ශ්‍රී ලංකා ජාතික දැල් පන්දු ක්‍රීඩිකා සුසීමා බණ්ඩාර ක්‍රීඩිකාව ඇගයේ...........

විශ්වමිත්‍ර සමාජ සංවර්ධන පදනම මගින් මෙම පිළිගැනීමේ උත්සවය සංවිධානය කර තිබිණි. එප්පාවල කදුරුගස්වැව විද්‍යාලය, එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේ ක්‍රීඩාව මෙන්ම අධ්‍යාපනය හදාරා, ජාතික දැල්පන්දු කණ්ඩායමට එකතු වූ සුසීමා කුමාරී මේ වන විට පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාව සම්බන්ධයෙන් උපාධියක් හදාරමින් සිටියි.

2021 වර්ෂයේ මැලේසියාව, 2017 දකුණු අප්‍රිකාව, 2018 වර්ෂයේදී ඔස්ට්‍රේලියාව, 2023 සිංගප්පූරුව ආදී රටවල් වල සංචාරය කරමින් ශ්‍රී ලංකා ජාතික දැල් පන්දු කණ්ඩායම නියෝජනය කරන සුසීමා කුමාරී බණ්ඩාර ක්‍රීඩිකාව මෙරටට ඉමහත් කීර්තියක් ගෙන දුන් ක්‍රීඩිකාවකි.

ඇයගේ උපන්ගම වන අනුරාධපුර දිස්ත්‍රික්කයේ එප්පාවල, කදුරුගස්වැව ගම්මානයට ආඩම්බරයක් වූ සුසීමා ක්‍රීඩිකාව පිළිගැනීම වෙනුවෙන් සරල, චාම් උත්සවයක් පැවැත්විණි. සුසීමා කුමාරී ක්‍රීඩිකාව එප්පාවල නගරයේදී පිළිගැනීමෙන් අනතුරුව සෙත් පිරිත් සජ්ජායනා කර ඇයට ආශිර්වාද සිදු කෙරිණි.අනතුරුව රථ පෙළපාලියක් මගින්  කදුරුගස්වැව ගම්මානය දක්වා ඇය කැඳවාගෙන යනු ලැබීය.

අනතුරුව ඇගේ ගම්වාසීන් විසින් ඇය උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.ගම්වාසීන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ඇය වෙනුවෙන් පිළිගැනීමේ උත්සවය පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ විශ්වමිත්‍ර සමාජ සංවර්ධන පදනමේ සාමාජිකයින් කියා  සිටියේ රටේ නම ලෝකය ඉදිරියේ බැබලවිය හැකි දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගම් තුළ සිටින බවත්, ඔවුන් ඉදිරියට ගැනීමට නම් ගම්වලින් බිහිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බළධාරීන්, නිළධාරීන් ඇගයීමක් ලබා දිය යුතු බවයි.ඒ හරහා අනෙක් දක්ෂ දරුවන්ටද පන්නරයක් ලැබෙන බව ඔවුන් පැවසීය.ගම්වල ඉතා අඩුපහසුකම් යටතේ, ඉදිරියට පැමිණෙන ක්‍රීඩකයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙස ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටියහ.

කදුරුගස්වැව වැනි අතිදුෂ්කර ගම්මානයකින් දුෂ්කර ක්‍රියා කර ලෝකයට ගිය මේ වීරවරිය දෙමාපියන්ගේ දුක් කඳුලු මතින් ඉදිරියට පැමිණි සුසීමා දියණියට සුභ පතන බවත්, මේ වැනි දියණියන් ඇගයීම රටේ බළධාරීන්ගේ වගකීමක් බවද ඔවුන් අවධාරණය කර සිටියේය.

එහිදී අදහස් දැක්වූ ක්‍රීඩිකා සුසීමා කුමාරී මෙනවිය,

මගේ උපන්ගම එප්පාවල කදුරුගස්වැව, ම‌ම කදුරුගස්වැව විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරලා, එප්පාවල සිද්ධාර්ථ විද්‍යාලයටත්, ඉන් අනතුරුව කුරුණෑගල සුද්ධ වූ පවුලේ බාලිකා විද්‍යාලයට ගියා, අද මේ අකාරයෙන් උපහාර උලෙලක් පැවැත්වීම සම්බන්ධයෙන් ඒ සඳහා කටයුතු කළ සියලු දෙනාට ස්තූතිවන්ත වෙනවා. මට කියන්න තියෙන්නේ කළ නොහැක්කක් නොමැත, අධ්‍යාපනය කරන ගමන් ක්‍රීඩාව කර ගෙන යන්න පුලුවන්, තමන්ගේ අම්මා -තාත්තාගේ මුහුණ මතක් කර ගන්න එතකොට කරන්න බැරි දෙයක් නෑ, මගේ අම්මා -තාත්තා ගොවිතැන් කරන්නේ, ඒ දෙන්නා ගොඩක් දුක් මහන්සියෙන් මාව ජීවත් කලේ, මට තිබුනේ ගොඩක් මුල්‍ය ප්‍රශ්න තමයි, ඒ දෙන්නා නෑ-බෑ නොකියා මට හැමදේම දුන්නා.මගේ අසල්වාසීන්, ගම්වාසීන් මට ගොඩක් උදව් කළා, මම විදේශ සංචාර 06 ක් ගිහින් ආවා, මට මේ ගමේ උදව් නොකරපු කෙනෙක් නෑ, මම නංගිලා -මල්ලිලාට කියන්නේ මෙතනින් එහා ලොකු ලෝකයක් තියෙනවා, මේක ලිඳකුත් නෙමෙයි, ඊටත් වඩා පොඩි දෙයක්, ඊට එහා ලොකු ලෝකයක් තියෙනවා.ගම්වල පරවෙලා යන්න එපා, ඔයාලා ඉදිරියට ආවොත් ඔයාලට උදව් කරන්න ඔ්න තරම් අය ඉන්නවා.

මේ වන විට මම පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යාව සම්බන්ධයෙන් උපාධියක් හදාරනවා, මේ වන විට මම ජේෂ්ඨ දැල් පන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවක්, මගේ බලාපොරොත්තුව කණ්ඩායම් නායිකාව වී මේ රටට කීර්තියක් ගෙන ඒම යැයි පැවසුවාය.

තිසර සමල් - අනුරාධපුර   

රාජ්‍ය දෘශ්‍ය කලා උලෙළ - 2025 Read Previous

රාජ්‍ය දෘශ්‍ය කලා උලෙළ - 2025

මහනුර සහ අවට සවස මහ වැසි..  යටිහලගල  ,හල්ඔළුව  මාර්ගවලට  ගල් පර්වත කොටස්  සහ පස් කඳු කඩා වැටෙයි.. Read Next

මහනුර සහ අවට සවස මහ වැසි.. යටිහලගල ,හල්ඔළුව මාර්ගවලට ගල් පර්වත කොටස් සහ පස් කඳු කඩා වැටෙයි..

Realted Post

Leave a comment