ජාත්‍යන්තරය දිනූ ඉසබෙලාගෙන් මෙරට පාසල් ළමුන්ට ලැබුණ අපූරු තෑග්ග

ජාත්‍යන්තර කීර්තිය දිනූ බැලේ නර්තන ශිල්පිනිය, ඉසබෙලා මාක්ගුවර් මේයර්ස් විසින් කොළඹ බැලේ පාසලේ සිසුන් වෙනුවෙන් වටිනා වැඩමුළු මාලාවක්

කොළඹ නගරයේ දීර්ඝ කලක් තිස්සේ පැවත එන බැලේ නර්තන පාසලක් වන කොළඹ බැලේ පාසලට මෑතකදී ජාත්‍යන්තර කීර්තියට පත් බැලේ නර්තන ශිල්පිනියක සහ පුහුණුකාරිනියක වන ඉසබෙලා මැක්ගුවර් මේයර්ස් මියගේ සහභාගිත්වයෙන් යුතු වැඩමුළු මාලාවක් පැවැත්වීමේ වටිනා අවස්ථාව හිමි විය. පසුගිය දා ( මැයි 20 සහ 21 යන දිනයන්හිදී) ස්ටුඩියෝ 1, කොළඹ 07 හි පිහිටි කොළඹ බැලේ පාසලේදී පවත්වන ලද මෙම වැඩමුළු මඟින් එහි සිසු සිසුන්ට බැලේ නර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ කලා ශිල්පිනියකගෙන් එම කලාව පිළිබඳ හැදෑරීමට නවමු සහ අද්විතීය අවස්ථාවක් හිමි විය. ඕස්ට්‍රේලියානු නර්තන අනුබද්ධතාවකින් හා විෂයමාලාවකින් සමන්විත එකම කීර්තිමත් ආයතනය ලෙස, කොළඹ බැලෙ ් පාසල මඟින් සම්භාව්‍ය නර්තන ශිල්පය, ජෑස් බැලේ නර්තන ශිල්පය, ටැප් නර්තන කලාව, ගීතමය, රංගමය සහ ප්‍රාසාංගික කලාව ඇතුළු පුළුල් පරාසයකට අයත් නර්නත සම්ප්‍රදායයන් ආවරණය කරමින් ප්‍රාථමික ශ්‍රේණිවල සිට ගුරු ඩිප්ලෝමා දක්වා මෙන්ම වැඩිහිටියන් සඳහා ආරම්භක බැලේ නර්තනය පිළිබඳ පවා සහතිකපත් පිරිනමනු ලැබේ. සියලුම වයස්වල සහ නිපුණතා මට්ටම්වල සිසුන්ගේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින් විවිධ සම්ප්‍රදායයන්ට අයත් වටිනා නර්තන ශිල්පයන් පිළිබඳ හසළ දැනුමක් ලබා දීමට හැකි වීම පිළ ිබඳ පාසලට ඇත්තේ ආඩම්බරයකි.

කොළඹ බැලේ පාසලේ අධ්‍යක්ෂ - ටාරා කූක් මහත්මිය පවසන පරිදි “සිය දැනුම සිසුන්ට නොමසුරුව ලබා දෙමින් ඔවුන් දිරිගැන්විය හැකි වෘත්තිකයන් සොයා යාමට කොළඹ බැලේ පාසල සෑම විටම කැපවී සිටී. මෙකී ප්‍රයත්නයේදී හමුවූ ඉසබෙලා මැක්ගුවර් මේයස් මහත්මිය පාසලේ කීර්තිමත් ආරාධිත උපදේශකයින්ගේ ලැයිස්තුවට එක් වූ අසමසම වෘත්තීයවේදිනියකි. ඇයගේ පැමිණීම සම්භාව්‍ය බැලේ නර්තන සම්ප්‍රදාය පිළිබඳ සිසුන්ගේ අවබෝධය පෝෂණය කළ අතර, ඔවුන්ගේ කලාත්මක ගමනේ නවමු අවස්ථාවන් සොයා යන්නට ඔවුන්ව දිරිමත් කරන ලදී.

ඉසබෙලා මැක්ගුවර් මේයස ් මහත්මිය, ඇයගෙ ් සුවිශේෂී වෘත්තිය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත් වූ අතර, වයස අවුරුදු 15දී කීර්තිමත් වැගනෝවා ඇකඩමියට සම්බන්ධ වූ පළමු බ්‍රිතාන්‍ය උපාධිධාරිනිය ලෙස ඉතිහාසගත විය. මිහයිලොව්ස්කි බැලේ නර්තනයේ අර්ධ ඒකල නර්තන ශිල්පිනියක මෙන්ම, අයිෆ්මන් බැලේ නර්තනයේ ඒකල නර්තන ශිල්පිනියක වශයෙන් ඇය ලත් පුළුල් අත්දැකීම්, ලොව පුරා සිසුන් සහ කීර්තිමත් බැලේ ආයතන සමඟ සමීපව කටයුතු කිරීමට ඇයට අවස්ථාවක් උදා කර දී තිබේ. කලා මාධ්‍යය පිළිබඳ ඇය සතු අතිවිශාල දැනුම් සම්භාරය මෙන්ම ප්‍රවීණත්වය සමඟින් ඉසබෙලා මහත්මිය විසින් කොළඹ බැලේ පාසලෙහි සිසුන්ට ඔවුන්ගේ නර්තනය පිළිබඳ ගමන්මඟ හැඩගස්වා ගැනීමට අමිල අවබෝධයක් සහ ශිල ්පීය ඥානයක් ලබා දෙන ලදී.

ඉසබෙලා මහත්මිය විසින් පවත්වන ලද වැඩමුළුව මඟින් දරුවන්ගේ ශිල්පීය නිපුණත්වය පමණක් නොව, සෞන්දර්යාත්මක හැඟීම්ද වර්ධනය කරන ලදී. ඉසබෙලා මහත්මිය විසින් සිසු සිසුන්ට ඔවුන්ගේ නව ක්‍රම සහ නව සොයා ගැනීම් සිදු කරන්නට ඉඩ ලබා දෙමින්, සීමාවන් බිඳ දමා ඔවුන්ගේ සහජ හැකියාවන් වර්ණවත් කර ගැනීමට ඔවුන් ධෛර්යමත් කරනු ලැබිණි. ඇයගේ මඟ පෙන්වීමත්, ප්‍රවීණත්වයත් ඒ සඳහා සහභාගී සිසු සිසුන්ගේ සිත් තුළ විශ්වාසයක් ඇති කරන ලද අතර බැලේ පිළිබඳ ආශාවක්ද දල්වන ලදී.

කොළඹ බැලේ පාසලෙහි අධ්‍යක්ෂ රොමිනා ගායි මහත්මිය විසින් තවදුරටත් පවසා සිටියේ “කොළඹ බැලේ පාසලින් නර්තනය හදාරා නොවැම්බර් මස නව කණ්ඩායම පිටත්වන බව සතුටින් දන්වා සිටින අතර, ජාත්‍යන්තර වශයෙන් ඇගයීමට පාත්‍ර වූ ගුරුවරුන්ගේ/නර්තන ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු වැඩමුළුවෙන් ලබා ගත් අමිල අත්දැකීම්, අපගේ සිසුන්ට වේදිකාව මත මෙන්ම ඉන් පිටතදී ඔවුන්ගේ උපරිමය සිදු කරන්නට ශක්තිමත් අභිප්‍රේණයක් මෙන්ම දිරිගැන්වීමක් වනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු” යනුවෙනි.

කොළඹ බැලේ පාසල, එහි සිසුන් වෙත දියුණුව අරමුණු කරගත්, නිර්මාණශීල ිත්වයට අතහිත දෙන, සුවිශේෂී අවස්ථාවන් පිරිනමනු ලබන පරිසරයක් නිර්මාණය කිරීම පිළිබඳ තෘප්තිමත් වේ. ඉසබෙලා මැක්ගුවර් මේයර්ස් වැනි ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් සමඟ කටයුතු කිරීම තුළින්, සුවිශේෂී නර්තන අධ්‍යාපනයක් ලබා දීම සඳහා පාසලේ අභිලාශය තහවුරු කොට ඇත. ප්‍රවීණ වෘත්තීයවේදීන් සහ ළැදිකමක් දක්වනු ලබන සිසු සිසුන්ට එකට එක් කරමින්, බැලේ පිළිබඳ විෂය පථය තුළ සාර්ථක වෘත්තියක් වෙනුවෙන් සුදානම් කරනු ලබන විශිෂ්ට පුහුණුවක් සිසුන් වෙත ලබා දෙන බවට පාසල විසින් තහවුරු කරනු ලබයි.

කොළඹ බැලේ පාසල මඟින් නගරයේ පැරණි බැලේ නර්තන පාසලක් ලෙස එහි කීර්තිනාමය නිරන්තරව පවත්වාගෙන යනු ලබන හෙයින්, අන් කවරෙකුටත් නොදෙවෙනිව නර්තනය පිළිබඳ දැනුම ලබා දීම උදෙසා කැපවීමෙන් කටයුතු කරනු ලබයි. අලුත් දේ යොදා ගනිමින්, ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් සමඟ කටයුතු කරමින්, සහ විවිධ වූ නර්තන සම්ප්‍රදායයන් හඳුන්වාදෙමින්, පාසල මඟින් නිරන්තරයෙන් බැලේ නර්තන ශිල ්පීන්ගේ හැකියාවන් පෝෂණය කිරීමට සහය දක්වන අතර, කොළඹ නගරය තුළ නර්තනයේ ඉදිරි ගමන ඔප මට්ටම් කරනු ලබයි.

අංගම්වලින් හදන ඇඟක හැඩය Read Previous

අංගම්වලින් හදන ඇඟක හැඩය

Ranjan Gooneratne Book launch Read Next

Ranjan Gooneratne Book launch

Realted Post

Leave a comment