‘කැමැත්ත’ ඇතිවෙන්න ප්‍රතිකාර තියෙනවා

දිනක් විවාහක කාන්තාවක් එනවා මා හමුවෙන්න.
 ‘‘මම නයනි, වයස අවුරුදු 38යි. දුවලා දෙන්නෙක් ඉන්නවා. අපි විවාහවෙලා අවුරුදු 15යි. මට දැන් සැමියා එක්ක ලිංගිකව හැසිරෙන්න හිතෙන්නෙ නැහැ. මහත්තයාගේ කිසිම වරදක් නැහැ. මටත් කිසිම රෝගයක් නැහැ. නමුත් මට මහත්තයා ළඟට යන්න රුචියක් නැහැ”.
ඉතින් මේ කාන්තාවට මෙවැනි තත්ත්වයක් ඇතිවුණේ ඇයි?
අපි අද බලමු මේ තත්ත්වය ඇතිවෙන්න හේතු සහ ඒ සඳහා ඇති ප්‍රතිකාර මොනවාදැයි කියා,
කිසියම් කෙනෙකුට  ලිංගිකව යමෙක් හා එක්වීමට මුලින්  ලිංගිකත්වය  පිළිබඳව යම් කැමැත්තක්, රුචිකත්වයක් තිබිය යුතුයි. මේ සඳහා එම පුද්ගලයා හෝ එම පුද්ගලයාගේ ලිංගික සහකරු ලබා දෙන ආකර්ෂණය ද බලපෑම් කරනවා.
හේතු මොනවාද?
බොහෝවිට මේ සඳහා ලිංගික සහකරුවන් දෙදෙනාගේ පවතින අන්තර් සම්බන්ධතාව නොතිබීම.
ලිංගික සංසර්ගයේදී දෙදෙනා තුළ අදහස් හුවමාරුව තිබිය යුතුයි. දෙදෙනාගේම අදහස්, ආසාවන්, අකමැති දේවල් දෙදෙනාම හුවමාරු කරගත යුතුයි.
දෙදෙනා පිළිබඳව දෙදෙනා තුළ පවතින ආකර්ෂණයේ ස්වභාවය  
බොහෝ පිරිස් විවාහයට පෙර ආකර්ෂණීය ලෙස සිටියත් විවාහයෙන් පසු  ලස්සනට සිටීම සහ පිළිවෙළට ලස්සනට ඇඳීම අතහරිනවා. ඉතින් ප්‍රියමනාපබව නැති වුණාම ලිංගික ආසාව, නැතිවෙනවා. මේ තත්ත්වය දෙපාර්ශ්වයටම පොදුයි.
දෙදෙනාගේ කායික සහ මානසික තත්ත්වය
දෙදෙනාගේම කායික මානසික නිරෝගීතාව ද මෙම තත්ත්වයට බලපානවා. උදාසීන ගතියකින් සිටියොත් එම ක්‍රියාවලියට අවතීර්ණය අපහසු යි. ඒ වගේම මානසික නිදහස අනිවාර්යයෙන්ම අවශ්‍ය සාධකයකි.
මෙවැනි අයට කළහැකි ප්‍රතිකාර
ඖෂධීය ප්‍රතිකාර ලබාදීම හා මනෝවිද්‍යාත්මක ක්‍රම තුළින් පුද්ගලයන් තුළ පවතින නිශේධාත්මක සිතුවිලි කෙරෙහි ප්‍රතිකාර කිරීම සිදුකොට හීනව ඇති ලිංගික කැමැත්ත ඇති කිරීමට හා වර්ධනය කිරීමට අවශ්‍ය මූලික අවධානය යොමු කිරීමට පුළුවන්.

 

ඓතිහාසික මඩුවන්වෙළ  නව සංචාරක කලාපයක් Read Previous

ඓතිහාසික මඩුවන්වෙළ නව සංචාරක කලාපයක්

කන්න කන්න රුව ගුණ වඩන අලිගැටපේර Read Next

කන්න කන්න රුව ගුණ වඩන අලිගැටපේර

Realted Post

Leave a comment