මාලතී ලතා සමඟ ඔබ ඇමතූ රම්‍යා ශ්‍රියානි පතිරණ

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව හා බැඳුණු හඬ පෞරුෂයන් අතරින් ඇයගේ හඬ සුවිශේෂිත්වයකින් අනූන වූවකි.

වර්තමාන සන්නිවේදිකාවන් මිනිත්තුවකට වචන සීයයකට ආසන්න ප්‍රමාණයක් දෙඩවූවත් අසන්නන්ට කිසිවක් නොවැටහෙන යුගයක නිස්කලංක බවින් යුතුව ඇය කියූ වචන දහයක අර්ථය අති විශිෂ්ඨය.එමෙන්ම වැඩසටහන් තුළ  ඉදිරිපත් කළ  රිද්මානුකූල වූ සුභාවිත ගීත නිවුනු සිත් ඇති රසික අසන්නන් තව තවත් ඇය වටා එක් රැස් වුයේය.ඇයගේ යුගය තුළ ඇය සිදු කළාවු සන්නිවේදන මෙහෙවර අසන්නන්ගේ හිස් හිස් පිරවු සිසිළ දිය දැනුම් දහරකි.

1979 පී වැලිකල මහතා විසින් පැවැත්වු ‘’පර්ෂදය’’ නාට්‍ය වැඩ මුළුවෙන්  ගුවන් විදුලියට පැමිණි ඇය ඇග්නස් සිරිසේනගේ ‘’වජිරා’’ නාට්‍යයයේ තවත් නාට්‍ය ගණනාවක ප්‍රධාන චරිත වලට හඬ එක් කළාය.   මැයගේ හඬ නොමැති ගුවන් විදුලි රඟ මඬල නාටයක්  නොමැති තරම් විය

රත්තරං කන්ද - සිපෙට්කෝ මහත්තයා - සිරියලතා -  රත්මල් යාය - ආදියේ ඇයගේ හඬ නිසාම වැඩි අසන්නන් පිරිසක් එක්රොක්ව ඇසු ගුවන් විදුලි නාට්‍ය විය.

මුවන්පැලැස්ස වික්ටර් මිගෙල් මහතාගේ නිශ්පාදන කාලයේ ‘’හීන් මැණිකාය ‘’ ශ්‍රී නිමල් පද්මකුමාර මහතාගේ නිශ්පාදන කාලයේ    ‘’කලා’’ නම් වු චරිතයයි. වර්තමානයේද විවිධ චරිත සඳහා මුවන් පැලැස්ස තුළ ඇයගේ හඬ යෙදී තිබුණි.

දකුණු පලාතේ ගාල්ල ග්‍රාමයේ ඉපිද  රුහුණු සේවයෙන් ආරම්භ කළ ඇයගේ සන්නිවේදන දිවිය දශක හතරකට වැඩිය.

ඇය තිදරු මවක් වන අතර  ඇගේ සැමියා  මාධ්‍යවේදි සහ ප්‍රවීණ කිවි නන්දන වීරසිංහ මහතාය.  

දිවිසැරියේ හැට වසරක් සම්පුර්ණ වන තුරු ගුවන්විදුලි සංස්ථාවේ  සිය සන්නිවේදන සේවා කාලය තුළදී සේවය වෙනුවෙන්ම කැපවු ඇය කලක සිට වකුගඩු රෝගිතත්වයෙන් පසුවු අතර නිවසේ ඉසිඹු සුවයෙන් පසුවෙමින් සිටියේය.

මේ අතර සිදු වු අනතුරු තත්වයකින් පසුවද ඒ්සඳහා ද ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය පසුගිය (2023 සැප්තැම්බර්18 වැනිදා) සොඳුරු හඬ නිහඬ කරමින් අප අතරින්  සදහටම සමුගෙන නික්ම ගොස් තිබේ...

ඇයට ඇයගේ සසර සැරියේ මනු ලොවේදී හමු වු මිතුරු සොයුරු සහෘද අප ඔබ සැමගේ හෘදයාංගම සංවේගය පලකරමින් උතුම් නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරමු.

විශ්ව ගැමුණු ප්‍රියංකර

 

 

 

 

 

 

FACETS Sri Lanka 2027 මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය Read Previous

FACETS Sri Lanka 2027 මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය

FACETS Sri Lanka 2027 මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය Read Next

FACETS Sri Lanka 2027 මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය

Realted Post

Leave a comment