පිරිමි, කාන්තා යට ඇඳුම් ඇඳීම ලෙඩක් ද?

අපේ සායනවලට එන සේවා ලාභීන් අතර අමුතු කාමුක හැඟීම් තිබෙන පුද්ගලයින් ද සිටිනවා.. 

දිනක් අවුරුදු 15ක පිරිමි දරුවෙක් රැගෙන මවක් එනවා එම මව කියනවා මගේ යට ඇඳුම් දවසින් දවස නැති වෙනවා. මම දවසක් පුතාගෙ කාමරේ අස් කරද්දි එයාගේ ඇඳේ මෙට්ටය යට තිබිලා මගේ යට ඇඳුම් හමුවෙනවා.

මම බයයි ඒ සම්බන්ධව, මොකද මට තව අවුරුදු 12ක දුවෙක් ඉන්නවා ගෙදර. මෙයාගේ මේ හැසිරීම් ගැන මට බයයි. මේක ලෙඩක්ද ? අපි කොහොමද මෙයාව හොඳ කරගන්නේ.

මෙම කාන්තා ඇඳුම් සොරකම් කිරීම ලෙඩක් ද? මේ අම්ම කියන විදියට මේ දරුවට තියෙන්නේ අසනීපයක්ද? කාන්තා යට ඇඳුම් හෝ ඇඳුම් සොරකම් කර ළඟ තබා ගැනීම හෝ කාන්තා ඇඳුම් ඇඳීම රෝගී තත්වයක් ලෙස ගැනෙන්නේ නැහැ.
නමුත් මෙම තත්වය මාස 06කට වඩා තිබෙනවනම්, සමාජයට පීඩාකාරී නම්, මෙය රෝගී තත්වයක් ලෙස සැලකෙනවා.
මෙම තත්ත්වය අපි මනෝවිද්‍යාවේදී fetishism නැතහොත් “වස්තු අර්චන කාමුකත්වය” ලෙස හඳුන්වනවා.
මෙම තත්වය කාන්තා ඇඳුම්වලට පමණක් නොව,
  • කාන්තා පාවහන්
  • කාන්තා නිය
  • කාන්තා උරහිස්
  • කාන්තා යටි පතුල
  • කාන්තා කිහිලි
  • කාන්තා ලේන්සු
යනාදී දේවල් වලට ද ප්‍රිය කරයි. මේ දේවල් තුළින් ඔවුන් ලිංගික ක්‍රියාවන්ගේ යෙදෙයි.
මෙම තත්වය ඇති වන්නේ පිරිමින්ට පමණක් ද?
මෙම හැසිරිමේ ලක්ෂණ බහුල වශයෙන් තිබෙන්නේ පිරිමි පාර්ශ්වයට එයට හේතුව පිරිමින්ගේ ලිංගික උත්තේජ ඉතා සරලයි. ඒ නිසා අසාමාන්‍ය ලෙස ඔවුන්ට ආශාවල් ඇති වෙනවා. (සජීවී හෝ අජීවී වස්තූන්ට)
කාන්තාවන්ට එසේ උත්තේජන ඇති වන්නේ තමා ආස කරන පිරිමියෙකුට හෝ තමාගේ සිතේ තිබෙන ආසාවන්ට පමණි.
කාන්තා ඇඳුම් ඇඳීමට හෝ සොරකම් කිරීමට සිතෙන්නේ ඇයි?
යම් කිසි පුද්ගලයෙක්තමන්ගේ පළමු ස්වයං වින්දන  කාර්යය සිදු කරනු ලැබූයේ අජීවී වස්තුවක් සමඟ නම් ඒ කියන්නේ  කාන්තා ඇඳුමක් හෝ කාන්තාවක් පාවිච්චි කළ දෙයක් සමග නම් ඔහුට එය නැවත නැවත අවශ්‍ය වෙනවා.
හේතුව ඔහුට ඒ පළමු අත්දැකීම විඳින අවස්ථාවේ ලද ආශ්වාදය පළමු අත්දැකීම වන නිසා. නැවත එම ආශ්වාදය ලබා ගැනීමට ඔහුට එම අජීවී වස්තූන් අවශ්‍ය වෙනවා.
තවත් හේතුවක් වන්නේ අන්තර් පුද්ගල සබඳතා නොමැතිකමයි. ඒ කියන්නේ තමන් බලාපොරොත්තු වන ලිංගික ක්‍රියාවලිය කාන්තාවක් සමඟ සමීප වී ඒ සම්බන්දතාව ගොඩනගා ගැනීමට ශක්තියක් නොමැතිකම නිසා ඔවුන් අජීවී වස්තු සමඟ ගනුදෙනු කරයි.
මේ හැසිරීමට ප්‍රතිකාර තියෙනව ද ?
මුලින්ම අපි එම හැසිරීම ඇති පුද්ගලයා සමඟ සාකච්ඡා කළ යුතුයි. (උපදේශන ආචාරධර්ම වල පළමු නීතිය අනුව රහස්‍යභාවය රකින හෙයින් ඔවුන්ට විවෘතව කතා කිරීමට හැකියාව ඇත).
සාකච්ඡාවෙන් පසුව ඔහු ඉන්න තත්වය වටහා ගැනීම.
ඔහු මේ මොහොතේ සිටින මානසික මට්ටම මෙන්ම ඔහුට මෙම ක්‍රියාවලීන් නිසා සහ සමාජයෙන් ඇතිවන පීඩා නිසා ඔහුට බොහෝ විට මානසික රෝග ඇතිවීමේ ප්‍රවණතාව වැඩියි. (විෂාදය, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම, සමාජ භීතිය වැනි)
පසුව ඔහු සිටින රෝගී තත්වයට ප්‍රතිකාර කළ යුතුයි. මනෝ වෛද්‍යවරයකු වෙත යොමු කිරීමෙන් ඔහුට අවශ්‍ය ඖෂධ ප්‍රතිකාර ලබා දෙනු ඇත.
මනෝ චිකිත්සක ක්‍රම
මනෝ ප්‍රතිකාර ලෙස අපට  ප්‍රායෝගික චර්යා හැඩ ගැස්වීම සිදුකළ හැකිය. (සිතුවිලි වෙනස් කිරීමේ ශිල්ප ක්‍රම)
ඒ වගේම පුද්ගල සම්බන්ධතා වර්ධන ක්‍රියාවලියට අවශ්‍ය ක්‍රම ශිල්ප වර්ධනය.
මේ තුළින් අජීවි වස්තුවලින් ගැලවී කාන්තාවන් සමග සමීප සම්බන්ධතා පැවැත්වීමට අනුගමනය කළ යුතු ක්‍රම ශිල්ප
ඉතින් ඔබේ සමාජයේ මෙවැනි පුද්ගලයින් ඔබට හමුවේවි. ඔවුන්ව කොන් නොකර අවශ්‍ය ප්‍රතිකාර වෙත යොමු කරන්න.

සරලකමත් දක්ෂතාවත් එකට එක්ව ලස්සන වූ Renée Zellweger Read Previous

සරලකමත් දක්ෂතාවත් එකට එක්ව ලස්සන වූ Renée Zellweger

දශක හතරක සහෘද චාරිකාව, සිරිකතට වසර 46 යි Read Next

දශක හතරක සහෘද චාරිකාව, සිරිකතට වසර 46 යි

Realted Post

Leave a comment