සාලයේ බිත්තියට මොනරෙක්

 

ඉදිරිපත් කිරීම - මහරගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බාහිර උපදේශිකා, ප‍්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී චූලනී ජයසිංහ

කතිර මැස්මෙන් අපූරු මොනර රුවක් ගෙත්තම් කරන්න කැමතිද? වර්ණවත් බව නිසා නිවසේ අලංකාරයට වඩාත් ගැළපෙනවා වගේම තවත් කෙනකුට තෑගි කරන්නත් සුදුසුයි. කතිර මැස්මෙන් නිම කළ මෙවැනි නිර්මාණවලට වැඩි වටිනාකමක් හිමිවන නිසා හොඳ ආදායම් මාර්ගයක් විදියට යොදාගන්නත් පුළුවන්.  

නිර්මාණය කරන හැටි 

මෙම මොනර රුව සහිත බිත්ති සැරසිල්ල නිර්මාණය කිරීම සඳහා ඔබ අඟලට කොටු 10 රෙදි තෝරා ගන්නේ නම්, නිර්මාණය තරමක් විශාල වේ. එම නිසා මෙහිදී නූල් පොටවල් තුනක් භාවිතා කිරීම ප‍්‍රමාණවත් වේ. අඟලට කොටු 16 රෙදි භාවිතා කරනවා නම්, නූල් පොටවල් දෙකක් යොදාගන්න පු`ඵවනි. මෙලෙස නිර්මාණය සඳහා අවශ්‍ය රෙදි සහ නූල් පොටවල් තෝරා ගැනීමෙන් පසුව නිර්මාණය කරන රූපය මතුකර ගැනීමට කොටු ගණන් කර පළමුවෙන්ම මෝස්තරය වටා නූල් ඇදගැනීම කළ යුතුයි. එවිට මසා ගැනීම පහසු වේ. විශේෂයෙන් මෙම බිත්ති සැරසිල්ල රාමු කිරීමට අවශ්‍ය වන පරිදි හතර පැත්තෙන්ම අඟල් දෙකක ප‍්‍රමාණයක් ඉඩ තබා කපාගන්න. අනතුරුව පෙන්වා දී ඇති සංකේතවලට අනුව, කැරලි නූල් හෝ ඞී.එම්.සී. නූල් භාවිතයෙන් නිර්මානයේ මැද සිට මසා ගැනීම ආරම්භ කරන්න. එයින් නිර්මාණය ඉක්මනින් අවසන් කරගැනීමට පහසු වේ. නිර්මාණයේ ලස්සන සහ හැඩය මතු කරගැනීමට අවශ්‍ය ස්ථානවලට භාග කතිර උපයෝගී කරගන්න.

එන්. පුස්සැල්ලගේ

 

 

HNB නැන්දලා මාමලාගෙන් පුංචි පැටවුන්ට ’’සුපිරි වීර ජම්බෝ’’ ප්‍රිමියර් ෂෝ එකෙන් අමතක නොවන සතුටක් Read Previous

HNB නැන්දලා මාමලාගෙන් පුංචි පැටවුන්ට ’’සුපිරි වීර ජම්බෝ’’ ප්‍රිමියර් ෂෝ එකෙන් අමතක නොවන සතුටක්

Vietjet සමාගමට Asia’s Leading Airline Brand 2026 සම්මානය Read Next

Vietjet සමාගමට Asia’s Leading Airline Brand 2026 සම්මානය

Realted Post

Leave a comment