දෙස් විදෙස් ව්‍යාපාර ජාලයක් ගොඩ නැගූ ඇය

සේවකයින්ගේ යහපතට හැමවිටම මුල්තැනක් දෙනවා
ලෝකයෙන් සම්මාන ලැබෙන්නේ අපි සාර්ථක නිසයි  

නිශානි රණවීර 

 

තමන්ගේ ජීවිත සාර්ථකත්වයට පත් කරගෙන අන් පුද්ගලයින්ගේ ජීවිත ද සාර්ථක කර ගැනීමට සිය ජයග්‍රහණය උපයෝගී කරගන්නා සත් පුරුෂයන් ලෝකයේ සිටිනවා. තමන්ගේම ව්‍යාපාරයක් ස්වෝත්සාහයෙන් දියුණු කරගෙන එකීි ව්‍යාපාරය තුළින් තවත් පුද්ගලයින් රැසකට රැකියා අවස්ථා සපයා දී එම සේවක පවුල්වල අභිවෘද්ධිය උදෙසා කටයුතු කරන දිරිය ව්‍යවසායිකාවක් ලෙස සීමාසහිත ඩිලිජන්ට් සමූහ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා නිශානි ජයසිංහ රණවීර හඳුන්වන්න පුළුවන්. 



ඩිලිජන්ට් ශ්‍රී ලංකා සමාගම් සමූහයේ සහ කටාර් හි ඩිලිජන්ට් ටේ්‍රඩිං සහ කන්ට්‍රැක්ටින් සමාගම්වල කළමනාකාර අධ්‍යක්ෂකවරිය වන නිශානි රණවීර සිය සමාගමේ සාර්ථකත්වය තුළින් තුන්සියයකට අධික වන ලාංකික සේවක පිරිසකගේ අභිවෘද්ධිය උදෙසා සිදු කරන ලද මාහැඟි සේවයට ජාතික හා අන්තර්ජාතික සම්මාන රැසක් හිමි කරගත් ව්‍යවසායිකාවකි. 


වර්ෂ 2015 දී සිය සැමියා වන ඉංජිනේරුවරයෙකු මෙන්ම ගණකාධිකාරීවරයෙකු වූ ප්‍රභාෂ් රණවීර මහතාගේ සහභාගිත්වයෙන් යුතුව සුළු පිරිවැටුමකින් අරඹන ලද මෙම ව්‍යාපාරය වර්තමානය වන විට ව්‍යාපාර ක්ෂේත්‍ර අටකින් යුතු අන්තර්ජාතික ව්‍යාපාර ජාලයක් බවට පත් වී තිබේ. දෙස් විදෙස් ආයතන හා පෞද්ගලික අංශ සඳහා සේවක සේවිකාවන් සපයාදීම, තොරතුරු තාක්ෂණ කළමනාකරණ සේවා සැපයීම, ආයතනය අපනයන සේවා, වැවිලි සේවා සහ විනෝදාස්වාදන සේවා යන ක්ෂේත්‍රයන්හි ඩිලිජන්ට් සමූහ ව්‍යාපාරය ව්‍යාප්ත වී තිබේ.


මෙම සමාගම ලෝකයේ විශිෂ්ටතම සේවා ආයතනය ලෙස විවිධ අවස්ථාවල සම්මානයටද පාත්‍ර වී ඇති අතර ලංකාවේද විශිෂ්ටතම ව්‍යවසායිකාවට හිමි සම්මානය කිහිපවරක්ම දිනා ගැනීමට ඇය සමත් වී සිටී. සිය ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් ඇය පවසන්නේ සභාපතිවරයාගේ සිට සුළු සේවකයා දක්වා වූ සමස්ත කාර්ය මණ්ඩලයේම කැපවීම ඊට හේතු වූ බවයි.


මෙම ව්‍යාපාර ස්ථානයේ දේශීය සේවක සංඛ්‍යාව තුන්සියයකට අධිකය. ඔවුන්ගෙන් 90%ක්ම කාන්තාවන්වීම එහි ඇති විශේෂත්වයයි. කුඩා තනතුරක් සඳහා සේවයට බැදුණද සිය හැකියාවන් පෙන්වමින් නායකත්ව පුහුණුව ලබමින් ඉලක්ක ජය ගැනීමට සේවකයන්ට අනුග්‍රහය දැක්වීම සමාගමෙහි වෙනස බවද ඇය පවසයි. කාර්යක්ෂමභාවය උත්සාහය හා උනන්දුව ඇති කවරෙකුට වුවද සිය වෘත්තීය දිවියෙහි ඉහළටම ගමන් කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය සැපයීමට සමාගම සූදානම් ය. 


ඩිලිජන්ට් සමූහ ව්‍යාපාරය ලබා ගත් ජාතික සහ අන්තර්ජාතික සම්මාන කිහිපයකි. 


වසර 2014දී ශ්‍රී ලංකා ව්‍යවසායකත්ව සම්මාන උලෙළේදී විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබූ අතර වසර 2016 දී මොරිසස් දිවයිනේ පැවැති ලෝක නායකත්ව සම්මේලනයේදී නිශානි රණවීර ලෝකයේ නායකත්ව විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබුවාය. ඒවාගේම 2016 වසරේ ඉන්දියාවේ මුම්බායි නුවර පැවැති ජාත්‍යන්තර කාන්තා නායකත්ව සම්මේලනයේ දී ලෝකයේ විශිෂ්ටතම කාන්තා ව්‍යවසායිකාවන් උදෙසා පිරිනමනු ලබන ‘ලෝක කාන්තා නායකත්ව විශිෂ්ටතා සම්මානයෙන්ද පිදුම් ලැබුවාය. එම සම්මාන උලෙළ සඳහා ලෝකයේ ප්‍රකට කාන්තාවන් සතු ව්‍යාපාරික සමාගම් රැසක් සහභාගි වූ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විශිෂ්ටතම සම්මානය හිමි කර ගත් එකම ශ්‍රී ලාංකික සමාගම ඩිලිජන්ට් සමූහ සමාගම වීමද විශේෂත්වයකි. 2019 වසරේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම කාන්තා ව්‍යවසායකත්ව සම්මානය දිනා ගත් නිශානි රණවීර 2020 දී ඉන්දියාවේ පැවැති ලෝක නායකත්ව විශිෂ්ටතා සම්මාන උලෙළේදී  විශිෂ්ටතම ව්‍යවසායකත්ව නායිකාවට හිමි සම්මානය දිනා ගන්නට සමත් වූවාය.


සිය ජයග්‍රහණ පිළිබඳ අදහස් දක්වන ඇය පවසන්නේ තම ව්‍යාපාරයේ සාර්ථකත්වය උදෙසා සිය සැමියා ඇතුළු කාර්ය මණ්ඩලයෙහි උපරිම කැපවීම හේතු වන බවයි. 


වෘත්තියෙන් වරලත් ගණකාධිකාරිනියක වන නිශානි රණවීර ඕස්ටේ්‍රලියාවේ වෙස්ටර්න් සිඩ්නි විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාද් උපාධිධාරිනියකි. ඇය සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ බි්‍රතාන්‍ය වෘත්තීය මූල්‍ය කළමනාකරුවන්ගේ ආයතනයේ සම්මාන සාමාජිකාවක්ද වෙයි.

සාගරිකා දිසානායක


 

ටයිට් ගවුමට ගැළපෙනම විදිහ Read Previous

ටයිට් ගවුමට ගැළපෙනම විදිහ

චමරි ක්‍රිකට් වාර් තා අලුත් කරයි Read Next

චමරි ක්‍රිකට් වාර් තා අලුත් කරයි

Realted Post

Leave a comment