මොන අභියෝග ආවත් ආසාව අතෑරියෙ නෑ - ඇඳුම් නිර්මාණ ශිල්පිනී නිශා රණතුංග

බොහෝ අගහිඟකම් පිරුණු පවුලක බාල ම දරුවා ඇයයි. පවුලේ පවතින මෙම අගහිඟකම් නිසා ම ස්වයං රැකියාවක් සඳහා යොමුවන ඇය අභියෝග හමුවේ ඉදිරියට ගිය කාන්තාවකි. දිවා රෑ වෙහෙසී ජීවිතය ජයගත් ඇගේ කතාවයි මේ. 

කළුතර මග්ගොන ප්‍රදේශයේ පදිංචි ඇය නමින් නිශා රණතුංගයි. කුඩා කාලයේ පටන් ම ඇඳුම් මැසීමට ආශාවක් දැක් වූ ඇය අද වන විට දක්ෂ  ඇඳුම් නිර්මාණ ශිල්පිනියක්.
වයස අවුරුදු 19න් මෙම ක්ෂේත්‍රයට පිවිසුණු ඇයගේ අත්දැකීම් කාලය අවුරුදු 30කට ආසන්නයි. වයස අවුරුදු 19දී පෞද්ගලික ආයතනයක නූල් කපන්නියක් ලෙස සේවයට එක්වන ඇය ඉන්  ඉවත්වන්නේ නියැදි පරීක්ෂකවරියක් දක්වා තනතුරෙන් ඉහළට ගොස්ය.
පසුව එම රැකියාවෙන් ඉවත් වන ඇය තමාගේම ව්‍යාපාරයක් සඳහා යොමුවන්නීය.  පළමුවෙන්ම නිවෙසේ සිට ඇඳුම් මසන ඇය  විසින් මහන ලද එම ඇඳුම්වල පවතින ප්‍රමිතිය නිසා ම අවට පිරිස් පමණක් නොව බොහෝ දුර බැහැර ප්‍රදේශවල පිරිස් ද ඇයගෙන් ඇඳුම් මසා ගැනීමට පෙලඹේ.  ඇයට වැලඳෙන පිළිකා රෝගය හේතුවෙන් මාසයකට ආසන්න කාලයක් මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ගැනීමටද ඇයට සිදු වේ.  ඒත් සමග ආර්ථිකමය වශයෙන් කඩා වැටෙන ඇය මානසික වශයෙන් ද ලොකු පීඩාවකට පත් වේ. එතැනින් පසුව ඇය එම අභියෝග බිඳිමින් අලුත් ජීවිතයට පියවර තබන්නේ තම දරුවන් දෙදෙනාගේ හා සැමියාගේ ද ශක්තිය ඇතිවය. අද වන විට ඇය ඇයගේ හීනවලට, අරමුණුවලට ගොස් අවසන් ය. 
"කාන්තාවකට සුදුසු ම රැකියාවක් ඇඳුම් නිර්මාණය සහ මැසීම. ගෙදර ඉඳගෙන තමාගෙම වැඩපලත් කරගෙන කරන්න පුළුවන් රැකියාවක් තමයි. කාටවත් යටහත් පහත් නොවී තමාගේ අතේ මහන්සියෙන් මේ රස්සාව කරගන්න පුළුවන්. මම අද ආඩම්බර වෙනවා මං ඉන්න තැන ගැන."
මේ ඇයගේ කතාවයි. ඇත්තෙන් ම අභියෝග මධ්‍යයේ මානසික වශයෙන් ශක්තිමත් වී ඇය ආ මේ ගමන කාටත් ආදර්ශයකි.

  • සහශ්‍රිකා දයානන්ද

බෙල්ලන්විල පොසොන් කලාපය දින 3ක්.. Read Previous

බෙල්ලන්විල පොසොන් කලාපය දින 3ක්..

සැමගේ හදවත් දයාවෙන්, කරුණාවෙන් සහ ප්‍රඥාවෙන් ආලෝකමත් වේවා! ජනපති Read Next

සැමගේ හදවත් දයාවෙන්, කරුණාවෙන් සහ ප්‍රඥාවෙන් ආලෝකමත් වේවා! ජනපති

Realted Post

Leave a comment