මාතලේ දිස්ත්‍රික් හොඳම සමාජ සේවා නිලධාරිනිය

අඹන්ගඟකෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරිනිය වන අචිනි එදිරිසිංහ මහත්මිය 2026 වර්ෂය සඳහා මාතලේ දිස්ත්‍රික් හොඳම සමාජ සේවා නිලධාරිනිය ලෙස තේරී පත්වී තිබේ.

මෙම ඇගයීම සඳහා සිදු කළ තරගාත්මක ඇගයීම් ක්‍රියාවලියේදී සිහින වැඩසටහන ක්‍රියාත්මක කිරීම, ආබාධිත පුද්ගලයන් රැකියාගත කිරීම, ආබාධිත ක්‍රීඩා උත්සව සඳහා ලබාදුන් දායකත්වය, ලිපි සඳහා නියමිත කාලය තුළ පිළිතුරු යොමු කිරීම, අස්වැසුම වැඩසටහනේ ප්‍රගතිය, පුනරුත්ථාපන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සහ නිවාඩු කළමනාකරණය ඇතුළු නිර්ණායක රැසක් සැලකිල්ලට ගෙන ලකුණු ප්‍රදානය කර ඇත.

එහිදී ලකුණු 71ක් ලබාගත් අචිනි එදිරිසිංහ මහත්මිය ප්‍රථම ස්ථානය හිමිකර ගනිමින් මාතලේ දිස්ත්‍රික් හොඳම සමාජ සේවා නිලධාරිනිය ලෙස ගෞරවයට පාත්‍ර වූවාය.

මෙම ජයග්‍රහණය අඹන්ගඟකෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා කටයුතු ඉහළ මට්ටමකින් පවත්වාගෙන යාමට ලැබූ වැදගත් ඇගයීමක් ලෙස සැලකේ.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Vietjet සමාගමට Asia’s Leading Airline Brand 2026 සම්මානය Read Previous

Vietjet සමාගමට Asia’s Leading Airline Brand 2026 සම්මානය

අක්කර 27ක් පුරා දිවෙන සොඳුරු පාරාදීසය Read Next

අක්කර 27ක් පුරා දිවෙන සොඳුරු පාරාදීසය

Realted Post

Leave a comment