ආයු වඩ්ඩකෝ !

මිනුවන්ගොඩ පුාදේශිය ලේකමි කොටඨාශයේ පිළිකා රෝගින්ගේ කායික මානසික සුවතාවය පුවර්ධනය කරමින් එම රෝගින්ගේ ආයු අපේක්ෂා ඉහළ නැංවිමෙි වැඩ සටහනක් මිනුවක්ගොඩ පුාදේශිය ලේකමි කාර්යාල ශුවණාගාරයේදි පසුගිය දා පැවැත්වුණි.

‎මිනුවන්ගොඩ පුාදේශිය ලේකමි යු.ඩබලිවි ටි.යු.රාජකරුණා මහත්මියගේ මුළිකත්වයෙන් සහකාර පුාදේශිය ලේකමි තුමියගේ මග පෙන්විම යටතේ පළාත් සමාජ සේවා නිලධාරි ශාලික හෙටිටිආරචිචි මහතා විසින් සංවිධානය කර තිබු මෙම වැඩ සටහනට සමිපත් දායකයන් වශයෙන් බස්නාහිර පළාත් ආයුර්වෙිද දෙපාර්ථමෙන්තුවෙි වෛද්‍ය මෙිධාවි පුනාන්දු මහත්මිය හා වෛද්‍ය අදිශ පුියන්ත මහතාත් සහභාගිවි සිටියහ.

‎වෛද්‍ය මෙිධාවි පුනාන්දු මහත්මිය රෝගින්ගේ මානසික සුවතාවය වර්ධනය වන ආකාරයටත් වෛද්‍ය අදිශ ප්‍රියන්ත මහතා යෝග ව්‍යායාම ඇතුළත් ශාරිරික සුවතාවය පිළිබඳවත් දේශන පවත්වමින් පිළිකා රෝගින්ගේ ආයු අපේකෂා වර්ධනය වන ආකාරයට පුායෝගිකව කරුණු පැහැදිළි කළේය මෙම වැඩ සටහන සදහා පිළිකා රෝගින් 50  කට ආසන්න සංඛ්‍යාවක්  සහභාගි වු අතර සමාජ සේවාඅංශයේ හා පළාත්  සභා සංවර්ධන නිලධාරින්ද මෙම වැඩ සටහනට එක්ව සිටියහ.

‎එල්.ඩබිලවි .ආරියරත්න

වතු කම්කරුවන්ට වසර 25කට පසු සාධාරණය Read Previous

වතු කම්කරුවන්ට වසර 25කට පසු සාධාරණය

වතු කම්කරුවන්ට වසර 25කට පසු සාධාරණය Read Next

වතු කම්කරුවන්ට වසර 25කට පසු සාධාරණය

Realted Post

Leave a comment