ත‍්‍රිපෝෂ ගුළියට ආ බිල්ලා

පසුගිය කාලයේ ගුණාත්මක බඩඉරිඟු සොයා ගැනීමේ අපහසුවක් තිබුණා. ඒ හරහා ත‍්‍රිපෝෂ නිෂ්පාදනය අඩාල වුණා. Aflatoxines පිළිකාකාරක රසායනය බඩඉරිඟුවල Aflatoxines වැඩිපුර අන්තර්ගතවීම නිසාත් ත‍්‍රිපෝෂ නිෂ්පාදනයට ගැටලූ මතුවුණා. වැඩිපුර අන්තර්ගතවීම දරුවන්ට අහිතකරයි.     

ත‍්‍රිපෝෂ ආහාරමය අතිරේකයක් ලෙස ලොකු කුඩා කා අතරත් ජනප‍්‍රිය පෝෂණීය ආහාර අතිරේකයකි. වර්තමානයේ පවතින ආර්ථික සහ විවිධ සෞඛ්‍යමය ගැටලූ යටතේ ත‍්‍රිපෝෂ නිෂ්පාදනයේ යම් අඩාලවීමක් සිදුවී තිබෙනවා. ඒ නිසාම රස ගුණ සපිරි ත‍්‍රිපෝෂ නිෂ්පාදනයේ පවතින ගැටලූ සහ ඒ සම්බන්ධ විසඳුම් විමසීම සඳහා අප සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (මාතෘ හා ළමා සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය චිත‍්‍රමාලි ද සිල්වා මහත්මිය සම්බන්ධ කරගත්තා. වසර 1973 ඇමරිකානු රජයත් සමග එකතු වී ආරම්භ කළ ත‍්‍රිපෝෂ ව්‍යාපෘතිය ටිකෙන් ටික දියුණු වී රජයට අයත් කර්මාන්තශාලාවක් ලෙස වර්තමානය දක්වා ක‍්‍රියාත්මක වෙනවා. ත‍්‍රිපෝෂ ලබා දෙන්නේ ආහාර අතිරේකයක් (Supplementary Food) ලෙසයි. විශේෂයෙන් මන්දපෝෂණයට පිළියමක් ලෙස ප‍්‍රධාන ආහාරයට අමතරව පෝෂණීයගුණාත්මකභාවයෙන් වැඩිි අතිරේකයක් ලෙස මෙය ලබාදීමට පුළුවනි. සාමාන්‍යයෙන් මාස 06 සිට අවුරුදු 05 දක්වා මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට ඒවාගේම ගර්භිණී, කිරිදෙන මවුවරුන්ට පැකට් දෙකක් ලෙස මාස 06 ක් යනතුරු ලබාදෙනවා. ත‍්‍රිපෝෂවල බඩඉරිඟු, සෝයා, කිරිපිටි, විටමින් හා මිනරල් අන්තර්ගතයි. මන්දපෝෂණය තිබෙන දරුවෙකුට ලබා දිය යුත්තේ කෑම වේල් අතරතුරේදියි. දිනකට ග‍්‍රෑම් 50 ක් ලැබෙන ලෙස දිය යුතුයි. ගර්භිණී සහ කිරිදෙන මවුවරුන්ටත් එලෙසමයි. ත‍්‍රිපෝෂ ගුළි දෙකක් සාදා ආහාරයට ලබා ගත හැකියි. බොහෝ කාන්තාවෝ මෙය සාදා ගන්නේ පොල් ටිකක් මිශ‍්‍ර කර අග්ගලා ගුළියක් ලෙසයි.

පසුගිය කාලයේ ත‍්‍රිපෝෂ සම්බන්ධව යම් යම් ගැටලූ මතුවුණා නේද?

ත‍්‍රිපෝෂ ප‍්‍රමාණාත්මකව ලබාදීමේදී පැමිණි මූලිකම ගැටලූව තමයි බඩඉරිඟු සොයා ගැනීමේ ගැටලූව. බඩඉරිඟු ලංකාවට ගෙන්වීම තහනම් වී තිබුණා කාලයක්. ඊට අමතරව කුකුළු ආහාරනිෂ්පාදනයට වැඩිපුර ලබා ගැනීම තුළ වෙළෙඳපොළේ තරගකාරිත්වය වැඩිවුණා. මේ නිසා ගුණාත්මක බඩඉරිඟු සොයා ගැනීමේ අපහසුවක් තිබුණා. ඒ හරහා ත‍්‍රිපෝෂ නිෂ්පාදනය අඩාල වුණා. Aflatoxines  පිළිකාකාරක රසායනය බඩඉරිඟුවල වැඩිපුර අන්තර්ගතවීම නිසාත් ත‍්‍රිපෝෂ නිෂ්පාදනයට ගැටලූ මතුවුණා. Aflatoxines  වැඩිපුර අන්තර්ගතවීම දරුවන්ට අහිතකරයි.

ආර්ථික අර්බුදය හමුවේ දරුවන්ගේ පෝෂණයට මෙය බලපාන්නේ කෙසේද?

අනිවාර්යයෙන්ම බලපානවා. අවුරුදු 03 ට අඩු දරුවන්ගේ මන්දපෝෂණයට ලබාදිය යුතු ත‍්‍රිපෝෂ තවමත් අපට නිෂ්පාදනය කර ගැනීමට අපහසු වී තිබෙනවා. ඒ සඳහා විවිධ ක‍්‍රමවේද අත්හදා බලනු ලැබුවා.එම ගැටලූවට විසඳුමක් ලෙස බඩඉරිඟු වෙනුවට වෙනයම් පෝෂණීය ආහාරමය අතිරේකයක් එනම් ධාන්‍ය වර්ග යොදා සෑදීම මේ දිනවල කරගෙන යනවා. බඩඉරිඟුවල විතරයි මේ ගැටලූව. සෝයාවල ගැටලූවක් නැහැ. අප ලබා ගන්නා වෙනත් ආහාරවලත් Aflatoxines තිබෙනවා. පොල්තෙල්, මිරිස් වැනි ආහාරවල. අපි ඒවා ආහාරයට ගන්නවා. නමුත් ත‍්‍රිපෝෂවලටයි බලපෑම වුණේ. අනෙක් ආහාරවල පරීක්‍ෂාවක් සිදු කරන්නේ නැහැ. ත‍්‍රිපෝෂ වුවත් අවුරුදු ගණන් ලබා දෙන්නේ නැහැ. මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවෙක්ට ත‍්‍රිපෝෂ ලබාදීමෙන් මාස හයක් ඇතුළත සාමාන්‍ය ලෙස නිරෝගී කර ගැනීමට පුළුවන්. ඉන්පසු ති‍්‍රපෝෂ දෙන්න අවශ්‍ය නෑ.

සටහන - මහේෂානි මීගහපොල

රතු ලිප්ස්ටික්වලට වුණ දේ... Read Previous

රතු ලිප්ස්ටික්වලට වුණ දේ...

සුදු කබර හැදෙන්නේ මීයෝ සපා කෑවාම ද? Read Next

සුදු කබර හැදෙන්නේ මීයෝ සපා කෑවාම ද?

Realted Post

Leave a comment