එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා අගමැතිවරිය හමුවෙයි

අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය  සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) තානාපති Khaled Nasser Al Ameri මහතා අතර හමවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විය.  

මෙම හමුවේදී තානාපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සඳහා මහජනතාවගේ දැඩි කැපවීම පිළිබඳ අගය කළේය. එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන මිත්‍රත්වය පිළිබඳව තමන් ආඩම්බර වන බවත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන නිපුණතාවෙන් සපිරි සහ වෘත්තීමය ශ්‍රී ලාංකිකයන්ගේ සේවය අගය කරන බවද තනාපතිවරයා පැවසීය.

තානාපති කාර්යාලයේ දෙවන ලේකම් Rashed Ali Al Mazrouei, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් මහින්ද ගුණරත්න, විදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදපෙරදිග සහ අප්‍රිකානු අංශයේ අතිරේක ලේකම් යසෝජා කේ ගුණසේකර යන මහත්ම මහත්මීන් සහභාගී විය.

බුද්ධානුභාවයෙන් රන් වූ දෝතළු Read Previous

බුද්ධානුභාවයෙන් රන් වූ දෝතළු

අඳුරු ලප ඉවත් කර පැහැපත් සමකට සත්කාර Read Next

අඳුරු ලප ඉවත් කර පැහැපත් සමකට සත්කාර

Realted Post

Leave a comment