Cross stitch වලින් සුදු අශ්වයෙක්

විවේකය අර්ථාන්විතව ගත කිරීමටත්, මානසික තෘප්තිය මෙන් ම ස්වයං රැකියාවක් ලෙසත් කළ හැකි අපූර්ව නිර්මාණ කලාවක් ලෙස කතිර මැහුම් කලාව හදුන්වා දිය හැකිය. මැහුම් කලාවට පිවිසීමට ඉතා සුදුසු මැහුම් ක‍්‍රමයක් වන කතිර මැහුම් ක‍්‍රමය  ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් ආරම්භ කළ හැකි ය. 

නැවුම් විදියට හිතන ඔබට විවිධ ඉසව් කරා ඔබේ නිර්මාණ හැකියාව විහිදුවාගන්නට මෙන්ම හොඳ ආදායම් මාර්ගයක් ලෙසට ද මෙම කතිර මැහුම් කලාව අත්වැලක් වනු ඇත.

ජවසම්පන්න බව හා ප්‍රෞඪත්වය පෙන්වන සුදු පැහැති අශ්වයකුගේ නිර්මාණයක් මෙවර කතිර මැහුම් තුළින් ඔබට ගෙන එමු. 
මෙම නිර්මාණය වර්ණ එකිනෙක සංයෝජනය කරමින්, නිර්මාණශීලි නිමාවක් සහිත නිර්මාණයක්බවට පත් කර ගැනීමට අපි දැන් සූදානම් වෙමු.

අවශ්‍ය ද්‍රව්‍ය :

සුදු පැහැති අයිඩා රෙදි
ටැපැස්ට්‍රි ඉදිකටුවක්
රාමුවක්, කතුරක්
වර්ණ නූල්

මසා ගන්නා ආකාරය

මෙය බිත්ති සැරසිල්ලක් සඳහා සුදුසු කතිර මැහුම් රටාවකි. බිත්ති සැරසිල්ලක් සඳහා කතිර මැහුම් කර ගැනීමේදී අඟලට කොටු 10, අඟලට කොටු 16 රෙදි වුවත් සුදුසුය. අඟලට කොටු 10 ඇති අයිඩා රෙදි තෝරාගන්නේ නම් නූල් පොටවල් 4ක් භාවිත කිරීම ද, අඟලට කොටු 16 ඇති අයිඩා රෙදි තෝරාගන්නේ නම් නූල් පොටවල් 6 ක් භාවිත කිරීම සෑහේ.

මෙලෙස නිර්මාණයට අවශ්‍ය රෙදි සහ නූල් තෝරා ගැනීමෙන් අනතුරුව නිර්මාණය කරන රූපය මතු කර ගැනීමට කොටු ගණන් කර නූල් ඇදගන්න. එවිට එය මසා ගැනීමට පහසු ය. අනතුරුව පෙන්වා දී ඇති සංකේතවලට අනුව ෘඵක්‍ කැරලි නූල් භාවිතයෙන් නිර්මාණයේ මැද සිට මසා ගැනීම ආරම්භ කරන්න. මැද සිට මසා ගැනීමෙන් පහසුව ඇති කරයි. නිර්මාණයේ හැඩය මතු කර ගැනීමේදී අවශ්‍ය ස්ථානවලට කතිර භාග උපයෝගී කරගත හැකිය.

 

රැහුණු ලක මහා ඓතිහාසික මංගල්‍යය Read Previous

රැහුණු ලක මහා ඓතිහාසික මංගල්‍යය

කොකාකෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි Read Next

කොකාකෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

Realted Post

Leave a comment