සතුට අහිමි කරන ලිංගික අප්‍රාණිකබව

බොහෝ පවුල් ගැටලු නිර්මාණය කරන ගැටලුවක් වන පුරුෂ ලිංගය ප්‍රාණවත් නොවීම ගැන මෙවර කතා කරමු. මෙය බොහෝ අය විවෘතව කතා කරන්න අකමැතියි. නමුත් මෙය  විවාහ ජීවිතය ඉදිරියට ගෙන යාමට වඩාත් බලපාන මාතෘකාවක්.

සාමාන්‍ය ජීවිතයේදී  ලිංගය ප්‍රාණවත් නොවීම කලබලයට පත්වීමට කාරණයක් නොෙවයි. එය චිත්තවේග (දුක/කලකිරීම) නිසා ඇතිවීමටද පුළුවන. එහෙත් දිගින් දිගටම මේ තත්ත්වය පවතිනවා නම්  වෛද්‍යවරයකු හමුවිය යුතුමයි.
ලිංගය ආශ්‍රිත මාංස ලිහිල් වීමත් සමග ඒ ආශ්‍රිත රුධිර සංසරණ ක්‍රියාවලිය වැඩිවීමත් නිසා ලිංගය ප්‍රාණවත් වෙයි. ලිංගය අප්‍රාණීකවෙනවා යනු මේ ශරීර අභ්‍යන්තර ක්‍රියාවලිය සිදු නොවීමයි.
  • ලිංගය අප්‍රාණික වීමට හේතු 
මානසික හේතු
කායික හේතු
යනුවෙන් මේ දෙආකාරය ගැන කතා කරන්න පුළුවන්.
පොදුවේ හේතූ මෙසේය.
01. දිර්ඝ කාලයක් දුම්වැටි මත්ද්‍රව්‍ය භාවිත කිරීම.
02. තරබාරුකම
03. අධිරුධීර පීඩනය
04. කො​ෙලස්ටරෝල්
05. දියවැඩියාව
06. හෝමෝන අසමතුලිතා
07. මානසික ආතතිය
08. විෂාදය
09. වෘෂණ කෝෂ ආශ්‍රිත රෝග
10. පුරස්ථී ග්‍රන්ථී ඉදිමීම
11. වයසට යෑම
12. නින්දේ විපර්යාස
13. ලිංගාශ්‍රිත රෝග
14. ලිංගික තුවාල
15. චිත්තාවේග
යනාදී හේතු නිසා මේ ලිංගික අප්‍රාණීකත්වය ඇතිවෙන්න පුළුවන්.
  • ප්‍රතිකාර  
මේ තත්ත්ව ඔබට තියෙනවා නම් අනිවාර්යයෙන්ම මෙම ප්‍රතිකාර සිදුකළ යුතුය.
ඔබට යම් කායික අසනීපයක් තිබෙනවා නම් මුලින්ම එයට ඖෂධ ප්‍රතිකාර ලබාගත යුතුය.
උදාහරණයක් ලෙස ඔබ අධි රුධීර පීඩන තත්ත්වයෙන් පෙළෙනවා නම් ඔබ මුලින්ම ඒ සඳහා ප්‍රතිකාර  ගත යුතුය.
ඒ වගේම යම් දෙයක් සඳහා ඔබ ඇබ්බැහි නම් (මත්ද්‍රව්‍ය/දුම්වැටි) ඒ දේවල්වලින් ඔබ ඈත් විය යුතුය.
සම්පූර්ණයෙන්ම ඔබ හොඳ සෞඛ්‍ය තත්ත්වයක් තබා ගැනීම මුලින් කළ යුතු ය.
සහකරු/සහකාරිය සමග හොඳ සබඳතාවක් තබා ගැනීමට අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතුයි.
සුදුසු ආහාර ගත යුතුයි. (ප්‍රෝටීන්, සින්ක්, අඩංගු ආහාර ගත යුතුය.)
ප්‍රෝටීන් හා සින්ක් අඩංගු ආහාරවලින් ඔබේ ලිංගික හෝමෝනය වන ටෙස්ටෙස්ටරෝන්  වර්ධනය කර ගත යුතුය.
වැල්පෙනෙල, හාතාවාරියවැනි ඖෂධ සුවඳැල් කළු හීනටි වැනි දේශීය සහල් වැනි දැ තුළ ප්‍රෝටීන් අඩංගු වෙයි.  
මස් වර්ග, ඉස්සෝ, දැල්ලෝ, ජින්සෙන් ශාකය හා මුහුදු පැළෑටිවල සින්ක් අඩංගු වෙයි.
  • ව්‍යායාම 
දිනකට විනාඩි 20ක්වත්  ව්‍යායාම කළ යුතුයි. දිවීම, බයිසිකල් පැදීම, පිහිනීම වැනි ව්‍යායාම කළ යුතුය.
කෙසේ වෙතත් ඖෂධ ප්‍රතිකාරවලට පෙර වෛද්‍ය උපදෙස් ගත යුතුමය.

සුදු සිහින අතරින් දිදුලන ඇයගේ අලංකාරය Read Previous

සුදු සිහින අතරින් දිදුලන ඇයගේ අලංකාරය

ඓතිහාසික කන්ද උඩරට සංග්‍රාමයට සූදානම් Read Next

ඓතිහාසික කන්ද උඩරට සංග්‍රාමයට සූදානම්

Realted Post

Leave a comment