හරියට ව්‍යායාම කළොත් බොන බෙහෙත් අහුර නවත්තන්න පුළුවන්

ශරීරයේ නිරෝගී පැවැත්මට ක‍්‍රියාශීලී දිවියක් ගත කිරීම ඉතා වැදගත් වෙයි. සමහර අය ගත කරන්නේ ඉතාමත් කාර්යබහුල ජීවිතය. ඔවුන් ශරීරයට නිසි ව්‍යායාම ලැබෙන ක‍්‍රියාකාරකම්වල නිරත වෙනවාද යන්න නම් සැක සහිතයි. දවසේ වැඩි කාලයක් පුටුවක වාඩිවී රාජකාරියේ යෙදෙන පිරිස් අප අතර වේ. ඒවාගේම ඇතැම්හු දවසේ වැඩි කාලයක් එක දිගට පුටුවක හෝ ඇඳක වැතිරී රූපවහිනිය නැරඹීමට, ස්මාර්ට් දුරකථනය හෝ පරිගණකය භාවිතා කිරීමට පුරුදුව සිටිති. මෙයින් පුද්ගලයෙකුගේ කායික ක‍්‍රියාශීලීභාවය තව තවත් සීමා වේ.
ක‍්‍රියාශීලිත්වය අඩුවීම, ඒකාකාරී ජීවන රටාව ශරීරය රෝගීවීමට විශේෂයෙන් බලපාන බව වෛද්‍යවරු පවසති. ව්‍යායාම නොමැතිකමින්් ශරීරයේ් මේද හා කැලරි දහනයවීම අඩාල වෙයි. එහි ප‍්‍රතිඵලය වන්නේ් එම පුද්ගලයා තරබාරුවීම, දියවැඩියාව, හෘදරෝග, කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය වැනිි බෝ නොවන රෝග ඇතිවීමේ අවදානම වැඩිවීමයි.  ඒ නිසා බෝ නොවන රෝගවලින් මිදී නිරෝගිමත් ජීවිතයක් ගත කිරීමට නම් ක‍්‍රීයාශීලීභාවය ඉතා වැදගත් වෙයි.  


ක‍්‍රියාශීලීභාවය වැඩි කිරීමෙන් ලැබෙන වාසි

  •  අකල් මරණවලින් වැළකෙයි.
  •  දියවැඩියාව, ආඝාතය, හෘදරෝග ඇති වීමේ අවදානම අඩුවෙයි.
  •  රුධිර කොලෙස්ටරෝල් මට්ටම, අධික රුධිර පීඩනය පහසුවෙන් පාලනය කර ගත හැකියි.
  •  අස්ථි, මාංසපේෂී හා සන්ධි සවිමත් වෙයි.
  •  පිළිකා වළක්වා ගත හැකියි.
  •  දරුවන් හා යෞවනයන් අතර විශේෂයෙන් නිපුණතා වර්ධනය කර ගත හැකි වෙයි. විශේෂයෙන් කණ්ඩායම් හැගීම, නායකත්වය, අධ්‍යාපන කටයුතුවලදී ජයග‍්‍රහණ ලැබීමට මෙය හේතුවක් වෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන ආකාරයට අපේ රටේ වයස අවුරුදු 18 - 69 අතර  පසුවන්නන්ගෙන්් 1/3 ක ක‍්‍රියාශීලීභාවය ඉතාමත්ම අඩුය. මෙය අද විශේෂයෙන් අවධානය යොමු කළ යුතු ඉතා වැදගත් තත්ත්වයකි.
අද බොහෝ දෙනෙක් වැඩි කාලයත් ගත කරන්නේ රූපවාහිනිය ඉදිරියේය. පරිගණකය ඉදිරියේ ය. එහෙමත් නැත්නම් ස්මාට් ෆෝන් රැුගෙන ඇඳ උඩය. නැත්නම් පුටුව උඩය. මේ වගේ පුරුදු දරුවන් අතර වගේම වැඩිහිටියන් අතරද දක්නට ඇත. මේ තත්ත්වය අද ඇබ්බැහිවීමක් බවට පත් වී ඇති අතර නිරෝගී ජීවිතයක් ගත කරන්්නට එය බාධාවක් වී ඇත.


ව්‍යායාම කිරීමේ ප‍්‍රයෝජන

ව්‍යායාම කිරීමෙන් ප‍්‍රයෝජන රාශියක් අපට අත් වෙයි. බෝ නොවන රෝග වළක්වා ගන්නටත්, පිළිකා වළක්වා ගන්නටත් ව්‍යායාම උදව් වෙයි. ඊට අමතරව මානසික ශක්තිය දියුණු කරන්නත් උදව් කරයි. එහෙත් ඔබ ව්‍යායාම කරනවා නම් නිවැරැදි ආකාරයට නිවැරැදි තීව‍්‍රතාවට කිරීම වැදගත් වෙයි. එක් එක් වයස් කාණ්ඩවලට කොපමණ කාලයක් කොපමණ ප‍්‍රමාණයක්් ව්‍යායාම කළ යුතුද යන්න ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. ඒ අනුව සාමාන්‍යයෙන් තරුණ දරුවෙකුට දවසකට පැයක්වත් මධ්‍යස්ථ තිව‍්‍රතාවයකින් හෝ වැඩි තීව‍්‍රතාවයකින් ව්‍යායාම කළ යුතුයි. මධ්‍යම වයසේ අය අඩුම තරමේ මිනිත්තු 75-150 අතර කාලයක් අධි තීව‍්‍රතාවයකින් යුතු ක‍්‍රියාකාරකම් හෝ මිනිත්තු 150-300 අතර කාලයක්, සතියකට වතාවක් මධ්‍යස්ත තීව‍්‍රතාවයකින් යුතු ක‍්‍රියාකාරකම් කළ යුතුය. එහෙත් මෙම ක‍්‍රියාකාරකම් කිරීමේදී එක දිගට කිරීම අවශ්‍ය නොවේ. එදිනෙදා වැඩ කටයුතු කරන අතරතුරදී ඔබට මෙවැනි ක‍්‍රියාකාරකම් කළ හැකිය. ඒවාගේම අප සාමාන්‍යයෙන් ව්‍යායාම කරන විට නිසා ආකාරයට නිසි තීව‍්‍රතාවයකින් කළ යුතුයි.


මොකක්ද මේ තීව‍්‍රතාව

  •  තමන් ව්‍යායාම කරන විට තමන්ට පහසුවෙන්් සිංදුවක් කීමට හැකි නම් එයින් හැෙ`ගන්නේ ඒවා මද තීව‍්‍රතාවකින් කරන ව්‍යායාම ලෙසයි.
  •  ව්‍යායාම කරද්දී තමන්ට සිංදු කීමට නොහැකි වුවත් කිසියම් වාක්‍යයක් කතා කළ හැකි නම් ඉන් හැෙ`ගන්නේ ඒවා මධ්‍යස්ථ තීව‍්‍රතාවයකින් යුතු ක‍්‍රියාකාරකම් ලෙසය.
  •  ව්‍යායාම කරද්දී ඔබට වාක්‍යයක් කතා කිරීමට අපහසු නම් ඉන් හැෙඟන්නේ ඒ අධි තීව‍්‍රතාවකින් යුතු ක‍්‍රියාකාරකම් ලෙසයි.

 

ව්‍යායාම නිවැරදිව කරන්න  ඕනෑ 
ව්‍යායාම නිවැරැදි ආකාරයට කිරීමත් ඉතා වැදගත් වෙයි. හෘදයේ සහ පෙණහලූ ක‍්‍රියාකාරිත්වය වැඩි කිරීමට බලපාන ව්‍යායාම වශයෙන් ඇවිදිම, හා දිවීම සඳහන් කළ හැකියි. දිවීමේ ව්‍යායාමය කරද්දී සපත්තුවක් පැලඳීම අවශ්‍යය. ඒවාගේම දුවන විට සපත්තුවේ පතුලේ අග මුලින් පොළොවට වැදෙන ආකාරයට දිවීම වැරැුදිය. නිවැරැුදි ආකාරය විය යුත්තේ දුවන විට පොළොවට මුලින් වැදිය යුත්තේ් පතුලේ ඇඟිලිවලට ම`දක් පිටුපස කොටසයි. එසේ නොවුණොත් හන්දිිි ආබාධ ඇති විය හැකිය.
ඇවිදීමත් ආරක්ෂා සහිත ව්‍යායාමයකි. මිනිත්්තු 15 ක් ඇවිදිනවා නම් එයින් පළමු මිනිත්තු 05 මඳ වේගයෙන් ඇවිදින්න. ඊළඟ මිනිත්තු 05 වැඩි වේගයෙන් ඇවිදින්න. අවසාන මිනිත්තු 05 නැවතත් මඳ වේගයෙන් ඇවිදීමෙන්  පසු නවතින්න. 
ඒවාගේම  පඩි නැගීමත් හෘදයේ හා පෙණහැල්ලේ නිසි ක‍්‍රියාකාරිත්වයට වගේම මාංසපේශි ශක්තිමත් කිරීමට උදව් වෙයි. මුළු ශරීරයටම බලපෑම් ඇති කරන ව්‍යායාම ලෙස පිහිනීම, බයිසිකල් පැදීම සඳහන් කළ හැකිය.

 

                      සුබෝධිනී පෙරේරා                     

 

අඟහරු තරණයට සුදුසුකම් ලත් අපේ කෙල්ල Read Previous

අඟහරු තරණයට සුදුසුකම් ලත් අපේ කෙල්ල

සා.පෙළට යන දරුවන්ට  සුබ නැකත් Read Next

සා.පෙළට යන දරුවන්ට සුබ නැකත්

Realted Post

Leave a comment