චිකන්ගුණ්‍යා රෝගය සුව වී ප්‍රතිශක්තිය නංවන ආහාර රටාව...

චිකන් ගුණ්‍යා රෝගය මේ වෙද්දි බොහෝම සීග්‍රයෙන්  පැතිරෙන වෛරසයක් බවට පත්වී තිබෙනවා. ඒ වගේම මෙම රෝගී තත්ත්වය සුව වුවත් එහි අතුරු සංකූලතා බොහෝමයක් පවතිනවා. උදාහරණයක් ලෙස සිරුරට ප්‍රතිශක්තිය හීන වීම, සිරුරට ප්‍රාණයක් නොමැති වීම, කෑම අරුචි අඩුවීම, මස් පිඬු වේදනා වැනි බොහෝ සංකූලතා බහුලව බොහෝ දෙනාට මතුවෙනවා. අපි මේ කතා කරන්න සූදානම වන්නේ රෝගය නිසා ගිලිහී ගිය පෝෂණ ඌනතාවයන් වළක්වා නිවැරදි ආහාර රටාවකින් නැවත ප්‍රතිශක්තිය ගොඩනංවා ගන්නා අයුරු ගැනයි. ඒ කොහොමද? කියලා  වෛද්‍යතුමා සමග සිදුකළ සාකච්ඡාවකි.

චිකන් ගුණ්‍යා උණ වයිරසයක් ආශ්‍රය කරගෙන මදුරුවකුගෙන් හටගන්නා රෝගයක්. මෙය ඔබට මට ඇතිවෙන සාමාන්‍ය උණක් වගේ නම් නෙවෙයි. මේ රෝගයේදී සාමාන්‍ය උණකට එහා ගිය උණ සමග දැඩි සන්ධි වේදනාව, මස් පිඬු වේදනාව තරමක් දරුණු වීම සහ අධික හිසේ වේදනාව සහ සමෙ ලප කැළැල් මතුවීම වැනි ලක්ෂණ  මේ රෝගය සමඟ මතුවේ. 

දින තුන /හත ක කාලයක් අතරදී  උණ තත්ත්වය මතුවී දින කිහිපයකින් උණ පහ වී ගියත් මෙහි අතුරු රෝග ලක්ෂණ මාස ගණනාවක් කෝදින ගණනක් පැවතීමට පුළුවන්. 
නිවැරදි වෛද්‍ය ප්‍රතිකාර ලබා නොගැනීමෙන් හෘදය, ස්නායු පද්ධතිය ,ඇස් වලට සහ සම ආශ්‍රිත දරුණු ආසාදන සංකූලතා මතුවීමට පුළුවන්.

විශේෂයෙන්ම නව ජන්මයන් ,මහලු වයස, නිධන්ගත රෝගීන්ට මෙම රෝගය සංකූලතා වැඩිපුර දැකිය හැකියි.
එම නිසා මුල් අවධියේදීම රෝගය සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත්.මේ වෙද්දි  රෝගය සඳහා විශේෂ ප්‍රතිකාර රටාවක් නම් නැහැ. නමුත් ලක්ෂණ අනුව ඒ සඳහා සුදුසු ප්‍රතිකාරයන් වෛද්‍යවරයා විසින් නියමය සිදුකරනවා. 
එතනදි ඖෂධ ලබා ගැනීම වාගේම ප්‍රමාණවත් විවේකය, වැඩිපුර දියර වර්ග භාවිතය, ප්‍රතිශක්තිය නංවා ගැනීමට ගත හැකි ආහාර ගැනීම වැදගත් වෙනවා.

එතනදී ප්‍රතිශක්තිය වඩවන ආහාර ලෙස ප්‍රධාන වශයෙන්, 
ඔමේගා ත්‍රී අඩංගු මේද අම්ල බහුල ආහාර එනම් ටූනා, සැමන් වැනි මාළු වර්ග චියා සීඩ්,ආමන්ඩ් ඇට වැනි ප්‍රෝටීන් බහුල කුකුල් මස් , එළු මස් ,බිත්තර ,කරවල වැනි ආහාර වර්ග, විටමින් බහුල ආහාර වර්ග විශේෂයෙන් විටමින් ඒ අඩංගු එළවලු පලතුරු brookley, මුරුංගා කොල, කැරට්, අඹ, ගස්ලබු ,ලාවලු
විටමින් බී බහුල ආහාර තම්පලා,නිවිති,කරපිංචා, බීටි රූට්,බෝංචි ,මුං ඇට, උඳු ,සෝයා බෝංචි වැනි ආහාර වර්ග 
විටමින් ඩී අඩංගු බටර්, බිත්තර , උදෑසන මධ්‍යම හිරු එළිය 
විටමින් කේ නිවිති, මල්ගෝවා වැනි ආහාර
විටමින් ඊ අඩංගු සූර්යකාන්ත ඇට සහා සූර්යකාන්ත තෙල් ,රටකජු/ රටකජු තෙල්, ඉරිඟු තෙල් ,බ්‍රොකලි, කිව් ,අඹ
වගේම බැදි හාල් කැඳ එළවළු සුප්, එළුමස් සුප්, මාමයිට්, චිකන් සුප්, තැඹිලි වතුර ධාන්‍ය කැඳ, දේශීය සහල්, දේශීය අල වර්ග, දේශීය පළතුරු ලබා ගැනීම 

විටමින් සී අඩංගු පැඟිරි කුලයේ ආහාර දොඩම්, අන්නාසි,පෙර, ගස්ලබු 

වැනි විටමින් ඛනිජ අඩංගු හොඳ සමබල ආහාර වෙලක් ලබා ගැනීම සුදුසුයි. 

ඒ වගේම අධික සීනි තෙල්/ පිටි වර්ග /කෘතිම රසකාරක/සොසේජස්/ බ්‍රේකන් වර්ග/ ඇල්කොහොල්/ අධික මිරිස් ,කුළුබඩු සහිත ආහාර  මෙවැනි ආහාර වලින් වැළකී සිටීම හිතාමත් වටිනවා. එයට හේතුව නම් ඖෂධ වලට අහිතකර බලපෑමක් වගේම ප්‍රතිශක්තිකරණය හීන වීම වේගවත් කරවයි. 

එම නිසා නිවැරදි ආහාර රටාවකට යොමු වී ස්වභාවිකව නිවසේදී පිසූ ආහාර ලබා ගැනීම පිරිසිදුව ලබා ගැනීම මෙම රෝග සුවයට වඩාත් ඵලදායි වේ.

සටහන : මහේෂානි මීගහපොල.

අදහස් දැක්වීම: 

වෛද්‍ය ප්‍රසංජය විතානගේ, 

ආයතන භාර ප්‍රධාන වෛද්‍ය නිලධාරී, 

ප්‍රාදේශීය රෝහල- අකරගම.

දමිතා කියපු අපූරු කතා ටික Read Previous

දමිතා කියපු අපූරු කතා ටික

ආබාධය ජීවිතයට  බාධාවක්  නොකර ගත්  ඇය - වසන්තා Read Next

ආබාධය ජීවිතයට බාධාවක් නොකර ගත් ඇය - වසන්තා

Realted Post

Leave a comment