි, මැරුණු සම හොඳින් ඉවත්වීම සිදුවී පැහැපත්  වේ. 

සටහන- මහේෂානි මීගහපොල.

අදහස් දැක්වීම_
ආයුර්වේද වෛද්‍ය විමුක්ති ද සොයිසා.
ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ප්‍රධාන ලේකම්.

Dragons of Sri Lanka 2026 රන් සම්මානය HUTCH Read Previous

Dragons of Sri Lanka 2026 රන් සම්මානය HUTCH

එදිනෙදා ගමනට ඔබ ආස කරන විලාසිතා Read Next

එදිනෙදා ගමනට ඔබ ආස කරන විලාසිතා

Realted Post

Leave a comment