සුවයට ඔසු

 

උළුක්කුවදි. 

- බැබිල, සුදු ලුණු තැම්බූ ජලය පානය කරන්න. 

- ආලේපය සඳහා මීතෙල්, ලුණු කැට කුඩු කර මිශ්‍ර කර රත් කර ආලේප කරන්න.

කෙණ්ඩ පෙරළීමකදි 

- ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්න. 

- මීට අමතරව තැඹිලි වතුර, ජීවනී පානය සුදුසුයි.

ආලේපය සඳහා,

- එළඟිතෙල්, අබ තෙල්, ලුණු කැට මිශ්‍ර කර රත් කර රාත්‍රී නින්දට පෙර ආලේප කරන්න. 

ඉරුවාරදය සඳහා,

- බෙලි කොළ තැම්බූ වතුරෙන් හුමාලය අල්ලන්න.

සෙම් ගෙඩි සඳහා. 

- ලුණු දිය කළ ජලය, ගම්මිරිස් කුඩු ,තල තෙල් යන සියලු ද්‍රව්‍ය තේ හැඳි එකක් මිශ්‍ර කර මද උණුසුම්ව  තිබියදී, දිනකට තුන් වරක් කට සෝදන්න. 

මල බද්ධය සඳහා

- දිනපතා රාත්‍රී සියඹලා බොර උණු ජලයෙන් පානය කරන්න. 

අර්ශස් ඇති නොවීම සඳහා. 

- කොහිල දලු, රතුළූණු තම්බා ලුණු ,ගම්මිරිස් මිශ්‍ර කර ආහාරයට ගන්න.

මුත්‍රා දාහය  සහ ගෑස්ට්‍රික් සඳහා. 

- බෙලිකොළ , උඳුපියලිය, ඉරමුසු සමව ගෙන තම්බා පානය කරන්න.

හිස්සොරි සඳහා. 

දෙහි ලෙලි, උළුහාල්, කොහොඹ කොළ, ඇත්තෝර තම්බා ස්නානය කරන්න. 

මව් කිරි වර්ධනයට. 

- කිරිහැන්ද වෑංජනයක් ලෙස ආහාරයට එකතු කරගන්න. පොළොස් කැඳ පානය කරන්න.

හිස්සොරි සහ උකුණන් වඳ කිරීමට.

- ගොඩපර ගෙඩියක් තලාගෙන එම යුෂ ගල්වා පැයකට පමණ පසු ස්නානය කරන්න. 

- කොහොඹ මල් අඹරා හිසේ තවරා පැය එක හමාරකින් පමණ පසු ස්නානය කරන්න.

 

හිසකෙස් වැටීම පැලීම වැළැක්වීමට. 

- තිප්පිලි , සහිඳ ලුණු, නිල්ඇවරිය, අරළු සමව ගෙන ලුණු කැඳ වතුරෙන් අඹරා හිස ගල්වා හොඳින් පිරිමදින්න. 

උඳු ගොව්වන් කෑම වැළැක්වීමට.

- මොනර කුඩුම්බිය පුළුස්සා කොහොඹ තෙලින් දිය කර හිස ගල්වන්න. 


දත් කැක්කුම සඳහා,

- ලුණු වතුරට විනාකිරි මිශ්‍ර කර කට සෝදන්න. 


හිසරදය සඳහා, 

- කුරුඳු පොතු ඇල් වතුරෙන් අඹරා එයට විනාකිරි ස්වල්පයක් මිශ්‍ර කර රෙදි කැබැල්ලක තවරා නළල මත එළන්න. 

 

කන් කැක්කුම සඳහා,

- නික කොළ, සහිඳ ලුණු , සුදු ලූණු කොටා මිරිකාගෙන යුෂ බින්දුවක් කනට දමන්න. (මේ කන් පැස වූ විට කෙරෙන ප්‍රතිකාරයකි).

 

මුහුණේ කුරුළෑවලට ප්‍රතිකාර.

පිරිසිදු කළ කලාඳුරු අලයක් ඇල්දියෙන් ගලගා ආලේප කරන්න.


ආහාර අරුචියට.

- මුරුංගා වෑංජනයක් ලෙස සකස් කර ආහාරයට ගන්න.

 

සටහන- මහේෂානි මීගහපොල.

උපදෙස් 
ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී. 
ආයුර්වේද වෛද්‍ය විමුක්ති ද සොයිසා.

18න් පහළ ආසියානු යොවුන් මළල ක්‍රීඩා ශූරතාවලියෙන් තරුෂි කප් ගසයි Read Previous

18න් පහළ ආසියානු යොවුන් මළල ක්‍රීඩා ශූරතාවලියෙන් තරුෂි කප් ගසයි

සිරිකත ඉදිරිපත් කරන Kitchen Tips - මෙහෙමත් කරලා බලමුද? Read Next

සිරිකත ඉදිරිපත් කරන Kitchen Tips - මෙහෙමත් කරලා බලමුද?

Realted Post

Leave a comment