වියපත් මනසට - සතුටු වැස්සක්

වැලිකන්න එකමුතු වැඩිහිටි සමිතියේ සංවත්සර උත්සවය 2026

 "වියපත් මනසට - සතුටු වැස්සක්” යන තේමාව පෙරදැරි කොට ගෙන එකමුතු වැඩිහිටි ප්‍රසංගය 2026 යන මැයෙන් සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 442-වැලිකන්න වසමේ ග්‍රාම නිලධාරිනිගේ අනුශාසකත්වයෙන් එම වසමේ වැඩිහිටි ප්‍රජාව මුල් කොට ගනිමින් විවිධ ප්‍රසංගයක් පසුගියදා වැලිකන්න රෝමානු කතෝලික කනිටු විද්‍යාලයීය ප්‍රධාන ශාලා පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

නැටුම්, ගැයුම්, වැයුම්, නාට්‍ය යන වෛවර්ණ අංගවලින් සමන්විත මෙම එකමුතු වැඩිහිටි ප්‍රසංගය සඳහා විශේෂ ආරාධිත ලෙස සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශීය මහලේකම් වන මධුෂා ආර්.වීරක්කොඩි මිය සහභාගී විය. වැඩිහිටියන් යනු අප මුල් ගුරුවරු බවත් ඔවුන්ගේ අත්දැකීම් කුසලතා කැපවීම අප අගය කළ යුතු බවත් ඇය මෙම අවස්ථාවේදී ප්‍රකාශ කළේය. 

මීට අමතරව මීසම් භාර ගරු පියතුමා දල 442-වැලිකන්න වසම භාර ග්‍රාම නිලධාරි කේ.ඩී.එන්.වත්සලා මෙනවිය, කහහේන ග්‍රාම නිලධාරිනිය ද, ළහිරුගම ග්‍රාම නිලධාරිතුමිය ද, සමෘද්ධි සංවර්ධන නිලධාරි මහතා ද, පෙරපාසල් ආචාරිනිතුමිය ද, වසමේ ප්‍රභූන් සහ එකමුතු වැඩිහිටි සමිතියේ සාමාජිකයන් සහ ගම්වාසි ප්‍රජාවගේ සහභාගිත්වයෙන් සාර්ථකව පැවැතුණි. 

පිළිකා සහ අපේ ජාන අතර සම්බන්ධතාවයක් තියෙනවාද? Read Previous

පිළිකා සහ අපේ ජාන අතර සම්බන්ධතාවයක් තියෙනවාද?

ලෙඩ ගොඩකට ගුණ තෙලක් ගෙදර හදමු Read Next

ලෙඩ ගොඩකට ගුණ තෙලක් ගෙදර හදමු

Realted Post

Leave a comment