විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල් කරන්නැයි ගැමි කාන්තා පෙරමුණ පාරට

විදේශගත ශ්‍රමිකයන්ගේ අයිතීන් හා ආරක්ෂාව සහතික කිරීම සදහා කඩිනමින් විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කරන ලෙස කාන්තා සංවිධාන හා දේශපාලන පක්ෂ රැසක් ගාල්ලේ දී මැයි දින පෙළපාලියකට එක්වෙමින් ආණ්ඩුවට බල කර සිටියහ.

ගැමි කාන්තා පෙරමුණ ,ජෙස්මින් කාන්තා සංවිධානය ,ගාල්ල ව්‍යාරික කාන්තා සංවිධානය සහ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් ගාල්ල නගරයේ පැයක පමණ පෙළපාලියක් පැවැත්වූ අතර කාන්තා සංවිධාන ගාල්ල මධ්‍යම බස් නැවතුම්පොළ ඉදිරිපිට රැස්වීමක් ද පවත්වනු ලැබීය.

"සැකෙන් බියෙන් තොරව විදේශ රැකියාවේ නිරතවන්නට මග හදනු,රටට ඩොලර් ගෙන එන කතුන් සුරකිනු,විදේශ රැකියා ඩිජිටලයිස් කරනු,

බලධරයිනි මිනිස් ජාවාරමට ඉඩ නොතබනු,විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටලයිස් කරනු"ආදී වශයෙන් සටන්පාඨ ප්‍රදර්ශනය කරමින් විදේශගත ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසට ඔවුහු ආණ්ඩුවට බලකර සිටියහ.

 

වයසට යන සම තරුණ පෙනුමකින් රැකගන්න විදි Read Previous

වයසට යන සම තරුණ පෙනුමකින් රැකගන්න විදි

ප්‍රථම ශ්‍රී ලාංකික මහජන සබඳතා සමුළුව සඳහා ‘Mark and Comm’ වෙතින් ප්ලැටිනම් අනුග්‍රාහකත්වයක් Read Next

ප්‍රථම ශ්‍රී ලාංකික මහජන සබඳතා සමුළුව සඳහා ‘Mark and Comm’ වෙතින් ප්ලැටිනම් අනුග්‍රාහකත්වයක්

Realted Post

Leave a comment