ඉවත ලූ මැණිකෙන් ජීවය මවන දිරිය කත

කාටවත් අතනොපා ස්වෝත්සාහයෙන් ජීවන යාත්‍රාව පැද යන කාන්තාවන් කොතරම් නම් මේ මිහිපිට ඇත්ද? එවන් දක්ෂ, කලාත්මක හැකියාවකින් යුත් දිරිය කාන්තාවක් වන බී. ඩබ්ලිව්. ඩී නදීශානි මුළු රටටම ආදර්ශයකි.
බුත්තල යුදඟනාව හංදියේ පුබුදු මාවතෙහි ජීවත් වන ඇය ඉවත දමන පලුදු වු මැණික් ගල් හා විවධ වර්ණවල පාෂාණ භාවිත කරමින් ස්වාභාවික දෑ, ඓතිහාසික සිදුවීම් මෙන්ම මානව රූප හා සත්ව රූපවලටද ජීවය එක් කරන්නීය. මෙවැනි පාෂාණ වර්ග යොදා ගනිිමින් විවිධ නිර්මාණ කරන ආයතනයක වසර කිහිපයක ලැබූ පුහුණුවෙන් පසු තමන්ගේම  ව්‍යාපාරයක් ආරම්භ කර ව්‍යවසායිකාවක් වීමට මැවූ සිහිනය අද වනවිට මල්පල ගැන්වී තිබේ. පසුගිය වසරේ ඌව පළාත් හස්ත කර්මාන්ත තරගාවලියේදී පාෂාණවලින් නිර්මාණය කරන ලද උන්මාද චිත්‍රා සිතුවම සඳහා තෙවන ස්ථානය හිමිවූ අතර සමස්ත ලංකා තරගය සඳහා ඉදිරිපත් කිරීමටද අවස්ථාව උදාවිය .
නදීශානි  අප හා අදහස් දක්වමින් මෙසේ කියා සිටියාය.
මම ජීවත් වෙන්නේ අම්මයි පුතයි දුවයි එක්ක. චතුනි ස‍ඳුනිමා කියන්නේ මගේ දුව. එයා  තමයි මට මේ ව්‍යාපාරයට උදව් කරන්නේ. අපි බොහොම පුංචි විදිහට තමයි මේ ව්‍යාපාරය ආරම්භ කළේ.  මේ ගල්වලින් සිතුවම් කිරීම බොහොම පරිස්සමෙන් කරන්න ඕන වැඩක්. එක නිර්මාණයක් කරන්න දවස් කිහිපයක් පමණ ගතවෙනවා. මගේ නිර්මාණ අතර වැඩිපුරම අලෙවි වන්නේ අලින්ගේ සිතුවම්. ඒ සඳහා දෙස් විදෙස් බොහෝ දෙනාගේ කැමැත්තක් තියෙනවා.හස්ත කර්මාන්ත අමාත්‍යාංශය හරහා තිබුණු විවිධ තරගවලින් ජයග්‍රහණත් හිමිවුණා. 

  • වැල්ලවාය අයි ආර් ඉන්දික

 

මහනුවර හින්දු  කාන්තා සංඟමයෙන් පොසොන් පෝදා  ඖෂධීය  රසම් පාන  දන්සැලක් Read Previous

මහනුවර හින්දු කාන්තා සංඟමයෙන් පොසොන් පෝදා ඖෂධීය රසම් පාන දන්සැලක්

දරුවන්ගේ පරිත්‍යාග ගුණය පුරුදු කරවමු Read Next

දරුවන්ගේ පරිත්‍යාග ගුණය පුරුදු කරවමු

Realted Post

Leave a comment