සාරියට අලුත් මෝස්තරයේ හැට්ට තෝරමු

 

කැපී පෙනෙන්න වගේම අලුත්ම විලාසිතාවලට කැමති අයට සාරියක් හැඩ කරගන්න අඳින්න පුළුවන් තවත් සුවිශේෂී සාරි හැට්ට විලාසිතාවක් වන්නේ ඕවර්කෝට් ක්‍රමයේ සාරි හැට්ටය යි.

 

සාරිය විශේෂ අවස්ථාවකට වගේම රැකියාවට යන කාන්තාවන් නිතර අඳින ජනප්‍රිය විලාසිතාවක්. එහෙත් සාරිය මොනතරම් වර්ණවත් අලංකාර තේරීමක් වුණත් සාරි හැට්ටය නිතර දකින්නට තිබෙන විලාසිතාවකින් මසා ඇත්නම් එහි වෙනසක් දකින්න අපහසුයි.  එහෙම වෙන්නේ සාරියට විවිධත්වයක් ගෙනෙන්නේ සාරි හැට්ටයෙන් නිසයි. ඒ නිසා මේ වන විටත් සාරි විලාසිතා අතර හිතාගන්නවත් බැරි තරමට වෙනස්කම්වලින් පිරුණු අපූරු සාරි හැට්ට විලාසිතා ගණනාවක් දැකගන්නට පු`ඵවනි.


අත් දිග, කර සහ උඩුකය සම්පූර්ණයෙන්ම වැසෙන සාරි හැට්ටය
මේ දිනවල දකින්නට ලැබෙන සාරි හැට්ට විලාසිතා අතර ජනප්‍රියම විලාසිතාවක් වන්නේ අත් දිග, කර සහ උඩුකය සම්පූර්ණයෙන්ම වැසෙන සාරි ජැකට් විලාසිතා යි. සාමාන්‍ය සාරි ජැකට් රෙදිවලටත් වඩා මේ සඳහා සුදුසු ටිකක් ඇඳෙන සු`ඵ රෙදි වර්ගයි. මෙහිදී සාරිය වෙනුවෙන්ම කෙනෙකුට සාරි හැට්ටය මහන්න අවශ්‍ය වන්නේ නැහැ.  තමන් ළඟ තිබෙන ඇඟට හිර අත් දිග ටී ෂර්ට් මේ වෙනුවට පාවිච්චි කිරීමට හැකිවීම මෙහි දකින්න ලැබෙන විශේෂ වෙනසක්. ඇදෙන සුළු රෙදි වර්ගවලින් මැසූ ටී ෂර්ට් මේ සඳහා වඩාත් සුදුසුයි. ඒ නිසාම මේ විලාසිතාව වෙනස්ම සාරි විලාසිතාවක් වගේම මේ වනවිට ජනප්‍රිය විලාසිතාවක් බවට පත්වී තිබෙනවා.

 

 


සාමාන්‍ය බ්ලවුස් විලාසිතා හැඩයට මැසූ සාරි හැට්ටය
ශරීරය තරමක් වැසෙන විදියට අඳින්න කැමති අයට ගැළපෙන සාරි හැට්ට විලාසිතාවක් වන්නේ සාමාන්‍ය බ්ලවුස් එකක හැඩයට මැසූ සාරි හැට්ටය යි. පෙප්ලම් ටොප් එකක් ආකාරයටත්, යට කොටස තරමක් සැහැල්ලු ලෙසත් අත් හිර නොවූ ලූස් ෆිට් එකක් සහිතවත් මේ සාරි හැට්ටය මසාගන්න පුළුවන්. තමන්ට ගැළපෙන සහ පහසු ආකාරයට මේවා තෝරගන්න ඇති හැකියාව නිසාම එවැනි විලාසිතා ඉතා ජනප්‍රිය වී තිබෙනවා. තරමක් පහසුවට අඳින්න කැමති අයටත් මේ විලාසිතාව හොඳින් ගළපාගන්න පු`ඵවන්. සාමාන්‍ය ක්‍රොප් ටොප් එකක ප්‍රමාණයේ දිගට මේ සාරි හැට්ටය මසාගන්න පුළුවනි. හෑන්ඩ්ලූම්, කොට්න් වැනි සාරි සඳහා මෙම ලූස් ෆිටඩ් හැට්ටය වඩාත් සුදුසුයි.

 


ෂර්ට් හැඩයට මැසූ සාරි හැට්ටය
මේ දිනවල තවත් වෙනස්ම විදියේ විලාසිතාවක් විදියට ෂර්ට් හැඩයට මැසූ සාරි හැට්ටය හඳුන්වන්න පු`ඵවනි. මෙම හැට්ටය කොලර් සහිතව හෝ රහිතව සහ මැද කොටසට බොත්තම් සහ උඩ කොටස වැඩිය තද නොවන ආකාරයට මසාගන්න පුළුවන්. ඒ වගේම අපි ළඟ දැනටම තිබෙන ෂර්ට් එකක් වුණත් මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. එකම සාරියට විවිධ ජැකට් අඳින්න කැමති අයටත් මේ ආකාරයට විවිධ හැට්ට විලාසිතා ගළපාගන්න උත්සහ කළ හැකියි.

 


බෝරිච්චි අත දැමූ සාරි හැට්ටය
මේ දවස්වල තවත් ප්‍රචලිත විලාසිතාවක් වන්නේ විවිධ ප්‍රමාණවලට බෝරිච්චි අත දැමූ සාරි හැට්ට විලාසිතා යි. බෝරිච්චි අතීතයේ සිටම පැවතගෙන එන විලාසිතාවක් වුවත් මේ දිනවල වඩාත්ම ප්‍රචලිත තරමක් විශාල සහ විවිධ දිග ප්‍රමාණවලින් යුතු බෝරිච්චි අත් සහිත හැට්ටයි.

 


ඕවර්කෝට් හැඩයේ සාරි හැට්ටය
එමෙන්ම ටිකක් කැපී පෙනෙන්න වගේම අලුත්ම විලාසිතාවලට කැමති අයට සාරියක් හැඩ කරගන්න අඳින්න පුළුවන් තවත් සුවිශේෂී සාරි හැට්ට විලාසිතාවක් වන්නේ ඕවර්කෝට් ක්‍රමයේ සාරි හැට්ටය යි. විවිධ දිග ප්‍රමාණවලට මේවා මසාගන්න පුළුවන් වගේම සාරි ජැකට් එකේ රෙදිවලින් මේ ජැකට් කොටස මසාගෙන ඊට යටින් අවශ්‍ය නම් ක්‍රොප් ටොප් එකකට සමාන හැට්ටයක් වුවත් ගළපාගන්න පුළුවන්.
මේ වන විට විලාසිතා ලෝකයේ සාරි හැට්ට විලාසිතාවලට අලුත් ක්‍රම බොහෝමයක් එකතු වී තිබෙන නිසා ඒවා පහසුවෙන්ම ඔබට ගළපාගන්න පු`ඵවන් වගේම අවස්ථානුකූලව ඔබේ පෙනුමට වෙනස්ම සුන්දරත්වයක් එයින් එක්කර ගන්නත්  හැකියාව තිබෙනවා.

නයනා උදයංගනී



 

ගැහැනිය වෙනුවෙන් සටන් වැදි ලේඛිකාව තස්ලිමා  නස්රීන් Read Previous

ගැහැනිය වෙනුවෙන් සටන් වැදි ලේඛිකාව තස්ලිමා නස්රීන්

අම්මා නැත්නම් අමරදේව කෙනෙක් නැහැ... Read Next

අම්මා නැත්නම් අමරදේව කෙනෙක් නැහැ...

Realted Post

Leave a comment