රසට ලස්සනට වෙනස්ව කේක් හදන ප්‍රදීපනී

 

සෑම කෙනෙකුටම අධ්‍යාපනය තුළින් උසස් රැකියාවක සිහිනය සැබෑ කර ගැනීමට හැකිවන්නේ නැත. බොහෝදෙනා ස්වයං රැකියා සහ ව්‍යාපාර ආදියට යොමුවන්නේ එබැවිනි. 


ප්‍රදීපනී නුවන්ධාරා පරණමාන තම ජීවිතය සාර්ථක කරගෙන තිබෙන්නේ කේක් නිර්මාණ  ශිල්පිනියක ලෙසිනි. ඇගේ ගම් පළාත මාතර ය. ඇය ශාන්ත මරියා කන්‍යාරාමයෙන් පාසල් අධ්‍යාපනය හදාරා ඇත. පාසලේදී විෂයයක් ලෙස ගෘහ විද්‍යාව තෝරාගෙන තිබෙන්නේ ද කේක් සෑදීමට තිබුණු ආසාව නිසාමය. 


ඇය පාසල් අධ්‍යාපනයෙන් පසු අමිතා නානායක්කාර මහත්මිය යටතේ කේක් නිර්මාණය පිළිබඳ මුලින්ම ඉගෙනගෙන ඇත.  පසුව ජාතික තරුණ සේවා සභාවේ බේකරි හා පේස්ටි්‍ර පිළිබඳ පාඨමාලාවක් හදාරා තිබේ.


ඇයට දැඩි කැමැත්තක් තිබී ඇත්තේ කේක් නිර්මාණ ශිල්පිනියක ලෙසින් ලෝකය දිනීමට ය. මේ නිසාම පුවත්පත් සඟරාවල පළවෙන කේක් නිර්මාණ පිළිබඳ නිරන්තරයෙන් විමිසිලිමත් වූ ඇය අන්තර්ජාලය හරහා ද නව කේක් නිර්මාණ ගැන අධ්‍යයනය කර තිබේ. 


“එම නිර්මාණ අප රටට අපට ගැළපෙන විදියට වෙනස්ව නිර්මාණය කරන්න පුරුදු වුණා. මේ සියල්ල මගේ ගමනේ සාර්ථකත්වයට ඉවහල් වුණ” යැයි ඇය පැවසුවාය.


අද වන විට ප්‍රදේශය තුළ පමණක් නොව දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් ඇයගේ කේක් නිර්මාණ සඳහා ඉල්ලුමක් පවතියි.


“මගේ සියලු කටයුතු සඳහා සැමියා ලසන්ත සංජීවගෙන් ලැබෙන සහාය අපමණයි. මගේ ලොකුම ආශාව කේක් නිර්මාණ ශිල්පිනියක ලෙස ලෝකය දිනන්නයි. මම මුදලට වඩා සේවයටයි මුල්තැන දෙන්නේ. කේක් ඇණවුමක් ලැබුණාම ඒ අය සමග කතා බහ කර වඩාත් රසට සහ ලස්සනට නිර්මාණය කරන්න උත්සාහ කරනවා.” යැයි ද ඇය පැවසුවාය. 

ශාන් බන්දු  වීරසිංහ

 

FACETS Sri Lanka 2027 මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය Read Previous

FACETS Sri Lanka 2027 මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය

සෙලාන් බැංකුව John Keells CG Auto සමඟ අත්වැල් බැඳගනී Read Next

සෙලාන් බැංකුව John Keells CG Auto සමඟ අත්වැල් බැඳගනී

Realted Post

Leave a comment