AI සමුළුව සහ ප්‍රදර්ශනය

ඩ්ජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ SLT-MOBITEL එක්ව සංවිධානය කරන 2026 ශ්‍රී ලංකා AI සතිය (Sri Lanka AI Week 2026) වැඩසටහන් මාලාවේ ප්‍රධානතම වැඩසටහන්, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතාගේ සහභාගීත්වයෙන් පසුගිය දා Monarch Imperial හිදී නිල වශයෙන් ආරම්භ විය.

සැප්තැම්බර් 25 දින ආරම්භ වූ 2026 ශ්‍රී ලංකා AI සතිය වැඩසටහන් මාලාවේ ප්‍රධානතම අංග වන AI සමුළුව සහ AI ප්‍රදර්ශනය සැප්තැම්බර් 29 සහ 30 යන දෙදින පැවැත්වූ අතර, කෘත්‍රිම බුද්ධියේ අනාගතය හැඩගස්වන ප්‍රමුඛ පෙළේ විද්වතුන්, නවෝත්පාදකයන් සහ තාක්ෂණික සමාගම් රැසක් ඒ සඳහා එක් විය.

රටවල් 16 ක කථිකයන් 60 කට අධික පිරිසක් මෙම දෙදින සමුළුවේදී අදහස් දැක්වූ අතර, AI ප්‍රදර්ශනය සඳහා ප්‍රදර්ශකයන් 35 කට අධික පිරිසක් සහභාගී විය. Huawei, ZTE, Sampath Bank, snowflake, EDOTCO, Connex සහ NCINGA ඇතුළු ප්‍රධාන පෙළේ සමාගම් රැසක නිපැයුම් ඔස්සේ AI තාක්ෂණය සතු පරිවර්තනීය හැකියාවන් අත්විඳීමට එහිදී කාටත් අවස්ථාව සැලසෙනු ඇත.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාට අමතරව සමාරම්භක උත්සවය සඳහා අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත් මහතා, අධ්‍යාපන, SLT සමූහයේ සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා සහ SLT-MOBITEL හි ප්‍රධාන විධායක නිලධාරී රියාස් රෂීඩ් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ ආරාධිතයින් රැසක් එක්ව සිටියහ.

 

සිරිකත මතක් කළ වසර 41කට එහා ගිය මතකයක්… Read Previous

සිරිකත මතක් කළ වසර 41කට එහා ගිය මතකයක්…

සංස්කෘතියයි ලස්සනයි එකට මුසු වුණු අපූරු මොහොතක්.. Read Next

සංස්කෘතියයි ලස්සනයි එකට මුසු වුණු අපූරු මොහොතක්..

Realted Post

Leave a comment