ගැබ්ගෙල පිළිකා දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් මාතලේ රෝහලේදී

ලෝක ගැබ්ගෙල පිළිකා දැනුවත් කිරීමේ දිනය 2026 නිමිත්තෙන් ගැබ්ගෙල පිළිකාව කල්තියා හඳුනාගැනීම, එය වළක්වා ගැනීම සහ නිසි සෞඛ්‍ය පරීක්ෂණවල වැදගත්කම පිළිබඳව සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේදී පවත්වන ලදී.

ගැබ්ගෙල පිළිකාව ආරම්භක අවධියේදීම හඳුනාගැනීම තුළින් රෝගය වර්ධනය වීම වළක්වා ගැනීමටත්, සාර්ථක ප්‍රතිකාර සඳහා යොමුවීමටත් ඇති හැකියාව පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි.

මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය ලබා දෙමින් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය (Consultant VOG) වෛද්‍ය කනිෂ්ක සමරනායක මහතා සහ පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය (Consultant Oncologist) වෛද්‍ය ඒ. එන්. රාජපක්ෂ මහතා දැනුම්වත් කිරීමේ දේශන පැවැත්වූහ.

කාන්තාවන් අතර ගැබ්ගෙල පිළිකාව පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම සහ කල්තියා රෝග හඳුනාගැනීමේ පරීක්ෂණ සඳහා යොමුවීමේ වැදගත්කම සමාජගත කිරීම මෙවැනි වැඩසටහන්වල ප්‍රධාන අරමුණ වේ.

මාතලේ දිස්ත්‍රික් මහ රෝහල මගින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

මාතලේ මහේෂ් කිර්තිරත්න 

ගැබ්ගෙල පිළිකා දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් මාතලේ රෝහලේදී Read Previous

ගැබ්ගෙල පිළිකා දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් මාතලේ රෝහලේදී

ප්‍රථම වරට ළමා පනත් දෙකක් බ්‍රේල් ක්‍රමයට Read Next

ප්‍රථම වරට ළමා පනත් දෙකක් බ්‍රේල් ක්‍රමයට

Realted Post

Leave a comment