ඔසප් චක‍්‍රය අක‍්‍රමවත් වෙන්න හේතු

කොළඹ ජාතික රෝහලේ ජාතික පුහුණුකිරීමේ නිලධාරිනියක් ලෙස සේවයේ නියුතු පුෂ්පා රම්‍යානි ද සොයිසා දීර්ඝ කාලයක් ලද අත්දැකීම් සහ දැනුම් සම්භාරය හේතු කොටගෙන ඇය ලද දැනුම ඇසුරින් කාන්තා පාර්ශ්වයට ඔසප් චක‍්‍රය අක‍්‍රමවත්වීමට ඇති හේතු පිළිබඳ අපි ඇයගෙන් විමසීමක් කළා.

 

දියණියක් මල්වරවීම දෙවැනිවරට ඉපදුණා වැනියි. එදවස සිට ඇය මවක් කිරීමට සොබාදහම උත්සාහ කරයි. ඔසප්වීම ඇරඹෙන්නේත් එහි ප‍්‍රතිඵලයක් විදියටයි. එහෙත් එය මාස්පතා එකම දිනයකට නොවී අක‍්‍රමවත්ව සිදුවෙන්නත් පුුළුවන්. මේ කියන්නේ ඒ ගැන. 

ඔසප් චක‍්‍රයේ කාල සීමාව දින 21 සිට දින 45 අතර වෙනස් විය හැකි වුවත් බොහෝ කාන්තාවන්ට දින 28කට වරක් ඔසප්වෙනවා.  දින 21කට  වඩා අඩු කාලයකින් හෝ දින 45කට වඩා ප‍්‍රමාද වී ඔසප්වීම අක‍්‍රමවත් ඔසප්වීමක් ලෙස හඳුන්වනවා. 

ගර්භාශ කුහරය ඉතා සියුම් මෙළෙක් ආවරණයකින් වැසී තිබෙන අතර දරුවෙක් ප‍්‍රසූත කරන අවස්ථාවකදී එය අධිරෝපණය වී ඒ සඳහා  ගර්භාශය සූදානම් කිරීමක් සිදුවෙනවා. ඩිම්බයක් සංසේචනය නොවුණහොත් සෑම මසකම ඩිම්බය මිය යනවා. ඒ අවස්ථාවේදී ගර්භාශය තුළ සැකසුණු අලූත් ස්ථරය කැඞී බි`දී යනවා. මෙහිදී පීතෘ දේහය පිපිරී පොජෙස්ටරෝන් ශ‍්‍රාවය පහළ යයි. එවිට අලූත් ආවරණය බිඳී ගැලවී රුධිරය සමග පිටවෙනවා. මාසික ඔසප්වීම යනුවෙන් සිදුවන්නේ එම ක‍්‍රියාවලියයි. 

මෙය දින 3 - 5 අතර පැවතිය හැකියි. ඒ වගේම එය දිනක් දක්වාත් අඩු විය හැකි අතර දින 8 ක් දක්වා වැඩිවීමටද පුළුවන්. ගැහැනු ළමයෙක් වැඩිවියට පත් වූ පසු අවුරුදු දෙක තුනක් යනතුරු ඔසප්වීම අසාමාන්‍ය විය හැකියි. එම කාලයෙන් පසුවත් ඔසප්වීම අක‍්‍රමවත්වීමට විවිධ හේතු බලපාන්න පුළුවන්.

polycystic ovary syndrome (PCOS)  තත්ත්වය නිසාත් ඔසප් චක‍්‍රය අක‍්‍රමවත් වෙන්න පුළුවන් ඩිම්බ කෝෂය තුළ දියර පිරුණු කුඩා ගෙඩි පවතින්න පුළුවන්. මේවා ස්කෑනින් පරීක්ෂාවට ලක් කිරීමෙන් හඳුනාගන්න පුළුවන්. හෝර්මෝන වෙනස්කම් නිසා ඩිම්බ මේරීම, මෝචනය වළක්වයි. එවැනි අවස්ථාවලදී සමහර කාන්තාවන්ට ඔසප්වීම නැවතීමේ හැකියාවක් පවතිනවා. මෙම තත්ත්වය සමග තරබාරුබව, නිසරුබව අධික ලෙස රෝම හා කුරුලෑ දැමීම වගේ තත්ත්ව ද ඇතිවිය හැකියි.

ආර්ථවහරණය ද මේ සඳහා බලපෑ හැකි අතර අවුරුදු 45 - 55 අතර යම් කෙනෙකුගේ ඔසප් චක‍්‍රය නැවතීමේ දී ඊස්ට‍්‍රජන් හෝර්මෝන තත්ත්වය වරින් වර වැඩිවීම නිසා ඔසප් චක‍්‍රය කෙටි විය හැකියි.

මීට අමතරව ෆයිබ්‍රොයිඞ්, මස්දලූ ඇතිවීම හරහාද ඔසප් චක‍්‍රය අක‍්‍රමවත් විය හැකියි. ගර්භාශ බිත්තියේ පේශිමය අර්බුදයක් ලෙස මේවා වර්ධනය වෙනවා. මෙය පිළිකාවක් නොවන අතර කලාතුරකින් පිළිකාවක් විය හැකියි. ගෙඩියේ ප‍්‍රමාණය ක‍්‍රමයෙන් වැඩි වන විට ඔසප්වීම වේදනාත්මක විය හැකියි. රුධිරවහනය අධිකවීම, නීරක්තිය ඇති වීම වැනි රෝග ඇතිවෙන්නත් පුළුවන්. කොන්දේ කැක්කුම, පාදයේ හටගන්නා වේදනාව හා සංසර්ගයේදී ඇතිවන වේදනාව මෙම රෝගයේ දී ඇතිවිය හැකි යි. 

මීට අමතරව බර වැඩිවීම හා තරබාරු බවද ඔසප් චක‍්‍රය අක‍්‍රමවත්වීමට බලපානවා. යම් කෙනෙකුගේ  ස්කන්ධ දර්ශකය 18.5ට  වඩා අඩු නම් එය ද ඔසප් චක‍්‍රයට බලපානවා. 
එදිනෙදා ආහාරපාන, ව්‍යායාම නිසි පරිදි සිදු කරගනිමින් මේ සඳහා වන බලපෑම අවම කරගත හැකියි. 

සටහන - නෙත්මි තෂාරා

 

විසිකරන දෙහි ලෙල්ලෙන් දිදුලන සමක් Read Previous

විසිකරන දෙහි ලෙල්ලෙන් දිදුලන සමක්

තනි කාන්තාවක් ලෙස ගොඩගිය විදිහ ගැන කියන Manisha Shyamali Read Next

තනි කාන්තාවක් ලෙස ගොඩගිය විදිහ ගැන කියන Manisha Shyamali

Realted Post

Leave a comment