ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙන දුන් තරුණ විද්‍යාඥවරිය

වසර මිලියන ගණනක් පුරා සිදුවන මිනිස් පරිණාමය පිළිබඳව සිදුකළ නවතම  පයේෂණයක් තුළින් මිනිසා දෙපයින් ඇවිද යාමේ ආරම්භය  සොයා ගැනීමට කන්ද උඩරට මහනුවර උපන්, මහනුවර මහාමායා බාලිකා විදුහලේ ආදී සිසු, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨ විද්‍යා උපාධිධාරී, ඇමරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මානව පරිණාම ජීව විද්‍යා විද්‍යාඥවරියක් වූ ගයානි සෙනවිරත්න මහත්මිය සමත් වී සිටින්නී ය.

ඇය සොයා ගත් මෙම නවතම පයේෂණයට ජාත්‍යන්තර විද්‍යා සඟරා මෙන් ම ඇමරිකාවේ මාධ්‍ය ආයතන ද ප්‍රචාරයක් ලබා දී තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ දී පළමු පංතියේ උපාධියක් ද හිමිකර ගත්  ගයානී ඇය සිදුකළ පයේෂණ වෙනුවෙන් වසර දෙකක් ජනාධිපති සම්මාන දිනාගෙන තිබේ.
ශ්‍රී ලංකා පයේෂණ ආයතනයෙන් පිරිනමන ලද වසරේ විශිෂ්ටතම පයේෂණය සඳහා වන සම්මානය ද දිනා ඇති ගයානි මීට පෙර ද ඉහළ පයේෂණය රැසක් ඉදිරිපත් කර ලොව හොඳම විශ්වවිද්‍යාල දහයෙන් එකක් වන ඇමරිකාවේ චිකාගෝ විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය හැදෑරීමට ශිෂ්‍යත්වයක් ලබාගෙන තිබේ. එම ආචාර්ය උපාධිය මගින්  උපතට පෙර ළදරුවන්ගේ අක්ෂි තීරුවේ දක්නට ලැබෙන අසාමාන්‍යතාවයට ප්‍රතිකාර කළ හැකි ගෙම්බන්ගේ ශරීරය තුළ වර්ධනය වන ජානයක් සොයාගෙන ඇත. ඇගේ විශිෂ්ට අධ්‍යාපනික ජීවිතය අගයා ඇයට ජෛව විද්‍යාව පිළිබඳව කීර්තිමත් සම්මානයක් වන Helen Hey Whiney Felowship  සම්මානය ද හිමි වී ඇත. මෙම සම්මානය මීට පෙර දිනාගෙන ඇත්තේ නොබෙල් ත්‍යාගලාභීන් විසිනි.
අනෙකුත් සතුන්ගෙන් වෙනස් වී මිනිසාට ඇවිදීමේ හැකියාව ලැබෙන්නේ උකුළු ඇටයේ පිහිටීමේ සිදුවන ජානමය වෙනස්කම නිසා බවත්, මෙම උකුළු ඇටයේ වෙනස් වීම බුද්ධියෙන් ඉහළ මිනිසුන් බිහිවීමට ද එය හේතු වේ. මීට වසර මිලියන හයකට පෙර ආරම්භ වූ උකුළු ඇටයේ මෙම වෙනස්කම නිසා අනෙකුත් සතුන්ට සාපේක්ෂව මොළය ආවරණය වන ලොකු හිස් කබලක් සහිතව මිනිස් වර්ගයාට බිහිවීමේ අවස්ථාව  හිමිව ඇතැයි ද ඇය පැවසුවා ය.
ඇගේ එක ම අරමුණ ශ්‍රී ලංකාවේ විද්‍යා විෂය හදාරන සිසුවියන් වෙනුවෙන් අතදීමයි.
කාන්තා හා සුළු ජාතිය බල ගැන්වීමත්, නවීන තාක්ෂණය යොදා ගනිමින් විද්‍යාත්මක ප්‍රශ්නවලට විසඳුම් දිය හැකි විද්‍යාගාරයක් පවත්වාගෙන යාමත් ඇගේ අරමුණ වී තිබේ.

  • ජේ  ඒ එල්  ජයසිංහ

 

වයසට යන එක අඩු කරගන්න මේ එළවළු පලතුරු කන්න... Read Previous

වයසට යන එක අඩු කරගන්න මේ එළවළු පලතුරු කන්න...

සත්තුන්ගේ බුද්ධිය ගැන ලෝකයම දරපු මතය වෙනස් කරපු අපූරු ගිරවෙක් තමයි ’’ඇලෙක්ස්’’ Read Next

සත්තුන්ගේ බුද්ධිය ගැන ලෝකයම දරපු මතය වෙනස් කරපු අපූරු ගිරවෙක් තමයි ’’ඇලෙක්ස්’’

Realted Post

Leave a comment