ශරීරයේ වැදගත් ඛනිජ අඩු වුණොත් වෙන දේවල්

අපගේ ශරීරයේ නිසි වර්ධනය, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය සහ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා අත්‍යවශ්‍ය ඛනිජයක් ලෙස සින්ක් (Zinc) හඳුන්වයි. කැල්සියම්වලට පසු ශරීරයේ වැඩිම ප්‍රමාණයක් පවතින ඛනිජයද සින්ක් වේ. එය පරිවෘත්තීය ක්‍රියාවලිය, තුවාල සුව කිරීම, සෛල වර්ධනය සහ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලීන් පාලනය කිරීමේදී ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි.

කෙසේ වෙතත්, බොහෝ දෙනා දෛනික ආහාර මඟින් ප්‍රමාණවත් සින්ක් ලබා නොගන්නා අතර, එය සෞඛ්‍ය ගැටලු රැසකට හේතු විය හැකිය. විශේෂයෙන්ම මස්, බිත්තර, කිරි ආශ්‍රිත ආහාර, රනිල බෝග සහ සම්පූර්ණ ධාන්‍ය ආහාර අඩුවෙන් ලබාගන්නා පුද්ගලයන් සින්ක් හිඟයට ගොදුරු වීමේ අවදානමකට ලක්විය හැකිය.

ඛනිජ හිඟයට වැඩි අවදානමක් ඇති අය

* වයස්ගත පුද්ගලයන්
* නිර්මාංශික සහ වීගන් ආහාර රටාවක් අනුගමනය කරන අය
* ආහාර ගැනීමේ ආබාධ ඇති අය
* මත්ද්‍රව්‍ය හෝ මත්පැන් අධිකව භාවිතා කරන අය
* ආහාර ජීර්ණ පද්ධතියේ රෝග ඇති අය

මෙම හිඟයේ ප්‍රධාන ලක්ෂණය – තුවාල සුව වීමට ප්‍රමාද වීම

සින්ක් හිඟය ඇති පුද්ගලයන් අතර බහුලවම දැකිය හැකි ලක්ෂණයක් වන්නේ තුවාල, කැපුම් සහ සීරීම් සුව වීමට වැඩි කාලයක් ගත වීමයි.

තුවාල සුව කිරීමේ සෑම අදියරකදීම සින්ක් වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. එය රුධිරය කැටිගැසීම සඳහා අවශ්‍ය පට්ටිකා (Platelets) ක්‍රියාකාරිත්වය උත්තේජනය කරන අතර, තුවාල වූ පටකවල ඇතිවන දැවිල්ල සහ ප්‍රදාහය අඩු කිරීමටද උපකාරී වේ.

එමෙන්ම, සමේ නව සෛල නිපදවීම සහ හානි වූ සම නැවත ගොඩනැගීමේ ක්‍රියාවලියටද සින්ක් අත්‍යවශ්‍ය වේ. මේ නිසා තුවාල ඉක්මනින් වැසී සුව වීමට එය දායක වේ.

සින්ක් සතුව ප්‍රබල ප්‍රතිඔක්සිකාරක (Antioxidant) ගුණ ද ඇති අතර, ඒවා සෛල හානිවලින් ආරක්ෂා කරමින් සුවවීමේ ක්‍රියාවලිය වේගවත් කරයි.

තුවාල ඉක්මනින් සුව වීම වැදගත් වන්නේ ඇයි?

තුවාලයක් දිගු කාලයක් විවෘතව පැවතීමෙන් බැක්ටීරියා, වෛරස් සහ වෙනත් ආසාදනකාරක ශරීරයට ඇතුළු වීමේ අවදානම වැඩි වේ. එමඟින් ආසාදන රුධිරයට පවා පැතිර යා හැකි බැවින්, තුවාල කඩිනමින් සුව වීම ඉතා වැදගත්ය.

ඛනිජ අඩංගු ආහාර

* රතු මස් සහ කුකුළු මස්
* මාළු සහ මුහුදු ආහාර
* බිත්තර
* කිරි සහ කිරි නිෂ්පාදන
* පරිප්පු, කඩල සහ බෝංචි වර්ග
* වට්ටක්කා ඇට සහ තල ඇට
* සම්පූර්ණ ධාන්‍ය

මේඝා MSN ඇසුරින්

බලන්නකෝ ඒ ලස්සන සිනහව Read Previous

බලන්නකෝ ඒ ලස්සන සිනහව

බලන්නකෝ ඒ ලස්සන සිනහව Read Next

බලන්නකෝ ඒ ලස්සන සිනහව

Realted Post

Leave a comment