හංගගෙන ඉන්න ඕනෑ දේවල් පෙන්නන්න හිතෙන්නෙ ඇයි?

මම යමුනා මම විවාහයෙන් වෙන් වුණු කෙනෙක්. මම විවාහය නිසා මානසිකව හා කායිකව පීඩා වින්ද කෙනෙක්. මට දැන ගන්න ඕන මගේ සැමියා මට දුන්න පීඩනයට හේතුව මොකක් ද කියලා. එයාට ලෙඩක් ද කියලා.
මම විවාහ වෙලා හිටිය සැමියට වයස අවුරුදු 35යි. මට අවුරුදු 32යි. ඔහු නිතරම වගේ වයසින් වැඩි කාන්තාවන්ට ඇලුම් කරනවා. වැඩිහිටි කාන්තාවන් පාරේ යන වෙලාවට එයා මූත්‍ර කරන විදියට ඔවුන්ට ලිංගය ප්‍රදර්ශනය කරනවා. ගමේ ගොඩක් අය මට මේ ගැන කියලා තියෙනවා.
මම මේ කාලයේ ගොඩක් පීඩනයකින් හිටියේ.  මෙයා වල් මිනිහෙක්, වනචරයෙක්, කියලා ගමේ අය බණිනවා. එයා ගුටිත් කාලා ඇති. ඒත් එයා හැදුණේ නැහැ. ඉතිං මට තේරෙන්නේ නැහැ මෙයා මෙහෙම කරන්නේ ඇයි කියලා.
ඇය පවසන අයුරින් ඔහුට ඇත්තේ ලිංගිකත්වය හා බැඳුණු මානසික රෝගී තත්ත්වයයි. මෙය ප්‍රදර්ශනකාමීත්වය ලෙසද හඳුන්වනවා.
ශරීරයේ විවිධ අවයව සිය කැමැත්තෙන් ප්‍රදර්ශනයකොට ලිංගික තෘප්තියක් ලැබීම හෝ අන් අයගේ ශරීරයේ යම් යම් අවයව නරඹා ඉන් ලිංගික තෘප්තියක් ලැබීම මෙම රෝගයේ ලක්ෂණයක්.  
ලිංගය ප්‍රදර්ශනය කරන හැමෝම ලෙඩ්ඩු ද?
මෙය මානසික රෝගයක් වශයෙන් ගැනෙන්නේ මාස 06කට වඩා කාලයක් මෙය එම පුද්ගලයා තුළ පැවැතීමයි.
මෙම හැසිරීම සමාජයට මෙන්ම එම පුද්ගලයාට ද පීඩාකාරීනම්,
යන ලක්ෂණ තිබෙනවා නම් මෙය ලිංගිකත්වය හා බැඳුණු මානසික රෝගයක් වශයෙන් ගැනෙනවා.
මේ අයට දඬුවම් කිරීමෙන් ඔවුන්ට දැනෙන්නේ නැහැ ඇයි දඬුවම් කළේ කියලා. ඔවුන් නැවත නැවත එය සිදු කිරීමට පෙලඹෙනවා.
 ප්‍රතිකාර තිබෙනවා ද? 
තමන්ම තේරුම් ගෙන මේ සඳහා අවශ්‍ය ප්‍රතිකාරවලට යොමු වන අය ඉන්නවා. ඉතිං මේ සඳහා ඖෂධ ප්‍රතිකාර මෙන්ම මනෝ ප්‍රතිකාර තිබෙනවා.
ඔබට සමාජයේදී මෙවැනි පුද්ගලයින් හමුවුවහොත් ඔවුන්ව විවේචනය කරමින් දඬුවම් නොකර ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර වෙත යොමු කිරීමට කාරුණීක වන්න.

 

පෙරහැර සමයේ මහනුවර නගරයෙන් ඉවත් කල කසළ ප්‍රමාණය කිලෝ  323,320ක් Read Previous

පෙරහැර සමයේ මහනුවර නගරයෙන් ඉවත් කල කසළ ප්‍රමාණය කිලෝ 323,320ක්

මුහුණේ ලස්සන දවසම රදවාගන්න විදි Read Next

මුහුණේ ලස්සන දවසම රදවාගන්න විදි

Realted Post

Leave a comment