පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ 87 වන උපාධි ප්‍රදානෝත්ස්වයේදී ,වෛද්‍ය පීඨ සිසුවියක් රන් සම්මාන 05 ක් හිමිකර ගනී.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ  87 වන උපාධි ප්‍රදානෝත්ස්වය පසුගිය  24    25 යන දිනවලදී, පේරාදෙණිය විශ්ව  විද්‍යාලයේ කුලපති මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක , උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් යන මහත්වරු ඇතුලු  ,ආචාර්ය මහාචාර්ය වරුන්ගේ ප්‍රධානත්වයෙන් ,විශ්ව විද්‍යාල ගෘහස්ත ක්‍රීඩාගාරයේදී  පැවැත්විණි,

එහිදී  වෛද්‍ය පීඨයේ  කේ ඩබ්  ආර්. එන්. එන්.රණසිංහ (එම්/18/242) ශිෂ්‍යාව අවසාන විභාගයේදී 2025 රන් සම්මාන   05  ක්  ,සහ ත්‍යාග  03 ක් ,හිමිකර ගනු ලැබූවාය.

ඇය  වෛද්‍ය විද්‍යාව,ශල්‍ය වෛද්‍ය විද්‍යාව, ප්‍රසව හා නාරීවේදය   ,ළමා රෝග විද්‍යාව, සහ මානසික රෝග විද්‍යාව යන විෂයන් වලට විශිෂ්ඨ සමාර්ථය ලබා ගනිමින් ,පළමු පංතියේ ගෞරව සමර්ථයක් හිමිකර ගෙන තිබේ. 

ඇය හිමි කරගත් රන් සම්මාන.

1.ශල්‍ය වෛද්‍ය කේෂේත්‍රයේ රන් සම්මානය,

2.ශාස්ත්‍රීය සහ විෂය බාහිර ක්ෂේත්‍රවල විශිෂ්ඨත්වය වෙනුවෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාල රන් සම්මානය,
3. ශල්‍ය  වෛද්‍ය විද්‍යාව සඳහා රන් සම්මානය,

4.වෛද්‍ය  විද්‍යාව සඳහා රන් සම්මානය

5.ළමා රෝග විද්‍යාව පිළිබඳව චන්ද්‍රා අබේසේකර රන් සම්මානය,
ඇය හිමි කරගත් ත්‍යාග.
Perry exhibition  ත්‍යාගය.
ශල්‍ය වෛද්‍ය විද්‍යාව එච් එස් කීර්තිරත්න ත්‍යාගය, ළමා රෝග විද්‍යාව  සඳහා හර්බට්  ඒ  අපොන්සු ත්‍යාගය.

ජේ ඒ එල්  ජයසිංහ

වයසට යන සම තරුණ පෙනුමකින් රැකගන්න විදි Read Previous

වයසට යන සම තරුණ පෙනුමකින් රැකගන්න විදි

වයසට යන සම තරුණ පෙනුමකින් රැකගන්න විදි Read Next

වයසට යන සම තරුණ පෙනුමකින් රැකගන්න විදි

Realted Post

Leave a comment