ජනපති සම්මානලත් වින්ද්‍යා

තම පවුලට, රැකියාවට කාලය වෙන් කරන ගමන් කලාවටත් කාලයක් වෙන් කරන්න පුළුවන් නම් එය අපේ මානසික සහනයටත් හේතුවක්.
පුරා දින දහයක් පැවති මහනුවර ඇසළ මහා පෙරහරේ පත්තිනි දේවාල පෙරහැරෙහි ගමන් කරමින් පෙරහර නරඹන්නන්  අමන්දානන්දයට පත්කළ වෙස් නැටුම් ශිල්පිනී වින්ද්‍යා කුලසිරි මෙවර හොඳම නර්තන ශිල්පිනියට හිමි ජනාධිපති සම්මානය හිමිකර ගත්තාය.
යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, ඊරියගම වසමේ ග්‍රාම නිලධාරිනී ලෙස සේවය කරන දෙදරු මවක් වන වින්ද්‍යා කුඩා කල සිටම නර්තනයට දැක්වූ දැඩි ඇල්ම නිසාම ඇය  මහනුවර ඇසළ පෙරහරේ සිය නර්තන දක්ෂතාවයන් ඉදිරිපත් කරමින් ලක්ෂ සංඛ්‍යාත පෙරහර නරඹන්නන්ගේ ආකර්ෂණය දිනා ගත්තා ය.
සිය දක්ෂතාවයන් ලොවටම විදහා පාමින් වත්මන් ජනාධිපති අතින් මෙසේ ජනපති සම්මාන ලබා ගැනීමට සමත් විය.

  • ජේ. ඒ. එල්. ජයසිංහ

ලංකාව දකුණු ආසියාවේ  ළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණය සඳහා වූ ගෝලීය ප්‍රඥප්තිය සඳහා එක් වූ ප්‍රථම රට Read Previous

ලංකාව දකුණු ආසියාවේ ළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණය සඳහා වූ ගෝලීය ප්‍රඥප්තිය සඳහා එක් වූ ප්‍රථම රට

’’සුභාවිත ගීතයේ සිටුවරයාණෝ ආචාර්ය වික්ටර් රත්නායක අභිනන්දනාභිෂේකය’’ Read Next

’’සුභාවිත ගීතයේ සිටුවරයාණෝ ආචාර්ය වික්ටර් රත්නායක අභිනන්දනාභිෂේකය’’

Realted Post

Leave a comment