නව වසර පිළිගන්න ගිණිකෙලි වලින් සෙල්ලම් දාන්න ඉන්නවනම් මේ ගැනත් සිතන්න.

පරණ අවුරුද්ද අවසන් වී නව වසරක් පිළිගන්න තමයි අපි හැමෝම බලාගෙන ඉන්නේ.  එතනදි දෙසැම්බර් 31 රාත්‍රිය කියන්නේ ගිනි කෙළි වලින් මුලු රටම, ලෝකයම  ආලෝකමත් වන දිනයක්. නමුත් ඔබ මේවා විනෝදයට කළත් අලුත් අවුරුදු ජනවාරි පළවෙනිදා ඔබ කැමතිද සිරුරට හානියක් කරගෙන ලෙඩ ඇඳේ ඉන්න.  ඒ නිසාම මෙවර සිරිකත ප්‍රතමාධාර විශේෂාංගයෙන් කතා කරන්නේ ඒ ගැනයි, විශේෂයෙන් රතිඤ්ඤා හානියක් වූ විට කළ හැකි ප්‍රථමාධාර  ගැනයි,

තුවාල වූ ස්ථානය සම සුළුවට රතු පැහැති ඇත්නම්,

  • විනාඩි 10/20 පමණ කාලයක් ගලා යන ජලයට (ටැප් ජලය) අල්ලාගෙන සිටින්න.
  • මෙහිදී අයිස් ජලය භාවිත නොකළ යුතුය. 
  • එලෙස සිදුකිරීමෙන් පිළිස්සුම් වර්ධනය වීමට පුළුවනි.
  • විෂබීජ හරණය කළ ඇලෙන සුළු නොවන වෙළුම් පටියක් කෝ පිරිසිදු රෙදි කඩකින් පිළිස්සුම් ස්ථානය ආවරණය කරන්න.
  • මාත්‍රාව අනුව වේදනා අනාශකයක් භාවිතා කරන්න. 
  • ප්‍රධාන  පිළිසුම් තුවාල(පිලිසීමෙන් බරපතල ලෙස තුවාල වී ඇත්නම්) හෝ දිය බිබිලි සහිත පිළිසමකදී වෛද්‍ය උපදෙස් වෙත යොමු වන්න.
  • පිළිසුමට ලක් වූ ප්‍රදේශයේ ඇඳුම් ආදී ඇලී ඇත්නම් ඒවා ඉවත් කිරීමෙන් වළකින්න.
  • පිළිසු ප්‍රදේශය විනාඩි 10/20 කාලයක් ගලා යන ජලයෙන් සිසිල් කර, පිරිසිදු විෂබීජ හරණය කරන ලද රෙදි කඩකින් ආවරණය කර ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වන්න. 
  • දිය බිබිලි පිපිරීමට හෝ දිය බෙදි සඳහා ආලේපන වර්ග භාවිතයෙන් වළකින්න. 

ඇසට හානියක් වූ විට, 

  • ඇස ඇතිලීම, සේදීම යුතුයි නොකළ යුතුයි.
  • ඇස තුවාල හෝ ඒ අවට පිපිරුණු ද්‍රව්‍ය සුන්බුන් තිබේ නම් ඒවා ප්‍රවේශමෙන් ඉවත් කරන්න. 
  • තුවාල වූ ඇසට පීඩනයක් යෙදීමකින් තොරව පිරිසිදු පාර දෘෂ්‍ය ආවරණයකින් ආවරණය කර ගනිමින් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වන්න.

කනට අනතුරක් වී ඇත්නම්, 

  • පිපිරීම නිසා කන්වල නාදයට හෝ ශ්‍රවණාබාධයක් වී ඇත්නම් තවදුරටත් ඝෝෂා ශබ්ද වලින් ඈත් වී විවේකීව සිටින්න. ඉන්පසු උගුර කන නාසය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න.

හුස්ම ගැනීමට අපහසු නම්, 

  • දුම ආශ්වාස කිරීම නිසා කැස්සහෝ හුස්ම ගැනීමේ අපහසුතා පවතී නම් ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරයට යොමු වීම කරන්න. 
  • විශාල ප්‍රදේශයක් ආවරණය වන හෝ හුණාත් පා ඉකිළි හෝ ප්‍රධාන සන්ධි ආශ්‍රිත පිළිස්සු මාංශපේෂි හෝ අස්ථි නිරාවරණය වන පරිදි ගැඹුරු තුවාල, 
  • ඕනෑම ආකාරයක අක්ෂි හානි, තුවාලය ආශ්‍රිත ඉදිමුම, රතු වීම, ආසාදන ලක්ෂණ, අධික උණ, හුස්ම ගැනීමේ අපහසුතා, කම්පන ලක්ෂණ 
  • පවතිනවා වහාම වෛද්‍යවරයෙකු වෙත යොමු වන්න. 

අදහස් දැක්වීම - බුද්ධිනී සෙනෙවිරත්න. 

දැඩි සත්කාර පුහුණු හෙද නිලධාරිනී. 
ද සොයිසා කාන්තා රෝහල. 
කොළඹ. 

  • සටහන- මහේෂානි මීගහපොල.

වතු කම්කරුවන්ට වසර 25කට පසු සාධාරණය Read Previous

වතු කම්කරුවන්ට වසර 25කට පසු සාධාරණය

සිහින ගමනාන්තය Read Next

සිහින ගමනාන්තය

Realted Post

Leave a comment