වෙනස්වන කාලගුණේ එක්ක හැදෙන බඩේ අමාරු
මේ දිනවල තිබෙන කාලගුණ වෙනස්කම් හමුවේ බඩේ අමාරුව සහ අතීසාර තත්වයක් ඇති වුණොත් අප කළ යුති දේවල්.
බඩේ අමාරුව සහ අතීසාර තත්වයකදී
සිරුරෙන් පිටවන ජලය හා ලවණ නැවත ලබා ගැනීමට කැඳ ,බෙලි මල්, ජීවනී, හාතවාරිය කැඳ, තැඹිලි වතුර වැනි දෑ පානයට ගන්න.
බඩේ කැක්කුමට වමනයට .
ඉඟුරු තේකක් හෝ සාදික්කා කුඩු ස්වල්පයක් දැමූ තේ ලෙස සදාගත් ඖෂධීය පානයක් ගන්න.
දින දෙකකට වඩා රෝග ලක්ෂණ පවතී නම් අත් බෙහෙත් නොකළ යුතුයි.
අත් බෙහෙත් ඔබ නිවසේදී කළ යුත්තේ සාමාන්‍ය සුළු අසනීප රෝග ලක්ෂණ පහළ වූ විටයි. එය දිනෙන් දින වැඩිවන විට රෝග ලක්ෂණ වලට අත් බෙහෙත් කර කර සිටීම මෝඩකමක් විය හැකියි. ඒ නිසා දින දෙකකට වඩා රෝග ලක්ෂණ පවතී නම් ඔබට වෙනත් අපහසුතා සිරුරෙන් දැනූන වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සිදුකරන්න.
සාමාන්‍ය උණට ඔබ පෙර සිටමෝල් ඖෂධය භාවිතය හැර වෙනත් වේදනා නාශක වෛද්‍ය උපදෙස්වලින් තොරව භාවිත නොකරන්න. ඒ වගේම ගර්භනී මව්වරුන්, බෝ නොවන රෝග, අවුරුදු දෙකට අඩු දරුවන් මෙවැනි රෝග ලක්ෂණ මතු වූ විගස වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සිදුකරන්න.
යහපත් ජීවන රටාව සඳහා ඔබව නිරෝගී කරවයි.
- වතුර උතුරුවා නිවා පානයට ගන්න. ඒ වගේම හොඳින් වතුර පානයට ගන්න.
- ඔබට යම්කිසි සිරුරේ අසනීපයක් පවතී නම් හොඳින් විවේකීව සිටින්න.
- ඒ වගේම ඔබට යම් ආසාදන තත්ත්වයක් හෝ පවතී නම් මුව ආවරණයක් භාවිත කරන්න.
- සනි ටයිසර් එකක් භාවිතා කිරීමට හුරුවන්න.
- ඔබට මෙවැනි රෝග ලක්ෂණ තිබේනම් පොදු ස්ථානවලට යාමෙන් වළකින්න.
- මෙවැනි කාල වලදී නිවැරදි සෞඛ්‍ය පුරුදු මගින් පවුලේ හා ඔබගේ සෞඛ්‍ය ආරක්ෂාව හොඳින් තහවුරු කරගැනීමට හැකියි
සටහන - මහේෂානි මීගහපොල.
උපදෙස් - ආයුර්වේද වෛද්‍ය, ඉමාෂා උඩවත්ත.

Leave a comment